හොලිවුඩයේ විශාලතම සම්මාන රාත්‍රිය වන්නේ "ඔස්කාර්" සම්මාන උළෙලයි. සිනමා සහ ප්රශාංගික කලාව හා සම්බන්ධ අයෙකුට ලැබිය හැකි ලොව ඉහලම සම්මානය මෙය වන අතර "ඔස්කාර්" සම්මානය මුලින්ම හඳුන්වනු ලැබූයේ "ඇකඩමි" සම්මානය ලෙසිනි. මෙය වෙසෙසින්ම චිත්‍රපට කර්මාන්තයේ කලාත්මක සහ තාක්ෂණික කුසලතා සඳහා ප්රදානය කරනු ලබන සම්මානයකි. ලොස් ඇන්ජලීස් නුවර චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය විසින් විනිශ්චයට භාජනය කරනු ලබන සිනමා නිර්මාණ වල විශිෂ්ටත්වය අගයමින් මෙම සම්මාන පිරිනැමීම සිදුකරනු ලබයි.
ඇකඩමි සම්මාන උළෙලක් පළමු වරට පවත්වා ඇත්තේ 1929 මැයි 16 වන දාය. ඒ මීට වසර 94කට කලිනි. ඒ අනුව මෙම ඔස්කාර් සම්මන උළෙල තව අවුරුදු 6කින් එනම් 2029 වසරේදී සිය සියවස් සැමරුම සිදු කිරිමට නියමිතය.
2013 වසර යනු මෙම සම්මාන උළෙලේ සියුම් නමුත් තීරණාත්මක වෙනසක් සිදු කළ වසරකි. වසර 84 ක් අඛන්ඩව පැවති නිල මාතෘකාව සමඟ දිගින් දිගටම රැඳී සිටිනවා වෙනුවට, සංවිධාන කමිටුවේ සාමාජික නීල් මෙරොන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ මෙම සුප්‍රසිද්ධ ත්‍යාගය නැවත සන්නාම ගත කරන බවයි.
"අපි එය '85 වැනි වාර්ෂික ඇකඩමි සම්මාන උළෙල" ලෙස හැඳින්වූයේ නැත, එය යම් තරමක අශික්ෂිත ආකාරයකින් ගිලීහී යන්නට ඉඩදෙනු ලැබිනි. එබැවින් එය මෙතැන් සිට 'ඔස්කාර්' ලෙස හැඳින්වේ," ඔහු පැවසීය.

