Skip to content

වෙඩි වැදී සිටි "අග්බෝ"ට ප්‍රතිකාර කිරීම ආරම්භයි.

අනුරාධපුරය - කලවැව ප්‍රදේශයේ වනන්තර වල ජීවත් වන "අග්බෝ" නමින් හදුන්වන ඇතාට ප්‍රතිකාර කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව වන ජීවී දෙපාර්තමේන්තුවේ පණ්ඩුගලම පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් සදහන් කරයි.

පසු පාදයකට වෙඩි උණ්ඩ 05 ක් වැදී ඇති අග්බෝ ඇතා පසුගිය දිනවල ඇවිද ගොස් ඇත්තේ පාද තුනකිනි.ආහාර සොයා ගැනීම සදහා වනාන්තර වල ඇවිද යාමට නොහැකි තත්ත්වයේ පසුවන මේ ඇතාගේ ජීවිතය අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව පරිසරවේදීන් මාධ්‍යයන් මගින් පසුගිය දිනවල පෙන්වා දුන්නේය.

වහාම ක්‍රියාත්මක වී ඇති වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් ඉකුත් 03 වෙනිදා "අග්බෝ" සෙයා මෙහෙයුමක් ආරම්භ කරන ලදි.තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතුන්ගම - උලල්ගම වැවේ "අග්බෝ" රැදී සිටින බවට වන ජීවී නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇත.එම ස්ථානයට ගොස් ඇති පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් "අග්බෝ"ට ප්‍රතිකාර කිරීමට සුදානම් වී ඇත.නමුත් ඇතා වන ජීවී නිලධාරීන් පසුපස හඹා ගොස් ඇති බව කියති.

04 වැනිදා සවස නැවත "අග්බෝ" සොයා ගිය කණ්ඩායමට එම සතාව සොයා ගැනීමට හැකිවී ඇත.ඒ අනුව 05 වෙනිදා අළුයම් කාලයේ සිට අග්බෝට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි.

"අග්බෝ" යනු මෙරට සිටින මහේෂාක්‍ය ලීලාවෙන් වැජබෙන එක් ඇතෙකු බව පරිසරවේදීන් කියා සිටී.

Latest