Skip to content

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භුමියෙත් හොරු

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ තිබු නඩුවකට අයත් මෝටර් රථයක කොටස් කිසියම් පුද්ගලයකු ගලවාගෙන ගොස් ඇති බවට එම මෝටර් රථයේ අයිතිකරු කුලියාපිටිය පොලීසියට පැමිණිල්ලක් කරමින් දන්වා ඇතැයි පොලීසිය පවසයි. නාරම්මල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථයක් නඩි භාණ්ඩයක් ලෙසින් අධිකරණ භාරයේ තිබි ඇත. එසේ තිබුන මෝටර් රථයේ කොටස් ගලවාගෙන ගොස් ඇති අතර එම කොටස්වල වටිනාකම රුපියල් 928,000/= බව පොලීසිය පවසයි. මෙම කොටස් ගලවාගෙන ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මේවන තුරු සොයාගෙන නැති අතර ඒ පිළිබඳව පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව කුලියාපිටිය පොලීසිය පවසයි.

Latest