ඉතිහාසයේ විශිෂ්ඨ දර්ශනවාදියකු වශයෙන් සලකන ජර්මන් ජාතික ෆෙඩ්‍රික් විල්හෙල්ම් නීට්ෂේගේ දර්ශනවාදයේ වඩාත් ජනප්‍රිය තෝරාගත් සංකල්ප කිහිපයක් අතරින් මේ සූදානම් වන්නේ වඩාත් ජනප්‍රිය මෙන්ම බොහෝ විද්වතුන් අතර කතාබහට ලක් වූ සංකල්පයක් පිළිබඳව සාකච්ඡා කිරීමටය. එය නම් " බලයට ඇති කැමැත්ත නැතහොත් will to power "
ලෝකයේ ඕනෑම මිනිස් සත්වයකු බලය, ධනය සහ ලිංගිකත්වය පසුපස ප්‍රධාන වශයෙන් හඹා යන බව අප දන්නා කරුණකි. ඉන් ලිංගිකත්වය සහ ධනය ද බොහෝ විට රඳා පවතින්නේ බලය මතය. නැතිනම් බලය ඇතිනම් ධනය මෙන්ම ලිංගිකත්වය ද ලබා ගැනීම අපහසු කටයුත්තක් නොවේ. එපමණක් නොව දේශපාලනය යනු බල අරගලයක් වශයෙන් ද අර්ථ දක්වා ඇති අතර සැබවින්ම දේශපාලනයට පිවිසීම යනු බලයට ඇති කැමැත්තට පිවිසීමක් ද වේ.
ඒ කෙසේ වෙතත් ෆෙඩ්‍රික් විල්හෙල්ම් නීට්ෂේ බලයට ඇති කැමැත්ත නම් ඔහුගේ සංකල්පය තුළ සාකච්ඡා කරන්නේ වෙනස්ම වූ කරුණු කිහිපයක් පිළිබඳව වන බව ද ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතු අතර සැබවින්ම නීට්ෂේ දාර්ශනිකයකු වූ ආතර් ෂොපන්හෝවර් භාවිත කළ ජීවත් වීමට ඇති කැමැත්ත ( will to live ) නම් සංකල්පය වෙනුවට මෙය හඳුන්වා දී ඇත.

නීට්ෂේ පවසන්නේ බලයට ඇති කැමැත්ත පුද්ගලයකුගේ ප්‍රධාන ගාමක බලවේගය වන බවයි. එමෙන්ම බලයට ඇති කැමැත්ත යනු යමක් ජය ගැනීමට දරණ අඛණ්ඩ උත්සාහයක් වශයෙන් ද හඳුන්වා දී ඇති අතර එයින් ඔහු අදහස් කරන්නේ තමන්ට බාධා කරන බාධක ජය ගැනීම සඳහා තමාව ජය ගැනීම යන වගය. බලය පිළිබඳ ආශාව මිනිස් ජීවිතය පිළිබඳ විශේෂිත අර්තකතනයක් නියෝජනය කරන අතර එසේම ඔහු මානව වර්ගයාට බලය පිළිබඳ පැරණි හර පද්ධතියෙන් මිදීමට හැකි බව ද තහවුරු කර ඇත.
" the world is the will to power - and nothing - ලෝකය යනු බලයට ඇති කැමැත්තයි. වෙන කිසිවක් නැත. " ( නීට්ෂේ )
ෆෙඩ්‍රික් නීට්ෂේ ප්‍රංශ - පර්සියානු යුධ සමයේදී වෛද්‍ය නියාමකවරයකු වශයෙන් සේවය කර ඇති බව ද සැලකෙන අතර ඔහු එකල ලද අත්දැකීම් හරහා යුද්ධයේ බිහිසුණු බව මෙන්ම මිනිසා තුළ ඇති යුද්ධය සහ බලය කෙරෙහි වූ ආශාව ද හඳුනාගෙන ඇත. නීට්ෂේ සලකන්නේ බලයට ඇති කැමැත්ත පිළිබඳව විශ්වීය න්‍යායක් ඉදිරිපත් කළ මූලිකම පුද්ගලයකු වශයෙන් වන අතර ඔහු තව දුරටත් දක්වන්නේ මේ ලෝකයේ ඕනෑම මිනිසෙකු හට තමන්‍ට ආවේණික වූ වටිනාකම් නොමැති බවය. ඔහුට අනුව මිනිසුන් යනු කොල්ලකාරී සත්ව කොට්ඨාසයකි.
