Skip to content

යාපනයට ගිය ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකවරයා.

ස්විස්ටර්ලන්තයේ ආරක්ෂක උපදේශක කර්නල් ගැරොක්ස් ප්‍රැන්සිස් ෆිලිප් උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වන අවස්තාවේදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේද නිරීක්ෂනයක නිරත විය.

එහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි මහතා හමු වූ ආරක්ෂක උපදේශක වරයා අතර විශේෂ සාකච්ඡාවක්ද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවත්වුණි.

මෙම සාකච්ඡාවේදී යාපනය දිස්ත්‍රීක්කයේ යුදහමුදාව විසින් සිදුකරනු ලබන සවර්ධන වැඩසටහන් මෙන්ම සිවිල් ජනතාව සමග සුහදව කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවද පුලුල් ලෙස සාකච්ඡාවක නිරත වූ අතර යුදහමුදාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකවරයා විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාට ප්‍රසාදය පලකොට සිටියේය.

Latest