Skip to content

‍භාවිතා නොකරන ගිණුම් ගැන බලන්නේ වසර දෙකයි.

Google  සමාගම කියයි...

වසර දෙකක කාලයක් තුළ පුරනය වී හෝ භාවිතා කර නොමැති ඕනෑම Google ගිණුමක් අක්‍රිය වූවා සේ සළකා එම ගිණුම් හා එහි ඇති ඕනෑම අන්තර්ගතයක් 2023 දෙසැම්බර් 1 සිට සිය ජාලයෙන් ඉවත් කිරීමට Google සමාගම විසින් තීරණය කොට තිබේ.

Google හී ගිණුමක් පවත්වාගෙන යන ඕනෑම පරිශීලකයෙකු විසින් සිය Google ගිණුමේ වසර දෙකක් අක්‍රියව සිට ඇත්නම් හෝ වසර දෙකකට වැඩි කාලයක් කිසිදු Google සේවාවකට පුරනය වීමට එම ගිණුම භාවිතා කර නොමැති නම් මිස එසේ නොවන ගිණුම් වෙත මෙම වෙනස්කම් බලනොපානු ඇත.

කිසියම් ගිණුමක් එසේ අක්‍රිය ලෙස සලකනු ලැබුවහොත් අදාල ක්‍රියාමාර්ග ගැනීමට පෙර අදාල ගිණුම් හිමියාගේ ඊමේල් ලිපිනයට හා ඔහුගේ ප්‍රතිසාධන ඊමේල් ( සපයා ඇත්නම් ) යන දෙකටම මතක් කිරීමේ ඊමේල් කිහිපයක්ම යොමු කෙරෙනු ඇති. මෙම සිහිකැඳවීම් ඊමේල් ලැබුනු පසු අදාල ගිණුම් හිමියාට යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අවම වශයෙන් මාස 8ක පමණ කාලයක් ලැබෙනු ඇත.

Google ගිණුමක් මකා දැමීමෙන් පසු, නව Google ගිණුමක් නිර්මාණය කිරීමේදී මකා දැමූ ගිණුම සඳහා Gmail ලිපිනය නැවත භාවිතා කළ නොහැක.

මේ බව Google හී ගිණුම් හිමි සියළුම පරිශීලකයින් හට ඊ-මේල් මගින් දැනුවත් කිරීමට Google සමාගම විසින් කටයුතු කර තිබේ.

Latest