රාසයියා ප්‍රතිපන් යනු තිලිපන්ගේ සැබෑ නමයි. ඒ අනුව මෙරට මාරාන්තික උපවාසයකින් මිය ගිය පළමු හා එකම පුදගලයා වන්නේ මෙම රාසයියා ප්‍රතිපන් හෙවත් තිලිපන්ය. ඔහුට තිලීපන් යන නම ලබා දී තිබෙන්නේ කොටි ත්‍රස්තවාදී සංවිධානය මගිනි. ඒ අනුව රාසයියා ප්‍රතිපන් ජනතාව අතර ප්‍රචලිතව සිටින්නේ කොටි සංවිධානය ලබා දුන් තිලීපන් නාමයෙනි.
ප්‍රතිපන් හෙවත් තිලීපන් උපත ලබන්නේ 1963 වසරේ නොවැම්බර් මස 29 දැයි ඔහුගේ පියා ගුරුවරයෙකු වන අතර වැඩිමල් සොහොයුරන් තිදෙනෙකු තිලීපන්ට සිට ඇති අතර තිලිපන්ගේ මව ඔහුට වයස මාස 03 ක් පමණ වන විට ජිවිතක්ෂයට පත්ව ඇති අතර පසුව තිලිපන්ගේ කුඩා කාලයේදීම දියවැඩියා රෝගයෙන් පිඩා විදි පියාද මිය ගොස් තිබේ. පසුව ඔහු සිය සහෝදරයන් සමග හැදී වැඩි තිබේ.

තිලීපන් යාපනය හින්දු විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර පසුව යාපනය විශ්ව විද්‍යාලයට උසස් අධ්‍යාපනය සදහා ඇතුලත් ව තිබේ. තිලීපන් කොටි සංවිධානය සමග සම්බන්ධ ව කටයුතු කිරීම හේතුවෙන් ඔහුට මෙම අනුවර්ත නාමය ලැබුණු අතරම ඔහු වඩමාරච්චි ප්‍රදේශයේදී ඇතිවූ යුධ ගැටුමක් හේතුවෙන් උදරයට තුවාල සිදුව ඇති බවටද වාර්තා පළවේ.
පසුව කොටි සංවිධනය තිලීපන් යාපනය ප්‍රදේශයේ දේශපාලන අංශ නායකයා ලෙස පත් කොට ඇති අතර එම කාලය තුල කොටි සංවිධානය ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් ඉන්දියාවට සන්දේශයක් භාර දෙන ලදී.
එම ඉල්ලීම් පහ පහත් සදහන් පරිදි හදුනා ගත හැකි වේ.
01. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ රඳවා සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.
02. ''පුනරුත්ථාපනය" මුවාවෙන් දෙමළ ප්‍රදේශවල සිංහල ජනපදකරණය නතර කිරීම.
03. අන්තර්වාර පරිපාලන සභාව පිහිටුවීම තෙක් සියලු "පුනරුත්ථාපන" කටයුතු නතර කිරීම.
04. උතුරු සහ නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථාන ඉදිකිරීම නතර කිරීම.
05. ග්‍රාමාරක්ෂක භටයන් නිරායුධ කිරීම සහ පාසල් සහ විද්‍යාලවලින් හමුදාව/පොලිසිය ඉවත් කර ගැනීම.
යන ඉල්ලීම් පහ කොටි සංවිධානය මගින් එවකට ඉන්දියාව වෙත ඉදිරිපත් කරන ලදී.
මෙසේ සිය ඉල්ලීම් ඉන්දියාවෙන් ඉල්ලා සිටීමට එවකට කොටි සංවිධානය පෙලබෙන්නට ඇත්තේ ශ්‍රී ලංකා රජයට වඩා ඉන්දියාව හරහා මෙම ඉල්ලීම් සිදු කිරීම තුලින් සිය ඉල්ලීම් වලට වැඩි අවධානයක් යොමු වේ යයි සිත විය හැක.
සිය ඉල්ලීම් සදහා ඉන්දියාවට ප්‍රතිචාර දැක්වීමට එහිදී කොටි සංවිධානය ඉන්දියාවට පය 24 ක කාලයක් ලබා දී තිබු අතර ඉන්දියාවෙන් එම ඉල්ලීම් සදහා අවධානයක් තබා ප්‍රතිචාරයක් හෝ නොදැක්වීම විශේෂත්වයක් විය.
ඒ අනුව කොටි සංවිධානයේ ඉල්ලීම් වෙනුවෙන් උපවාසයක් ආරම්භ කරන කොටි සංවිධානයේ එවකට ක්‍රියා කාරී සාමාජිකයෙකු වන තිලීපන් 1987 වසරේ සැප්තැම්බර් 15 දින මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදී.
ඒ යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරි පිටදිය. එම උපවාසය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තිලීපන් එවකට කොටි රුපවාහිනී සේවයක් හරහා දේශනයක්ද පවත්වා තිබේ. ඒ අනුව දින 12 ක් අඛණ්ඩව නිරාහාරව සිටි තිලීපන් 1987 වසරේ සැප්තැම්බර් 26 ජිවිතක්ෂයට පත් විය. පසුව තිලිපන්ගේ දේහය යාපනය විශ්ව විද්‍යාලයට භාරදී ඇති අතර ඔහු කොටි සංවිධානයේ ලුතිනන් කර්නල් වරයෙකු ලෙසට් එම සංවිධානය මගින් පසුකාලීනව ප්‍රකාශයට පත් කරන ලදී.
කෙසේවෙතත් එවකට තිලිපන්ගේ මරණය එවකට උතුර පුරා රාජ්‍ය විරෝධී හා ඉන්දියානු විරෝධී විරෝධතා ඇති වීමට හේතු විය. ඒ අනුව 1988 වසරේදී යාපනය ප්‍රදේශයේ තිලිපන්ගේ පිළිරුවක් ස්ථාපිත කොට ඇති අතර පසුව එය යුධ ගැටුම් හමුවේ විනාශයට පත්ව තිබේ. ඒ අනුව තිලීපන් එවකට කොටි සංවිධානයේ ක්‍රියාකරී සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති අතර මේ දින වල ඔහු සැමරීම සදහා උතුරේ දේශපාලන නියෝජිතයින් වැලි කමින් සිටින අතර එය අද වන විට උතුර උණුසුම් කරමින් තිබේ.