" ඉතිහාසය මෙතරම් ප්‍රචණ්ඩ කර ඇත්තේ මත ගැටුමක් නොව මතවල විශ්වාස ගැටුමයි. එනම් විශ්වාසයන්ගේ ගැටුමයි " ( නීට්ෂේ )

නීට්ෂේ විසින් පෙන්වා දුන් බලයට ඇති කැමැත්ත හෙවත් will to power සංකල්පය ඔහුගේ Beyond good and evil කෘතිය හරහා පැහැදිලි කරන අතර නීට්ෂේ මූලික වශයෙන් සැලකිලිමත් වී ඇත්තේ අන් අය කෙරෙහි නොව තමා කෙරෙහි අණ කිරීම හෝ බලය යෙදවීමයි. බලයට ඇති කැමැත්ත යනු බාධාවන් සමග ගැටීමේදී ප්‍රකාශවන අඛණ්ඩ පැවැත්මේ සහ උත්සහයේ ගතික බලවේගයයි. එය ස්වයං අවබෝධයේ ප්‍රකාශනයක් යැයි ද නීට්ෂේ පෙන්වා දී ඇත.
ඔහු තව දුරටත් බලය සියලු පුද්ගලයින් තුළ දක්නට ලැබෙන විවිධ අරමුණු කරා යොමුකළ හැකි අතාර්තික බලවේගයක් ලෙස දකින අතර ඔහු බලයට ඇති කැමැත්ත විස්තර කරන්නේ බලය ප්‍රසාරණය කිරීම සඳහා ඇතිවන සහජ බුද්ධිය ලෙසය. ඔහු ඒ ආශ්‍රයෙන් ජීවිතය තේරුම් ගන්නේ බලය සුරැකීමට සහ වැඩි දියුණු කිරීමට ඇති ආශාව අනුවය. බලයට ඇති කැමැත්ත ජීවිතයේ සාරයයි යනුවෙන් පවසන නීට්ෂේ මෙලෙසද සඳහන් කරයි.
" මගේ අදහස නම් සෑම නිශ්චිත ශරීරයක් ම සියළු අවකාශයේ ප්‍රධානියා වීමට සහ එහි බලය ( බලයට එහි ඇති කැමැත්ත ) දිගු කිරීමට සහ එහි දිගුවට ප්‍රතිරෝධය දක්වන සියල්ල පසු පසට තල්ලු කිරීමට උත්සාහ කරන බවයි ".
නීට්ෂේ සිය සංකල්පය තුළ තර්ක කරන්නේ අපි අනෙකුත් මිනිසුන්ට ප්‍රතිලාභ ලබා දීමෙන් සහ ඔවුන්ට රිදවීමෙන් ඔවුන් කෙරෙහි බලය ක්‍රියාත්මක කරන බවයි. බලයට ඇති කැමැත්ත හොඳ හෝ නරක නැත. එය සෑම කෙනෙකු තුළම දැකගත හැකි මූලික ආවේගයක් වන අතර එය විවිධ ආකාරවලින් ද ප්‍රකාශ වේ. නීට්ෂේ එසේ පවසන නමුත් ඔහු බලය ලුහුබැඳීම සම්බන්ධයෙන් පෙනී සිටින්නේ නැත. ඒ වෙනුවට බලයට ඇති කැමැත්ත නිර්මාණාත්මක ක්‍රියාකාරකම් බවට පත් කිරීම ඔහු ප්‍රශංසා කරයි. ඔහු තව දුරටත් විශ්වාස කරන්නේ බලයට ඇති කැමැත්ත විශ්වය පුරා ක්‍රියාත්මක වන මූලික මූළධර්මයක් විය හැකි බවය.
" life itself is will to power " ( නීට්ෂේ )
නීට්ෂේට අනුව ලෝකය කිසි විටෙකත් ස්ථාවර තත්වයක නොපවතින අතර ලෝකයෙ පුරා ප්‍රතිරෝධයන් සහ ආනති දක්නට ඇත. මූලික වශයෙන් ප්‍රතිරෝධයන් සහ ආනති ගැටුම් පිළිබඳව ඔහු අවධානය යොමුකරන අතර බලයට ඇති කැමැත්ත යනු පාරභෞතික එකමුතුවක් විශේෂිත ස්වරූපයන් ප්‍රකාශ කිරීමක් නොවේ. නීට්ෂේ තව දුරටත් සතුට මඟින් ජීවිතය මැනීම ප්‍රතික්ෂේප කරන අතර මන්ද බලයට ඇති කැමැත්තේ ව්‍යුහය පෙන්නුම් කරන්නේ අතෘප්තිය සහ අප්‍රසාදය ජය ගැනීමට කලයුතු කාර්යයක් වන නිසාය. මේ අනුව කිසියම් පුද්ගලයකුගේ අතෘප්තිය යනු බලයට ඇති කැමැත්තට උත්තේජනයක් සපයන්නකි.