ඔස්කාර් සම්මාන උළෙලට එම නම ලැබුණේ කෙසේද?
මේ සම්බන්ධයෙන් ජන්ප්‍රිය මත කිහිපයක්ම පවතී. එහෙත් මෙහි වඩාත් ජනප්‍රිය පැහැදිලි කිරීම වන්නේ සාමාන්‍යයෙන් AMPAS ( චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ ) නිලධාරීන් විසින් ඒ පිළිබදව ලබා දෙන පැහැදිලි කිරීමයි. එම පැහැදිලි කිරීමට අනුව මාග්‍රට් හෙරික් නම් ඇකඩමි සම්මාන කමිටුවේ නිත්‍ය සමාජිකාවක විසින් හිස් මුහුණ සහ දැඩි ඇහි බැම සහිත මෙම රන්වන් රූපය දුටු විට ඇය "ඔස්කාර්" යනුවෙන් වරනගමින් විශ්මය පලකර ඇති බවක් කියති.
කෙසේ වෙතත් "ඇකඩමි සම්මානය" සම්බන්ධයෙන් වන මෙම නව යෙදුමේ පළමු ලේඛනගත සාක්ශිය හමුවන්නේ 1934 නිව් යෝර්ක් ඩේලි නිව්ස් පුවත් පතේ තීරු ලිපි රචක "සිඩ්නි ස්කොල්ස්කි" විසින් සම්පාදිත ලිපියකිනි. එහි එක් තැනක කිසියම් හේතුවක් නිසා එම සම්මානයට "ඔස්කාර්" ලෙස සඳහන් කර තිබී ඇත.
"මෙම රන් පිළිමයට අලුත් නමක් දුන් මගේ පළමු ඇකඩමි සම්මාන රාත්‍රිය එයයි. එයට මා "ඔස්කාර්" යැයි කියමි. නමුත් මම එය නීත්‍යානුකූල කිරීමට උත්සාහ කරන්නේ නැත. එම විශේෂිත ඇකඩමි සම්මානය මට අවශ්‍ය වූයේ රන් පිළිම මිනිසෙකු බවට පත් කිරීමටයි." ලෙසින් සිඩ්නි ස්කොල්ස්කි සිය ලියැවිල්ලේ තැනක සදහන් කර තිබේ.
වසර ගණනාවක් පුරා ඔස්කාර් වෙනස් වී ඇත්තේ කෙසේද?
"ඔස්කාර්" ප්‍රතිමාව 1929 දී කුසලතා පිළිබඳ ඇකඩමි සම්මානය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ දා සිට එහි නම හැර වෙනත් සැලකිය යුතු වෙනස් වීමක් සිදුව නොමැත.
සම්මානයෙහි මුල් පිටපතෙහි ඇකඩමියේ ශාඛා පහ නියෝජනය වන පරිදි ස්පෝක් පහක් සහිත චිත්‍රපට රීලයක් මත සිටගෙන සිටින රූපයක් ලෙස දක්නට ලැබුනු නමුත් පළමු උත්සවයට ටික වේලාවකට පෙර ලොස් ඇන්ජලීස් හී මූර්ති ශිල්පීයෙකු වූ "ජෝර්ජ් ස්ටැන්ලි" විසින් ආකෘතියට එක්කොට තිබූ එම රීලය ඉන් ඉවත් කළේය.
පළමු සම්මානය නිමවා තිබුනේ රන් ආලේපිත ඝන ලෝකඩ වලිනි. පසුව එය රන් ආලේපිත ලෝහයෙන් ප්‍රතිස්ථාපනය විය. දෙවන ලෝක සංග්‍රාමයේදී ලෝහ හිඟයක් මතුවීම හේතුවෙන් ඔස්කාර් සම්මානලාභීන්ට වසර තුනක් යන තෙක් "ප්ලාස්ටර්" වලින් නිමවන ලද ප්‍රතිමා ලබා දීමට සිදුව තිබේ.
සම්මානයේ හැඩරුව
කැරට් 24 රන් ආලේපිත ඔස්කාර් ප්‍රතිමාවේ වටිනාකම දල වශයෙන් ඩොලර් 500 කට ආසන්නය. එහෙත් ඇකඩමිය විසින් එහි මිළ නියම කරන්නේ එක් ඩොලරයක් පමණි. එහි උස අඟල් 13.5කි. බර රාත්තල් 8.5 කි. එම සම්මානයක් ලබා ගන්නා සෑම කෙනෙකුම එය කොතරම් බරද යන්න ගැන පුදුම වීම පුදුමයක් නොවේ.
හොලිවුඩයේ විශාලතම සම්මාන රාත්‍රිය වන මෙම ඔස්කාර් සම්මාන උළෙල සඳහා වැය වන මුදල හරියටම කිව නොහැකි වුවත් සමස්තයක් වශයෙන්, 2022 ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඩොලර් මිලියන 42.9 ක් වැය වූ බවට ගනන් බලා තිබේ.
ලොස් ඇන්ජලීස් සඳහා ඔස්කාර් සම්මාන උළෙල යනු අති විශාල ආර්ථික වාසියකි. සම්මාන උළෙලෙන් නගරයට ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 130 කි. මීට අමතරව ඩොලර් මිලියන 120ක දැන්වීම් ආදායමක්ද හිමිවේ.
මේ ලොව ප්‍රකට එම "ඔස්කාර්" සම්මානය මෙතෙක් වැඩි වශයෙන්ම දිනාගත් පුද්ගලයින් හා එම සම්මානයට නිර්දේශ වූවන් පිළිබඳව කෙටි සටහනකි.
ඇන්තනි ක්වින්

මෙක්සිකන් සම්භවයක් සහිත ඇමරිකානුවකු වන Anthony Quinn ඉතා සාර්ථක සහ කීර්තිමත් නළුවෙකි. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, ලේඛකයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ද වන්නේය. "වයිල්ඩ් මේස් ද වින්ඩ්" - (1957) සහ "සෝර්බා ද ග්‍රීක" - (1964) යන චිත්‍රපට වෙනුවෙන් හොඳම නළුවා සඳහා සම්මාන දිනා ගත් අවස්ථා දෙකක් ඇතුළුව තවත් සිව් වතාවක් ඔහු මෙම සම්මනය සදහා නිර්දේශ වී තිබේ. මීට අමතරව ඔහු දෙවරක් හොඳම සහය නළුවාට හිමි සම්මානයටද හිමිකම් කීවේය. ඒ 1952 සහ 1956 වසර වලදීය.
ගැරී කූපර්

Gary Cooper යනු 1920 ගණන්වල සිට 1960 ගණන්වල දක්වා විහිදුණු වෘත්තීය ජීවිතයක් සමඟින් ඔහුගේ අව්‍යාජ රංගන ශෛලිය සඳහා ප්‍රසිද්ධ වූ ජනප්‍රිය නළුවෙකි. ඔහු හොඳම නළුවා සඳහා පස් වතාවක් නිර්දේශ වූ අතර මුළු ඔස්කාර් සම්මාන දෙකක් දිනා ගත්තේය. ඔහු සාජන් යෝර්ක් (1941) සහ හයි නූන් (1936) හි ඔහුගේ භූමිකාවන් සඳහා ජයග්‍රහණය කළේය.
ටොම් හෑන්ක්ස්

