Skip to content

තවත් ළමා රෝග ඒකකයක් වැහෙන ලකුණු!

මාස 6ක් සිට වැල්ලවාය මුලික රෝහලට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ. රෝගී දරුවන්ට යන එනමං නෑ..

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහලක් වන වැල්ලවාය මුලික රෝහලේ සේවය කළ  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මිට මාස හයකට පමණ පෙර හදිසියේම සේවය අතහැර  විදෙස්ගතවිම හේතුවෙන් එම රෝහලේ ළමා රෝග ඒකකය වැසී යාමේ අවධානමකට ලක්ව තිබේ.

මෙම වෛද්‍යවරයාගේ සේවය ලබාගැනිමට නොහැකිවු දරුවන්ගේ දෙමව්පියන්ට දැඩි දුෂ්කරතා මධ්‍යයේ විශාල මුදලක් ගෙවා කිලෝමිටර් සිය ගනනක් දුර පිහිටි මොනරාගල හම්බන්තොට ඇඹිලිපිටිය බදුල්ල වැනි රෝහල්කරා යාමට සිදුවි තිබේ .

මෙම හේතුව නිසා වැල්ලවාය, බුත්තල, තනමල්ල්විල, ඇල්ල කොස්ලන්ද යන ප්‍රධාන නගර ආශ්‍රිතව මෙන්ම එම ප්‍රදේශවල පිහිටි ඈත දුෂ්කර ගම්මාන සියගනනක රොගී දරුවන් දැඩිලෙස අසරණ වී සිටිති .

පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ මෙන්ම අධික වියදමක් ගෙවා මෙලෙස දුර බැහැර පිහිටි රෝහල්වලට යාම ට සිදුවිම සම්බන්යෙන් ජනතාව මැසිවිළී නගන අතර කඩිනමින් මෙම රෝහලට විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ සේවය ලබාදෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති .

ස්ථිර වෛද්‍යවරයකු අනුයුක්ත කරන තෙක් තාවකාලිකව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හෝ  විශේෂඥ වෛද්‍යවරියක හෝ  මෙම රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින  රොගී දරුවන්ගේ දෙමව්පියෝ මෙ ගැටලුව සම්බන්යෙන් සෞඛ්‍ය ඇමතිතුමාගේ විශේෂ අවධානය යොමු විය යුතුව ඇතැයි පෙන්වාදෙති.

මේ පිළිබඳ අදහස් දක්වන වැල්ලවාය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි අනුරාධ මංගල මහතා

වැල්ලවාය මුලික රෝහල කියන්නේ ලක්ෂ එක හාමරකට දෙකකට ආසන්න ජනතාවකට රෝගී සත්කාර ලබාදෙන රෝහලක්. වැල්ලවාය බුත්තල කොස්ලන්ද ඇල්ල තණමල්විල යන නගර අගර පිහිටි ප්‍රධානතම රෝහලක්. ඒ වගේම සංචාරක කලාපයක් ආසන්නයේ රෝහලක් . මේ නිසා රෝහල මගින් අනිකුත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතරතුර ළමා රෝගීන් සඳහා විශේෂයෙන්ම සේවය ලබාදීමට වෛද්‍යවරයෙක් සිටිය යුතුයි . රෝහලේ සිටි වෛද්‍ය වරයා විදෙස් ගතවීම නිසා දැනට මාස හයක පමණ සිට අපි දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා . ඒ වගේම අධිකරණ කටයුතුවලදී  සමාජසේවා  මෙන්ම ප්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහන්වලදි වගේම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ක්‍රියත්මක කරනු ලබන ළමා සුභසාධන වැඩවලදී විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ සහය අපට ලබාදිමට නොහැකී වී තිබෙනවා. ඒ හේතුව නිසා දෙමව්පියන්ට විශාල දුරක් ගෙවා බදුල්ල ඇඹිලිපිටිය හම්බන්තොට හෝ මොනරාගල වැනි රෝහල්වලට යන්නට සිදුවි තිබෙනවා. මේ නිසා විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ සේවාවන් පවත්වාගැනිමට  මෙම රෝහලට වෛද්‍ය වරයෙකු ඉතාමත් අවශ්‍ය යැයි කියා සිටියේය.

මොනරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ එම් සී කේ අත්තනායක  මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා පවසා සිටින්නේ

රෝගී සත්කාරය වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය වරුන් ලබාදෙන ලෙස ඉල්ලා ඇතිබවත් දිස්ත්‍රික්කයේ  ඇතැම් රෝහල්වලටද මේ ගැටලුව බලපා ඇති බවත් අමාත්‍යාශයෙන් වෛද්‍යවරුන් ලබාදෙන තුරු මේ තත්වය පවතිනු ඇතිබවත් ය.

Latest