Skip to content

සංචාරක ව්‍යාපාරයේ ඇත්ත කථාව.

මෙරට විදේශ සංචිත වැඩි කිරීම සදහා සංචාරක ව්‍යාපාරය දැඩි ලෙස පිටුවහල් වන බව නොරහසකි. නමුත් අවසානවකට සංචාරක ව්‍යාපරය සහ ඉන් ලැබිය හැකි ආදායම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ඇස්තමේන්තු වල නිර්වද්‍යතාවය පිළිබවද වඩාත් සැළකිලිමත් විය යුතු බව Publicfinance සදහන් කරයි.

2018 වසරේ මෙරට සංචාරක ව්‍යාපාරයන් වාර්තා වී ඇති ඉහළම ආදායම ඩොලර් බිලියන 4.4 කි.එම ආදායම 219 වසරේදී ඩොලර් බිලියන 3.6 දක්වා පහත වැටී ඇත.සංචාරක ව්‍යාපාරයෙන් අප රටට ලැබෙන ආදායම මේ ආකාරයට කඩා වැටීමට හේතු 03 ක් බලපා ඇති බව Publicfinance නිකුත් කර ඇති වාර්තාවක සටහන් වේ.

1.2019 වසරේදී මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් මිලියන 1.91 ක ප්‍රමාණයක් පමණි.

2.එසේ පැමිණි සංචාරකයින් මෙරට රැදී සිට ඇත්‍තේ උපරීම දින 10.4 ක කාලයක් පමණි.

3.දිනකදී එක් විදේශ සංචාරකයෙකු මෙරටදී වියදම් කර ඇත්තේ ඩොලර් 181.23 ක මුදලක් පමණි.

මෙම තොරතුරු Publicfinance ලබා ගෙන ඇත්තේ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් ආපසු පිටව යාමේදී  කටුනායක ගුවන් තොටුපලේ ඇති තොරතුරු ගවේෂණය කිරීමෙන් අනතුරුවය.එම තොරතුරු වලින් නොනැවතී ඇති Publicfinance අන්තර් ජාලය උපයෝගී කරගෙනද මෙරටට පැමිණි විදේශීය සංචාරකයින්ගේ දෛනික වියදම සම්බන්ධයෙන් සොයා බලා ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එක් සංචාරකයෙක් දිනකට මෙරටදී වියදම් කර ඇත්තේ ඩොලර් 181.23 ක් පමණ වන මුදලක් බවය.

මෙරටට පැමිනෙන සංචාරකයින්ට වැඩිම මුදලක් වැය වන්නේ නවාතැන් ගැනීම සදහාය.සාමාන්‍ය ආකාරයට මෙරටදී විදේශීය යුවලකට නවාතැන් ගැනීම සදහා දිනකට ඩොලර් 362 ක පමණ මුදලක් වැය වන්නේය.2012 සිට 2019 දක්වා මෙරටට පැමිණ ඇති විදේශීය සංචාරකයින්ගෙන් 52% ක් සංචාරක හෝටල් වලද,11% ක් තරු පන්ති හෝටල් වලද නවාතැන් ගෙන ඇත.මෙහිදී අප අමතක නොකළ යුත් වන්නේ තරු පන්ති හෝටල් වලදී විදේශීය සංචාරකයින්ගෙන් සුපිරි මිලක් අය කරණ බවය.සෙසු සංචාරකයින් නවාතැන් ගෙන ඇත්තේ සාමාන්‍ය නවාතැම් පළවල් වලය.එම ස්ථාන වලදී සංචාරකයින්ගෙන් සුපිරි මිලක් අය කරන්නේ නැත.

සංචාරකයින් විසින් සිදු කරන වියදම් සම්බන්ධයෙන් කලාපයේ  සෙසු රටවල් හා සංසදනය කරන විට ශ්‍රී ලංකාවේදී සිදු කරන වියදම වැඩි අගයක් ගෙන ඇති බවක් දක්නට ඇත.ඉන්දුනීසියාව,වියට්නාමය,ඉන්දියාව,නේපාලය වැනි රටවල් අනුව බලන කළ මෙම තත්ත්වය අධි තක්සේරුවක් බවද Publicfinance තම වාර්තවේ සදහන් කර ඇත.

මෑත කාලයේ ලබා ගෙන ඇති දත්ත අනුව 2023 වසරේ ජනවාරි මාසය සදහා සංචාරකයින් 82,327 ක් මෙරටට පැමිනෙන බවට මහා බැංකුව පුරෝකතනය කර ඇත. එමගින් ඩොලර් මිලියන 268 ක මුදලක් මෙරටට ලැබෙන බවටද ඇස්තමේන්තු කර ඇත.මහා බැංකුවේ ඇස්තමේන්තුවට අනුව විදේශීය සංචාරකයෙකු මෙරටදී එක් දිනකට ඩොලර් 325 බැගින් දින 10 කදී ඩොලර් 3255 ක් වැය කරණ බවටද බලාපොරොත්තුවක් තබා ගෙන සිට ඇත.

Latest