තුන්වන ලෝක යුද්ධයක් ඇති වුණොත් එය කොයි වගේ වේවි ද? අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ ගැන. ඊට කලින් පොඩ්ඩක් ආපස්සට හැරිලා බලමු. ඔබත් මමත් පැහැදිලිවම දන්නා කාරණාවක් තමයි මිනිස් ප්‍රජාව ඉතිහාසයේ ලෝක යුද්ධ දෙකකට මුහුණ දීල තිබෙනවා කියන එක. පළමු ලෝක යුද්ධය 1914 -1918 කාල වකවානුව වගේ වෙනකනුත් දෙවන ලෝක යුද්ධය 1939 -1945 කාල සීමාව දක්වාත් පැවතුණා කියන්න අපි දන්නවා. යුද්ධයක් කියන්නේ මොන තරම් කර්කශ දෙයක් ද කියලා මම හිතන්නේ අපි බොහොමයක් දෙනාට අවබෝධයක් නැහැ. ලංකාවෙත් සිවිල් යුද්ධයක් පැවතුණානෙ. අපි ඒ කාලෙ පාසල් යන ළමයි. අපිට මතක තිබුණ එකම දේ පාසලට යද්දි පොත් බෑග් පරීක්‍ෂා කරන එක විතරයි. මේක අතුරු කථාවක් උනත් කියල ඉන්නම්. යුද්ධෙ කාලෙ අපේ පාසලේ උන එක විශේෂ සිදුවීමක්. අපේ විදුහල්පතිට නිර්නාමික දුරකථන ඇමතුමක් ඇවිත් තිබුනා පාසලේ බෝම්බයක් තියෙනව කියල. ඉතින් උන දේ තමයි ළමයින්ව පිට්ටනියට ගෙන්නවල ආරක්‍ෂක අංශ මැදිහත් වෙලා පන්ති කාමර පරීක්‍ෂා කරපු එක. අපේ වචනයෙන් කියනවනන් අපිට ඒවගෙ බරක් පතලක් නැහැ, මාරම ආතල්. සෙල්ලන් කරනවා සින්දු කියනවා.. අන්තිමේදී තහවුරු උණා පාසලේ බෝම්බයක් තිබ්බේ නැහැ කියල.
මාතෘකාවෙන් පිට පැන්න එකට පොඩ්ඩක් සමාවෙන්න. ලෝක යුද්ධයක කෲරත්වය මොන වගේද කියල අවබෝධයක් ගන්න මම මීට කලින් ලියපු ලිපියක් පහතින් අමුණන්නම්. පුලුවන්නම් ඒ ෆිල්ම් එකත් හොයාගෙන බලන්න. ඔයාලට තේරේවි ඒ කාලෙ මිනිස්සු; දෙවෙනි ලෝක යුද්ධ කාලෙ විශේෂයෙන්ම යුදෙව්වො කොච්චර අරගලයක් කලා ද කියල ජීවත්වෙන්න. කුඩා දරුවො වැසිකිළි වලවල් ඇතුලේ පවා හැංගිලා ඉඳල තියෙනව තමන්ගෙ ජීවිතේ වෙනුවෙන්. ෆිල්ම් එකේ නම "Schindler's List"

තුන්වන යුධ සංග්‍රාමයක් නම් ඇති නොවෙන්න කියන එක අපේ ප්‍රාර්ථනය උනාට අපි දන්නෙ නැහැ මේ තියෙන තත්වය කොහෙන් පිපිරෙයි ද කියල. රුසියාව යුක්‍රේනය එක්ක යුද්ධෙක පැටලිලා ඉන්නව. ඒ අතරවාරෙ උතුරු කොරියාවත් ප්‍රබල බැලස්ටික් මිසයිලයක් ටික දවසකට කලින් අත්හදා බැලුව. එහෙන් ඇමරිකාව කලබල වෙලා ඉන්නව එයාලගෙ නගර වලට attack කරන්න පෙර සූදානම් ද මේ උතුරු කොරියාව කරන්නෙ කියල.
කොහොම නමුත් විශේෂඥයින් පෙරයීම් කරල තියෙනව අපිට අනාගතයෙදි සම්පත් සීමිත වෙන එකත් එක්ක ලොකු අරගලයක් කරන්න වෙයි කියල. දේශගුණික විපර්‍යාස කොයිතරම් නම් වේගෙකින් ඇතිවීගෙන යනවද? ගොඩක් වෙලාවට අපට පානීය ජල මූලාශ්‍ර වෙනුවෙන් ඉදිරියෙදී fight කරන්න වෙයි. එක පැත්තකින් ඛනිජ සම්පත් ක්‍ෂය වී ගෙන යනවා. නමුත් ඒකට මිනිසුන් මේ වෙද්දි විකල්ප ක්‍රමෝපායන් වැඩිදියුණු කරන නිසා ජලය පරිභෝජනයත් ඉතුරු වෙලා තියෙන සීමිත ජල මූලාශ්‍ර ටික රැක ගන්නත් යුද්ධ කරන්න වෙන්න පුලුවන්. එහෙම උනොත් අනාගත යුධ ක්‍රමෝපායන් මොන වගේ වේවිද කියලා අවබෝධයක් ගන්න බලමු.
සාමාන්‍ය මිනිස්සු සොල්දාදුවන් විදිහට බඳව ගන්නවට වඩා රොබෝවරු යුධ කටයුතු වලට ආදේශ කරන්න ලොකු ඉඩක් තියෙනවා. මම මේ කියන්නේ මගේ මනෝභාවයක් නෙවෙයි, ලෝකෙ මේ වෙද්දි ඒ දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් පවතින නිසා. පහළ තියෙන මේ ලිපිය කියවලා බලන්න.

