සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගන්නෝරුව පශු පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමිවරිය මුදල් භාර ගැනීමට අදාළ රිසිට් පත් වල මිල ගණන් පරිගණක ගත කිරීමේ දී ව්‍යාජ ගණන් ඇතුළත් කරමින් වසර ගණනාවක් තිස්සේ රුපියල් ලක්ෂ 150 කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ආයතනය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ක් ඉදිරිපත් කර තිබේ.
අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින්ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරමින් ගංගා ජිනරතන නැමැති මුදල් අයකැමිවරියගේ සේවය තාවකාලිව අත්හිටුවීමටද පියවර ගෙන ඇත.
සතුන් මෙන්ම සත්ත්ව ආහාර ආනයනයේදී මෙන්ම අපනයනයේදීද සියලුම පරීක්ෂණ වාර්තා ලබාගත යුත්තේ පශු පර්යේෂණ ආයතනයෙනි. ඒ සඳහා වන සියලු ගෙවීම් භාර ගැනීම සිදු කරනු ලැබ ඇත්තේ මෙම නිලධාරිනිය විසිනි.
වර්ෂ 2018 සිට මේ දක්වා වසර පහක් වැනි කාලයක දී මෙම වංචාව සිදුකර තිබෙන බවට දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිව ඇත.
පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයද සතුන් හා සත්ත්ව ආහාර ආනනයේදී හා අපනයනයේදී ගෙවීම් සිදුකර මෙම ස්ථානයෙන් වාර්තා ලබා ගැනීම අනිවාර්ය කටයුත්තකි. මෙයට අමතරව මධ්‍යම කුකුළු පර්යේෂණායතනයෙන් දිනක් වයැසැති කුකුළු පැටවුන් මිලට ගන්නා අවස්ථාවේදීද මුදල් ගෙවීම් සිදුකළ යුතු වන්නේ පශු පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමි වෙතය. කුකුළු පැටවුන් අදාළ ස්ථානයෙන් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ මුදල් ගෙවූ බවට මුදල් අයකැමි නිකුත් කරන රිසිට් පත් පෙන්වීමෙන් පසුවය.
තවද විවිධ රෝග හේතුවෙන් මරණයට පත්වන අලි ඇතුන් ඇතුළු වන සතුන්,සුරතල් සතුන් සම්බන්ධ පරීක්ෂණ වාර්තාද නිකුත් කරනු ලබන්නේ මෙම ස්ථානයෙනි.
සුනඛයෙකු සම්බන්ධ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට පැමිණි පශු වෛද්‍යවරයෙකු රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ඒ සඳහා ගෙවීම් කර තිබෙන අතර අදාළ වාර්තාව අස්ථාන ගතවීම නිසා සුළු කාලයකට පසු ඔහු යළි පැමිණ එහි පිටපතක් ඉල්ලූ අවස්ථාවේ එම ගෙවූ මුදල වෙනුවට ගිණුම් වල රුපියල් දසදහසකට වඩා අඩු මුදලක් ඇතුළත්ව තිබෙන බව නිරීක්ෂණය වී ඇත.
ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ පාරිභෝගිකයා වෙත නිකුත් කරන රිසිට් පතේ සඳහන් මිලට වඩා වෙනස් අඩු මිල ගණන් පරිගණක ගත කරමින් ඇය අදාළ වංචාව කලක පටන් සිදුකර තිබෙන බවයි.
මෙම නිලධාරිනිය කලක් අදාළ ආයතනයේම කාර්යාල කාර්ය සහායිකාවක ලෙස සේවය කර තිබෙන අතර පසුව විභාග වලට පෙනී සිට කළමනාකරණ සහකාර පත්වීමක් ලබා එම ස්ථානයේම අයකැමි ලෙස පත්වීම් ලබන්නට ඇය සමත්ව ඇත.
සුළු සේවිකයෙකු ලෙස කටයුතු කළ අයෙකු විභාග සමත්ව උසස් තනතුරක් සඳහා සුදුසුකම් සපිරූවිට එම පුද්ගලයාට අදාළ සේවා ස්ථානයේම ඉහළ රැකියාවක් ලබා නොදෙන තත්ත්වයක් තුළ මෙම සේවිකාව පශු පර්යේෂණ ආයතනයේම අයකැමි ලෙස පත්ව තිබෙන බව ද එම නිලධාරිනිය භාවිතා කරන්නේ ඉතා මිල අධික සුඛෝපභෝගී වාහනයක් බවටද සේවකයෝ චෝදනා කරති.
මේ සම්බන්ධව පශු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ හේමාල් කොතලාවල මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ තමන්ට ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
පසුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මියගෙන් කළ විමසීමක දී ඇය පැවසුවේ වංචාවක් සම්බන්ධයෙන් මුදල් අයකැමි වෙත චෝදනාවක් එල්ල වී තිබෙන බවත් ඒ සම්බන්ධව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ආයතන මට්ටමින් පරීක්ෂණයක් කරන බවත්ය.
සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේනතුව සතුව අභ්‍යන්තර විගණන ඒකකයක් පවතින එමගින් මෙන්ම රජයේ විගණන අංශ මගින් ද වසර ගණනාවක් තිස්සේ මෙම අයතනය විගණනයට ලක්ව නොමැත.