Skip to content

අධිකරණ සංඝනායක හිමිගෙ මරණය ඝාතනයක් බවට සැකයක්.

හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති මුරුද්දෙනියේ සීලරතන හිමි අභිරහස් ලෙස මියගොස් තිබෙන අතර උන්වහන්සේගේ සිරුර විහාරස්ථානයට පැමිණෙන නාගහමුලකන්ද මාර්ගයේ තිබී ප්‍රදේශවාසීන්ගේ සහය මත පොලීසිය  (12) පෙරවරුවේ සොයාගෙන තිබේ.

මියගිය හිමිනම තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙස කටයුතු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

සිවුර වෙනුවට සරමක් හා ටී ෂර්ට් එකක් ඇඳ තොප්පියක් පැළඳ සිටි හිමිනම රාත්‍රී කාලයේ කවුරුන් හෝ හමුවීමට විහාරස්ථානයෙන් පිටතට ගොස් තිබෙන අතර මෙය ඝාතනයක් බවට පොලීසිය සැක කරයි.

මියගිය හිමිනම 67 ත් හැවිරිදි වියේ පසුවන අතර මළ සිරුර ආසන්නයේ තිබී එළවළු මල්ලක් ද පොලීසිය සොයාගෙන තිබේ.

මෙය ඝාතනයක්ද යන්න සැක සහිත බවත් යමක් ස්ථිරව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බව හතරලියද්ද පොලිසීය පවසයි

Latest