සිංගප්පූරු පොලීසිය රොබෝලව මේ වෙද්දී මුර සංචාර යවනවා. අනාගතයෙදි විනාශ කරන්න අමාරු මූලද්‍රව්‍ය වලින් AI වලින් බලගැන්වුණු අවි ආයුධ හැසිරවීමේ මනා හැකියාවක් ඇති රොබෝල යුධ පිටියට බැස්සොත් විනාශ කරන එක නම් ලේසි වෙන එකක් නැහැ. හැඟීම් දැනීම් නැති ආහාර හෝ වෙනත් අවශ්‍යතා නැති රොබෝලට පැවරෙන එකම කාර්‍ය තමන් ව programme කරල තියෙන විදිහට සතුරාව කොයි විදිහකින් හෝ විනාශ කිරීම විතරයි. ඉතින් ඒක සිදු නොවේවි කියලා අපට කියන්න පුලුවන් ද?


AI වල දායකත්වය මේ වගේ තත්වයක් උඩදී මොන විදිහට බලපාවිද කියලා පෙරයීම් කරන කොටත් පොඩි තිගැස්මක් ඇති වෙනවා. යුධමය අවස්ථාවන් වල තීරණ ගැනීමේ හොඳම ආධාරක මෙවලමක් විදිහට AI තාක්‍ෂණය ඉදිරියෙදි භාවිත වෙන්න වැඩි ඉඩක් තියෙනව. මිනිසෙක්ට වඩා විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කරන්නත් අවස්ථානුකූලව ගන්න තියෙන හොඳම තීරණයට යොමු වෙන්නත් වගේම ස්වයංක්‍රීයව අවි ආයුධ හසුරුවන හැකියාවත් කෘතිම බුද්ධිය මගින් ලබා දෙන්න බැරි වෙන එකක් නැහැ. දැනටමත් අපි අත්දකිමින් ඉන්නවානෙ AI අපේ පාලනයෙනුත් තොර තැනකට තල්ලු වෙන ඉක්මන.
මිසයිල තාක්‍ෂණය එහි හිනිපෙත්තටම යන්නටත් තුන්වන ලෝක යුද්ධයක් ඇති වුණොත් ඒවා ක්‍රියාත්මක කරන්නටත් තියෙන ඉඩ බොහොම වැඩියි. රේඩාර් වලට හසු නොවෙන විදිහටත් GPS වගේ තාක්‍ෂණයක වෙනමම අතුරු මුහුණතකිනුත් විතරක් නෙවෙයි ඉලක්කය වගේම වේගය අතින් ගත්තහම වඩාත් කාර්‍යක්‍ෂම කිරීම් ඇතිවෙන්නත් පුලුවන්කම තිබෙනව. න්‍යෂ්ටික හැකියාවන් අතින් ගත්තහමත් ලොකු බලපෑමක් ඇති කරන්න මේවාට බැරිවෙන එකක් නැහැ.