නීට්ෂේ තර්ක කරන්නේ බලය යනු ජීවිතයේ අවසාන සහ එකම ඉලක්කය වන අතර බලයට ඇති කැමැත්ත මිනිසුන් අභිප්‍රේරණය කරන බවයි. බලය සඳහා පුද්ගලයකුට ඇති කැමැත්ත සැබෑ නිදහසේ සහ නිර්මාණශීලීතවයේ එකම මූලාශ්‍රය වේ. එය වැළඳගෙන වගා කළ යුතුය. බලයට ඇති කැමැත්ත අවසානයේ පුද්ගලයා සහ සමාජයේ බාහිර බලවේග අතර අරගලයක් බවත් පුද්ගලයා පැවැත්ම සඳහා ශක්තිමත්ව සිටිය යුතු බවත් බලය සඳහා උත්සාහ කළ යුතු බවත් නීට්ෂේ නම් මේ මහා දාර්ශනිකයාගේ අදහසයි.
බලයට පුද්ගලයකු සතු කැමැත්ත පිළිබඳව ඔහු කරුණු රාශියක් දක්වන අතර ඒ පිළිබඳව තව දුරටත් විමසා බලන්නේ නම් බලයට ඇති කැමැත්ත මිනිසුන් තම ඉලක්ක කරා ළඟා වීමට සහ සාර්ථකත්වය සඳහා උත්සාහ කිරීමට පොළඹවන මූලික තල්ලුවක් බවට නීට්ෂේ තර්ක කරයි. ඔහුගේ තවත් තර්කයක් වන්නේ සමාජය යනු බලයට ඇති කැමැත්තේ සාමූහික ප්‍රකාශනයක් බවයි.
නීට්ෂේ බලයට ඇති කැමැත්ත සදාචාරාත්මක මූලධර්මයක් ලෙස නොසලකන අතර මිනිසුන් තම බලයට ඇති කැමැත්ත සම්මත හෝ සදාචාරාත්මක මූළධර්මයක් ලෙස අනුගමනය කල යුත්තේ මන්දැයි ඔහු කිසිම අවස්ථාවක සිය සංකල්පය තුළ පැහැදිලි නොකරන ලදී. එහෙත් බලයට ඇති කැමැත්ත මිනිස් හැසිරීම්වලට බලපාන බව ඔහු කීවේය. බලය සඳහා ඇති කැමැත්ත යනු බලය ලබා ගැනීමට සහ කෙනෙකුගේ ජීවිතය සහ පරිසරය පාලනය කිරීමට ඇති සහජ මානව අවශ්‍යතාවයකි. මෙම අවශ්‍යතාව මිනිස් හැසිරීම් පිටුපස ඇති ගාමක බලවේගයක් බවට ඔහු තර්ක කලේය.

නීට්ෂේගේ දේශපාලන සන්දර්භය තුළ ආධිපත්‍ය දැරූ චරිතය ඔටෝ වොන් බිස්මාර්ක් වූ අතර බිස්මාර්ක් ප්‍රෂියානු දේශපාලනයේ වැදගත් චරිතයක් ලෙස ඉතිහාසය සලකයි. සාමකාමී යුරෝපයක් තුළ ජර්මනියේ ස්ථාවර දේශපාලන තත්වයක් පවත්වා ගැනීම සඳහා බිස්මාර්ක් දක්ෂ ලෙස බල තුනනය භාවිත කළ බව ද ඉතිහාසය කියයි.


නූතන දේශපාලන දර්ශනයේ පියා වන මැකියාවේලී ඔහුගේ ලෝක ප්‍රසිද්ධ කෘතියවන ද ප්‍රින්ස් හරහා කියා සිටියේ බලය සෙවීමේදී පාලකයා ඉතා වේගයෙන් ක්‍රියා කළ යුතු අතර මෙන්ම කපටි විය යුතුය යන වගය. ඉදිං දොන් ඩොම්බොව්ස්කි පවසන්නේ මැකියාවේලිගේ මෙම අදහස් නීට්ෂේගේ සංකල්පය කෙරෙහි බලපා ඇති බවය. කෙසේ නමුත් නීට්ෂේ බලය කෙරෙහි මිනිසාගේ ආශප්තවීම් නිවැරදිව වටහා ගත් බවත්, මාක්ස්ට හෝ ෆ්‍රොයිඩ්ට වඩා බලය ඉදිරියේ මානව හැසිරීම් පිළිබඳ වඩාත් පුළුල් සහ වඩාත් පිළිගත හැකි පැහැදිලි කිරීමක් නිට්ෂේ ඉදිරිපත් කල බවත් විද්වතුන් පොදුවේ පිළිගන්නා කරුණකි.