Skip to content

අනුරාධපුර සිට වවුනියාව දක්වා නවතා ඇති දුම්රිය ගමන් ජුලි 15 වැනිදා නැවත ආරම්භ කරයි.

අනුරාධපුරය සිට වවුනියාව දක්වා වර්තමානයේ නවතා දමා ඇති දුම්රිය ගමන් සේවා ජුලි 15 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් පවසයි.

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇමරිකානු ඩොලර් මිලියන 91.7ක ඉන්දීය රජයේ ණය ආධාර යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය සිට වවුනියාව දක්වා දුම්රිය ගමන් සේවා ජනවාරි මස සිට තාවකාලිකව නවතා දැමිණ.

උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා පමණක් දුම්රිය ධාවනය වන අතර, වවුනියාව සිට යාපනය දක්වා එක් කාර්යාල දුම්රියක් පමණක් දැනට ධාවනය කරන ලබයි.

අනුරාධපුරය සිට වවුනියාව දක්වා පළමු අදියර යටතේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන අතර, පළමු අදියරේදී දුම්රිය මාර්ගයේ කිලෝමීටර 51 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව පැයට කිලෝමීටර 120 ක වේගයෙන් අදාළ සීමාවේ දුම්රිය ධාවනය කිරීමට හැකි බවද දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු භාර ඉංජිනේරුවන් සඳහන් කළහ.

Latest