Skip to content

පිළියන්දල ඩෙංගු රෝගීන් අවම කිරීමට විශේෂ පරීක්ෂාවන් රැසක් ..

මේවනවිට  කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රදේශයන් ලෙස පිළියන්දල, ගොතටුව, කඩුවෙල සහ  මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍යය අංශ සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශය තුළ අඛණ්ඩවම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, රෝගී කාරකයන් බෝවීමට අනුබල දෙන ස්ථාන වල හිමිකරුවන් හට නීත්‍යානුකූලව කටයුතු කරන බවත් පිළියන්දල  සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය සඳහන් කරයි. ඒ බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගය මේ වනවිටත් දැඩි ලෙස වර්ධනය වෙමින් පවතින  බව සෞඛ්‍යය අංශ විසින් අනතුරු අඟවා ඇති පසුබිමකය.  වෛද්‍ය වාර්තා අනුව ඉකුත් සතියේ මෙරට තුළ ඩෙංගු රෝගීන්  1896 දෙනෙකු වාර්තා වී ඇති අතර  ඉන් රෝගීන්  49% පමණ ප්‍රතිශතයක් වාර්තා වී තිබුණේ බස්නාහිර පළාත තුළ වීම විශේෂත්වයක්.

මෙවන් තත්ත්වයක් හමුවේ දූමායන කටයුතු නොකරන්නේ මන්දැයි සෞඛ්‍යය අංශ විසින් බලධාරින්ගෙන් ප්‍රශ්ණ කරයි.

Latest