මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න 50% අඩුව ඇතැයි නාරා ආයතනය පවසයි. අපේ මුහුදු තීරයේ වෙරළේ සිට කිලෝමීටර් 24 දක්වා ප්‍රදේශය නොගැඹුරු මුහුද ලෙස හඳින්වයි. ධීවර කර්මාන්තයේ යෙදෙන මෙරට ධීවරයන්ගෙන් 80% පමණ දෙනා නොගැඹුරු මුහුදේ මත්ශ්‍ය සම්පත නෙලා ගැනිම සීමාවකින් තොරව සිදු කිරීම නිසා මත්ශ්‍යන්ගේ බෝවීමේ අඩුවක් දක්නට ලැබෙන බව කල පරීක්ෂණ මගින් තහවුරු වෙන බවද ඔවුන් පවසයි.
එහෙත් මෙරට වෙරළ තීරයේ සිට කිලෝමීටර් 25 එපිට කිලෝමීටර් 200 ක් දක්වා වු මෙරට මුහුදු සීමාවේ මෙන්ම අන්තර් ජාතික මුහුදේ පවා මත්ශ්‍යන්ගේ අඩුවක් නොදකින බැවින් අවශ්‍ය තරම් මාළු අල්ලා ගත හැකි බව පෙන්වා දෙයි.


