Skip to content

සෞඛ්‍ය සේවයට උපකරණ මිලදී ගැනීම මාෆියාවක් - කෝටි 04ක් වැයකරපු කැතීටරයකුත් ඉවතට

සෞඛ්‍ය සේවයට උපකරණ මිලදී ගැනීම මාෆියාවක් වන අතර ඇතැම් නිලධාරීන්ට සහ විශේෂඥයින්ට අවශ්‍ය ඒවා මිලදී ගැනීමට පමණක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අවධාරණය කරයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ රු. කෝටි 04ක් වැය කළ සම්බන්ධීකරණ කතිටරයක් ද භාවිතයෙන් ඉවත් කර තිබෙන බවයි.

ඒවායේ අවශ්‍යතාවක් නොමැති බව පවසන්නේ මිලදී ගැනීම් අවසන් වූ පසුව බවයි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ.

මේ අතර කුරුණෑගල, හම්බන්තොට, කරාපිටිය, කළුතර, රත්නපුර ඇතුළු රෝහල් දහයක පමණ CT Scan යන්ත්‍ර ක්‍රියා විරහිත වී තිබෙන බවද ඔහු පවසයි.

''රසායනාගාර ගණනාවක හොඳින් වැඩ කරන, කෝටි ගණනක ජීවරාසායන රක්තවේද  ස්වයංක්‍රීය යන්ත්‍ර ප්‍රයෝජනයෙන් ඉවත් කරලා තියනවා.
රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් දන්නේ නෑ කොච්චර උපකරණ වැඩ කරනවද, වැඩ කරන තත්වයේ ඉවත දාපුවා තියනවාද කියලා. ඒවා හොයන්න කෙනෙකුත් නෑ.. සෞඛ්‍ය සේවාවට උපකරණ මිලදී ගැනීම මාෆියාවක්. මිලදී ගන්න විතරයි ඇතැම් නිළධාරීන්ට සහ විශේෂඥයින්ට ඕනෑ. ඒවා ක්‍රියාත්මක කරලා රෝගී සේවාවන් ගෙනියන්න වුවමණාවක් නැහැ. මොකද කමිෂන් ලැබෙන්නේ ගන්නකොට විතරයි. ඒ නිසා ආයේ අයේ උපකරණ ගන්නවා නඩත්තු කරන්නේ නෑ.'' යනුවෙන් කුමුදේශ් මහතා වැඩිදුරටත් කියාසිටියි.

Latest