Skip to content

නව ක්‍රමයක් ගේනකම් සුභ සාධන ප්‍රතිලාභ වෙනසක් නැහැ - මුදල් රාජ්‍ය ඇමති

නව ක්‍රමවේදය හදුන්වාදෙන තෙක්, අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්,වකුගඩු රෝගීන් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව පවතිනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත්, ඉදිරියේ දී සියළු ගෙවීම් ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන බැවින්  කඩිනමින් බැංකු ගිණුමක් විවෘත කර එහි තොරතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසයි ප්‍රතිලාභීන්ගෙන් රජය ඉල්ලා සිටින්නේ.

මේ වන විට සමෘද්ධි සහනාධාරය වෙනුවට ආරම්භ අකර තිබෙන අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ඊට දැඩි විරෝධයක් එල්ල වුණේ ප්‍රතිලාභීන් නිසිලෙස හඳුනා නොගැනීම මූලික කරගෙනය.

කෙසේවෙතත් පසුගිය 10 වැනිදා දක්වා අභියාචනා කාලයක්ද ලබා දී තිබුණ අතර එහිදී සැලකිය යුතු අභියාචනා රැසක් ලැබී තිබුණු බවත් ඒවා සම්බන්ධයෙන් නිසි අවධානය යොමුකර වරදක් සිදුව ඇත්නම් එය නිවැරදි කරන බවයි රජය අවධාරණය කර තිබුණේ.

ඒ අනුව මේ දිනවල ප්‍රතිලාභීන් විශාල ප්‍රමාණයක් බැංකු ගිණුම් ආරම්භ කරන තත්ත්වය ක්ද පවතියි.

Latest