සයිබර් ප්‍රහාරයනුත් අපට බොහොම සුලබව දැක ගන්න පුලුවන්කම තිබේවි ඉදිරි ලෝක යුධ තත්වයක් ඇති වුණොත්. මොකද තහවුරු කර ගන්න තරමක් අපහසු වුනත් උතුරු කොරියාව වගේ රටවල් තමන් ගේ මිසයිල අත්හදා බැලීම් කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගන්නේ ක්‍රිප්ටෝ කරන්සි හැකින් වගේ ක්‍රමවේද හරහා. වර්තමාන තත්වය එහෙම වුණත් අනාගතයේදී සයිබර් ප්‍රහාර බොහොම ලොකු පරාසයක් දක්වා විහිදෙන්න වැඩි ඉඩක් තියෙනවා. විරුද්ධවාදී රටක මූල්‍යය පද්ධතිය අකර්මන්‍ය කරනවා කියන්නෙමත් ඒ රටට මරු පහරක්. පරිගණක ජාල වෙත අනවසරයෙන් ඇතුල් වීම, වටිනා ආරක්‍ෂක දත්ත සොරා ගැනීමේ ඉඳන් විරුද්ධවාදීන් ගේ ඩ්‍රෝන යානා පාලනය, ආරක්‍ෂක කැමරා පද්ධතීන් වලට ඇතුල්වීම වගේ කාරණා සුලබව සිදු වෙන්නත් පුලුවන්. මේකෙ තිබෙන තවත් භයානක පැතිකඩක් තමයි දුරස්ථවත් නිර්ණාමිකවත් මෙම ප්‍රහාරයන් දියත් කිරීමට පුලුවන් කම තිබීම. භෞතික ගැටුමකට මැදිහත් නොවී ජාල පද්ධතියක් සියතට ගැනීමෙන් පමණක් රටක් තවත් රටක් ආක්‍රමණය නොකරාවි ද කියන තර්කය මම ඔබ වෙතට යොමු කරනව.

අධෝරක්ත කිරණ සහ ලේසර් භාවිතා කරමින් ආයුධ නිපදවීමද මේ වන විටත් පර්‍යේෂණ මට්ටමින් මදක් ඔබ්බට ගොස් ඇති තාක්‍ෂණයක් වී හමාරයි. අපැහැදිලි ආලෝක අවස්ථාවන් වල වගේම සතුරු ඉලක්ක හරි හැටි නොපෙනෙන තත්වයන් උඩදී (උදාහරණයක් විදිහට අපි හිතමු පාරදෘශ්‍ය යුධ ඇඳුම් වාහන වගේ නිපදවීමේ තාක්‍ෂණයක් දියුණු වුනු කාලෙක) ලේසර් / අධෝරක්ත කිරණ නිකුත් කිරීමේ ආයුධ කියන්නේ සතුරාව මර්ධනයෙහි ලා බොහොම වාසිසහගත උපක්‍රමයක් වෙන්න පුලුවන්. වැඩිදියුණු කරන ලද මිසයිල, අධෝරක්ත කිරණ හරහා හඳුනා ගැනීමටත් ලේසර් කදම්භ භාවිතයෙන් ඒවා විනාශ කිරීමටත් උවමනා තාක්‍ෂණය ඉදිරි කාලෙකදි වැඩි දියුණු වෙන්න පුලුවන්.
තාක්‍ෂණය අතින් අපි හිණිපෙත්තටම ගියත් ඒ සොයාගැනීම් යුධමය තත්වයන් සඳහා භාවිතා කරන එක නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මානුශීය පදනමක ඉඳන් අපි මෙහෙම කිව්වත් ප්‍රබල රටවල් ඒ අත්හදා බැලීම්වත් නව සොයාගැනීම් වත් සිදු කරන එක නතර කරන එකකුත් නැහැ. අපි ඉන්නේ බොහොම සුවපහසු කලාපයක කියල කෙනෙක් හිතනවනම් ඒක යථාර්තය නෙවෙයි. ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේශගුණික විපර්‍යාස, තව පැත්තකින් කොයි වෙලාවෙ ද ඇවිලෙන්නේ කියල බලාගෙන ඉන්න ලෝක බලවතුන්.. මේ හැම ඝට්ටනයකම බොහොම පුන්චි ඉත්තෙක් විතරක් වේවි මේ හෝමෝසේපියන් කියන ජීවියා කවදමහරි දවසක. දැනුම වෙනුවෙන් මේ කරුණු අවධාරණයේ තියාගන්න. නමුත් වඩා හොඳ ලෝකයක්; සියලුම ජීවීන්ට පැවතෙන්න පුලුවන් තැනක් විදිහට පෘථිවිය පවත්වාගෙන යාමේ සුභවාදී ආකල්පය සාක්‍ෂාත් කරන්න අපි පුලුවන් උපරිමයෙන් කැපවෙමුයි ඉල්ලීමක් කරමින් සටහන නිමා කරනවා.