Skip to content

කොවිඩ් පාලන එන්නත් අපේ රටේ නෑ.

කොවිඩ් 19 රෝගය පාලනය කිරීම සදහා භාවිතා කරන කිසිදු වර්ගයක එන්නතක් මේ වන විට අප රට තුළ නොමැති වීම ගැටළුකාරී තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා මෙසේද කියා සිටියේය.

රැකියා හෝ වෙනත් කටයුතු සදහා විදේශ ගත වන පුද්ගලයින් තමන් කොවිඩ් එන්නත් මාත්‍රා 03 ම ලබා ගෙන ඇති බවට වන ඉලෙක්ට්‍රොනික කාඩ් පත මෙරට ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතුයි.එමෙන්ම ඇතැම් රටවල් තිබෙනවා නියමිත පරිදි කොවිඩ් එන්නත ලබා ගෙන නොමැති අයවළුන්ව තමන්ගේ රටට ඇතුළත් කර ගැනීමට කටයුතු නොකරණ.

මේ නිසා දිනකට විශාල පිරිසක් අප හමුවීමට පැමිනෙනවා කොවිඩ් එන්නත ලබා ගත් බවට වන ඉලෙක්ට්‍රෝන සහතිකය ලබා ගන්න.නමුත් බොහෝ දෙනෙකුට එම ඉලෙක්ට්‍රෝන කාඩ් පත නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උදාවී තිබෙනවා.එයට හේතුව වී තිබෙන්නේ මීට වසර කීපයකට පෙර කොවිඩ් පාලනය සදහා වන එන්නත ලබ දීම සිදු කරන ලද්දේ කිසියම් වයස් කාණ්ඩ වල අයට වීමයි.

එමෙන්ම මේ වන විට නව කොවිඩ් ප්‍රබේදයක් බටහිර රටවල් තුළ පැතිර යමින් පවතින බවට හදුනා ගෙන තිබෙනවා.අපේ රටේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වර්තමානයේ ක්‍රියත්මක වන තත්ත්වය ඉතාමත්ම කනගාටු දායකයි.මොකද රෝගය පාලනය කිරීම සදහා එන්නත් නෑ.ඒ වගේමයි අපේ කිසිදු පාලනයක් නෑ.අඩුම තරමින් කොවිඩ් තිබුණාද කියලවත් දැන් අපිට මතක නෑ.මෙම තත්ත්වය නිසා අපේ රට නැවතත් පෙර තිබුණූ තත්ත්වයට ඇද වැටෙන්නට ඉඩ ඇති බවයි කියන්න තියෙන්නේ.

audio-thumbnail
PHI Upul Rohana Cut 20230810
0:00
/1:07

Latest