දිනෙන් දින වැසි තත්වය නොමැති කම නිසාම මා ඔයෙහි ජල මට්ටමද පහල ගොස් ඇති අතර මේ වන විට මා ඔයෙහි විශාල වශයෙන් ජලය අඩු වි ඇත.
මධ්‍යම කදුකරයේ අසුපිණි ඇල්ලෙන් ආරම්භ වි අරණායක, මාවනැල්ල, රඹුක්කන හරහා මා ඔය මහ මුහුද දක්වා ගලා යන්නේ පානිය ජල අවශ්‍යතා මෙන්ම බොහෝ මානව අවශ්‍යතා සතා සිවුපාවන්ගේ අවශ්‍යතාවයන්ටද විශාල සේවයක් කරමිනි. රජයේ ආයතන කර්මාන්ත ශාලා පින්නවල අලි අනාතගාරය පවා මා ඔයෙහි ජලය ප්‍රයෝජනයට ගනි.
මා ඔයෙහි ජල මට්ටම පහල ගොස් ඇති මෙම ජායාරූප අද 10 අප ලබා ගත්තේ මාවනැල්ල ගඩොල් පාලම අසලිනි.
විශාල වශයෙන් දෛනිකව ජනතාව මා ඔයෙහි ජලය බීමට නෑමට භාවිතා කරන අතර මේ වන විට බොහෝ නාන තොටුපලවල් වල වෙනදා මෙන් ජලය නොමැති කම නිසා ජනතාව මා ඔයෙහි ජලය වැඩි වශයෙන් පවතින ස්ථාන ඒ සඳහා යොදා ගන්නා අතර සතියේ නිවාඩු දින වල විශාල වශයෙන් මා ඔයෙහි දිය නෑමට පිරිස් පැමිණෙති.
පසුගිය මැයි මාසයේදි මා ඔය ආරම්භ වන අසුපිණි ඇල්ල ප්‍රධාන දිය ඇල්ල උපයෝගි කරගෙන අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතා අයිතියට පත් කොට පවුල් 52,300 කට ආවරණය වන පරිදි 169,000 ක පමණ ජනතාවකට පිරිසිදු සහ සුරක්ෂිත පිනීය නළ ජලය පහසුකම් ලබා දීමට විවෘත කර අතර මෙ මගින් නව ජල සබඳතා 25,200 ලබා දීමටද සැලසුම් කර ඇත.
මෙ නිසාද නියගය පවතින විට මා ඔයෙහි ජල මට්ටම අඩු විමට බලපෑමක් වි ඇත. මීටත් වඩා මා ඔය දෙපස කිසිදු රක්ෂිත කොටසක් සුරක්ෂිත නොකිරීම සහ මා ඔය ආරම්භ වන රක්ෂිත කැලයේ ගස් කොළන් දවසින් දවස දැව ජාවාරම්කරුවන්ගේ ග්‍රහනයට ලක් විම සහ වැලි ජවාරම වැඩි වි නිසාම මා ඔයෙහි ජලය මීට අවුරුදු 10 ක කිලින් පැවතුණ මට්ටමට වඩා පහල ගොස් ඇති බව අප කර විමසීමකදි කරුණු දැක්වු මා ඔය කුඩා ඔය සුරකිමේ සංවිධානයේ සභාපති ගාමිණි ඇටම්පාවල මහතා පැවසීය.
වසර ගණනාවක් තිස්සේ මා ඔය රැක ගැනීම වෙනුවෙන් නාම පුවරු පවා ප්‍රදර්ශනය කරත් ඒවා ජවාරම්කරුවන් ගලවා දැමු බවත් ජනතාව කොතෙකේ දැනුවත් කරත් මා ඔයෙහි නෑමට පැමිණෙන සහ විනෝද විමට පැමිණෙන පිරිස් එහි පොලිතින් මත්ද්‍රව්‍ය පානය කර දිරාපත් නොවන බියර් ටින්, විදුරු ප්ලාස්ටික් දමා යෑම නිසාද මා ඔය දවසින් දවස විනාශ වන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
