Skip to content

යාපනයේ අනතුරකින් මියගිය කාන්තාවන් හදුනාගනියි.

අනතුර සිදුවු ස්ථානය

යාපනය,අල්ලෙපිට්ටි ප්‍රදේශයේදී ඊයේ(01) සවස  සිදුවු අනතුරින් මියගිය කාන්තාවන් දෙදෙනා හදුනාගත් බව යාපනය,කයිට්ස් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යතුරුපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලියින් සිව් දෙනෙකු තුවාල ලැබු බවයි.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් යාපනය,කෝපායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වු නවනීදරාසා නිලක්ෂණා නමැති කාන්තාවක් හා යාපනය,මානිප්පායි ප්‍රදේශයේ පදිංචි කේ.දිව්‍ය නමැති වයස අවුරුදු 31 ක් වන කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබිණ.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසූහ.

මෝටර් රථයේ ගමන්ගත් තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවද පොලිසිය පැවසූහ.

මියගියවූවන්ගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇත.

යතුරුපැදිය හා මෝටර් රථයේ අධික වේගය අනතුරට හේතු වි ඇති බව පොලිසිය සැක පළ කරති.

සිද්ධිය සම්බන්ධයන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Latest