Tom Hanks යනු මුල් දශක කිහිපය තුළ අමතක නොවන සහ සම්භාව්‍ය චිත්‍රපට ගනනාවක රඟපා ඇති ඔහුගේ පරම්පරාවේ වඩාත්ම කීර්තිමත් නළුවෙකි. ඔහු ෆිලඩෙල්ෆියා (1993) සහ ෆොරස්ට් ගම්ප් (1994) හි ඔහුගේ භූමිකාව සඳහා පිට පිට ඔස්කාර් සම්මාන දෙකක් දිනා ගත්තේය. Saving Private Ryan (1998), Cast Away (2000), සහ A Beautiful Day in the Neighbourhood (2019) හි ඔහුගේ භූමිකාවන් සඳහා ඔහුට තවත් නාමයෝජනා තුනක් ලැබුණි.
ඩස්ටින් හොෆ්මන්

ඩස්ටින් හොෆ්මන් ඔස්කාර් සම්මාන 2 ක් දිනාගෙන ඇත. නමුත් ඔහුගේ සිනමා ජීවිතය පුරාවටම 7 වතාවක් මෙම සම්මානය සදහා නිර්දේශ වී තිබේ. ඔහු සිය ජයග්‍රහණය සනිටුහන් කල නිර්මාණ අතරට Kramer වර්ස් Kramer (1979) සහ Rain Man (1998) යන සිනමා නිර්මාණ දෙක ඇතුළත් වේ.
ඩෙන්සල් වොෂින්ටන්

කෘතහස්ත සහ කීර්තිමත් නළුවෙකු වන ඩෙන්සල් වොෂින්ටන් මෙම ලැයිස්තුවේ ජයග්‍රහණ දෙකක් සහ සම්පූර්ණ නාමයෝජනා 8 ක් ඇති එකම අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානු පිරිමියා ලෙස පෙනී සිටියි. Glory (1989) සහ Training Day (2001) හි ඔහුගේ විස්මිත රංගනයන් වෙනුවෙන් ඔහු ඔස්කාර් සම්මාන දිනා ගත්තේය.
ස්පෙන්සර් ට්‍රේසි

නළු ස්පෙන්සර් ට්‍රේසිට මුළු නාමයෝජනා 9ක් ඇති අතර ජයග්‍රහණ දෙකක් ඔහුගේ නාමය යටතේ සටහන්ව ඇත. ඔහු Captain Courageous (1937) සහ Boys Town (1938) හි ඔහුගේ භූමිකාවන් සඳහා ඔස්කාර් සම්මාන ලබා ගත්තේය. ඔහු ඇකඩමි සම්මාන සඳහා වැඩිම නිර්දේශිත නළුවා ලෙස දෙවන ස්ථානයේ සිටී.
වෝල්ටර් බ්‍රෙනන්

වෝල්ටර් බ්‍රෙනන් මෙම සම්මනයට පාත්රවීමේ විශේෂත්වය වන්නේ ඔහු නම් කරන ලද ඔස්කාර් සම්මානවලින් සියයට 75 ක්ම දිනාගත් බැවිනි. ඔහුගේ ජයග්‍රහණ අතරට Come and Get It (1936), Kentucky (1938) සහ The Westerner (1940) යන නිර්මාණ ඇතුළත් වේ.
Daniel Day-Lewis

Daniel Day-Lewis 6 වතාවක්ම මෙම සම්මානය සදහා නම් කෙරී ඇති අතර My Left Foot: The Story of Christy Brown (1989), There Will Be Blood (2007) සහ Lincoln (2012) යන නිර්මාණ වෙනුවෙන් සිදුකල ඔහුගේ භූමිකාවන් සදහා මෙම සම්මනය දිනා ගෙන ඇත.
ජැක් නිකල්සන්

ජැක් නිකල්සන් ඔස්කාර් සම්මාන 3ක් දිනාගත් කිහිප දෙනාගෙන් කෙනෙකි. එසේම ඔහු ඔස්කාර් ඉතිහාසයේ වැඩිම නාමයෝජනා ලැබූ නළුවා ලෙසද ශ්‍රේණිගත වී තිබේ.
මූලාශ්‍ර,
https://en.as.com/en/2021/04/24/latest_news/1619231104_905878.html
https://www.youtube.com/watch?app=desktop&v=ipYbxxFLcD4
https://www.newsnationnow.com/entertainment-news/how-much-is-the-oscars-costing-this-year/