Skip to content

උප නගරාධිපතිට හොදට නෙළලා..!

අවන්හලදී සිදුවී ඇති පහර දීමකින් තුවාල ලබා ඇති පුත්තලම නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

11 වෙනිදා රාත්‍රී 8.30 ට පමණ මෙම පහර දීම සිදුවී ඇත.

පහර කෑම හේතුවෙන් රෝහලේ ගත කර ඇත්තේ සුසන්ත පුෂ්පකුමාර නම් අයෙකුවය. හෙතෙම පුත්තලම - කුරුණෑගල පාර පදිංචිකරුවෙකි.

නගර සභාවේ හිටපු උපනගරාධිපතිවරයා තවත් පිරිසක් සමග 11 වෙනිදා රාත්‍රීයේ පුත්තලම - කුරුණෑගල මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේ පිහිටි අවන්හලකට ගොස් ඇත. එහිදී දෙපිරිසක් අතර ඇති වී ඇති බහින් බස්වීමකින් අනතුරුව පහර දීම සිදුවී ඇති බව පොලීසිය කියයි.

රෝහල් ගත කර සිටින හිටපු උප නගරාධිපතිවරයාගේ හිසට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest