ලාදුරු රෝගය පැතිර යාමේ ප්‍රවනතාවයක් මෙරට තුළ දක්නට ඇති බව චර්ම රෝග පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන් සදහන් කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඉකුත් 09 වැනිදා පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී ඇත.
මේ වසරේ ගෙවී ගිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ලාදුරු රෝගීන් 127 දෙනෙකු වාර්තා වී ඇත.ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මොරටුව ප්‍රදේශයෙනි.සාමාන්‍ය ආකාරයට මොරටුව ප්‍රදේශයෙන් වසරකට ලාදුරු රෝගීන් 120 ක් පමණ වාර්තා වන බව මෙම සාකච්ඡාවට සහභාගි වූ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහතා සදහන් කරයි.ඒ අතරින් 16% ක් පමණ කුඩා දරුවන් වීමද විශේෂත්වයකි.
මේ වසරේ ගෙවී ගිය මාස 07 ක කාලය තුළදී පමණක් මොරටුව ප්‍රදේශයෙන් ලාදුරු රෝගීන් 51 දෙනෙකු වාර්තා වූ බවත්,ඉන් 08 දෙනෙකු කුඩා දරුවන් බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීණි වෛද්‍ය මංජුලා තිලකරත්න මහත්මිය මෙහිදී පැවසුවාය.අවදානම් කලාපයක් ලෙස හදුනා ගෙන ඇති කොරලවැල්ල ප්‍රදේශයෙන් සැකසහිත රෝගීන් 44 දෙනෙකු අතරින් 03 ක් ස්ථීර ලෙසම ලාදුරු රෝගීන් ලෙස හදුනා ගෙන ඇති බවද ඇය කියා සිටියාය.
ලාදුරු රෝගීන් ලෙස හදුනා ගෙන ඇති පාසල් දරුවන්ව වෙන් කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් සමාජය තුළින් කොන්වීමේ අවදානමක් තිබෙන බැවින් වන නමුත් මෙම තත්ත්වය නිසා අනෙකුත් දරුවන් අතරද රෝගය පැතිර යා හැකි බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.මීට වසර 15 කට පමණ පෙරදී දිඹුලාගල ප්‍රදේශයේ පාසල් දරුවෙකුගෙන් තවත් දරුවෙකුට ලාදුරු රෝගය ආසාධනය වී ඇති බවට හදුනා ගෙන තිබෙන බවද මෙහිදී අනාවරණය වී ඇත.
ලොව ඉතාමත්ම පැරණි රෝගයක් වන ලාදුරු බැක්ටීරියාවක් මගින් පැතිර යන බැවින් තම සිරුරේ සැකසහිත ලද කැළැල් ඇත්නම් කඩිනමින් රජයේ රෝහලක චර්ම රෝග ඒකකයට පැමිණ පරීක්ෂා කිරීම වැදගත් බවද මෙහිදී අනාවරණය විය.