Skip to content

රුපියලේ ශක්තිමත් වීම තාවකාලිකයි - ආර් ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි

රුපියලේ නැගීම තාවකාලික වන අතර මේ වසර අවසාන වන විට රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය රු. 350ක් පමණ දක්වා වැඩි වනු ඇති බවට ආර් ථික විශ්ලේෂකයින් අනාවැකි පළකර තිබෙන බව බ්ලුම්බර් ග් වෙබ් අඩවිය පවසයි.

ලොව මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියද රට තුළ ආනයන සීමා ලිහිල් කිරීමත් ණය ගෙවීම් ආපසු ආරම්භ කිරීමත් සමඟ අනාගතයේදී ඉතාමත් දුෂ්කර තත්ත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවයි එම වෙබ් අඩවිය පෙන්වාදෙන්නේ.

කෙසේවෙතත් මේ වන විට පසුගිය කාලයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙමින් තිබෙන අතර එය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 1.4%කින් ශක්තිමත් වීමක් බවයි දැක්වෙන්නේ.

රට තුළට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාම මෙන්ම බැඳුම්කර වෙළෙඳපොළ ගණුදෙනු ඉහළ යාම හේතුවෙන් මෙලෙස රුපියල ශක්තිමත් වෙමින් තිබේ.

එහි ප්‍රතිලාභ විවිධ අයුරින ලැබෙමින් තිබෙන අතර එළඹෙන 16 වැනිදින සිට ඖෂධ මිල පවා 16%කින් පහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව යකඩ මිලද 50%කින් පමණ පහළ ගොස් තිබේ.

Latest