Skip to content

නියඟය නිසා දිස්ත්‍රික්ක 12ක බොන්න වතුර නැහැ!

පවතින නියං කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 12ක් උග්‍ර පානීය ජල ප්‍රශ්නයට මුහුණ දී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  පවසයි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක 12  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට බවුසර් මඟින් ජලය බෙදාහරිමින් තිබෙන බවයි  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ.

මේ හේතුවෙන් පවුල් 48000ක පුද්ගලයින් 156000ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි රණසිංහ මහතා සඳහන් කළේ.

''වෙනත් වසරවල වගේම මේ වසරේත් නියගය ඇවිත්. විෂයන් භාර අමාත්‍යාංශ  මගින් අවශ්‍ය කටයුතු කරනවා. මේ වනවිට පානීය ජලය දිස්ත්‍රික්ක 12ක ප්‍රශ්නයක් තියෙනවා. දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 40ක බවුසර් මගින් ජලය බෙදාහරිනවා.පවුල් 48000 ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්වෙලා. පුද්ගලයින් 156000ට ආසන්න ප්‍රමාණයකට පානීය ජලය බෙදාහැරීම සිදුකරනවා. කාලගුණයෙන් ලබාදෙන තොරතුරු අනුව යහපත්වේවි කියල හිතනවා. මේ අය සෑම වසරකම පානීය ජලය ලබාගන්නා අය. නල ජලය ලැබන අයගෙන් ඉල්ලීම් ඇවිත් නෑ. අපගෙන් කල ඉල්ලීමට අනුව තංගල්ල රෝහලටත් විශේශ ව්‍යාපෘතියක් ලෙස පානීය ජලය ලබාදෙනවා. ඉල්ලීම් කරන ඕන තැනකට පානීය ජලය බෙදාහරිනවා.වියළි කාලගුණයක් තිබෙන අවස්ථාවේ මිනිස්සු කැලෑ විනාශ කරනවා. පහුගිය කාලේ කැලෑ ගිනි තැබීම් 53 ක් වාර්තා වුණා.දඩයම් කිරීම ඇතුලු කාරණාවලට මේක කරන්නේ. බුද්ධි අංශ මගින් මේ පිළිබද හොයාබලනවා. මේ ආකාරයෙන් ගිනි තැබීම මගින් තවත් ජලය හිඟ වෙනවා.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Latest