රජය විසින් ආරම්භ කර පවත්වා ගෙන යන ව්‍යාපෘති මහා පරිමාණ වුවත්,ඒවා සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබා දී ඇත්තේ කුඩා පරිමාණයෙන් බව වෙරිටේ රිසර්ච් විසිදු සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී ඇත.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනතේ 9 වන කොටසට අනුව කිසියම් යටිතල පහසුකම් ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කරන්නේ නම් එම තොරතුරු ප්‍රසිද්ධ කිරීම විෂය බාර ඇමතිවරයාගේ කාර්යකි.එම ව්‍යාපෘතිය විදේශීය නම් ඒ සදහා ඩොලර් 10,000 කට වැඩි සහ දේශීයව නම් ඒ සදහා රුපියල් ලක්ෂ 05 කට වැඩි නම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මාස 03 කට පෙර සියළුම තොරතුරු ප්‍රසිද්ධ කළ යුතු වේ.ව්‍යාපෘතියේ විස්තර,ක්‍රියාත්මක කිරීමේ පදනම,ප්‍රතිලාභීන්,අය - වැය ඇතුළත් මුල්‍ය තොරතුරු,අනුමැතිය සහ අවසර ලබා ගැනීමේ විස්තර මෙන්ම,ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත් යන කරුණු එහිදී ප්‍රසිද්ධ කළ යුතුම වන්නේය.

ආරම්භ කර පවත්වා ගෙන යන ව්‍යාපෘති වල තොරතුරු මාර්ගගතව ප්‍රසිද්ධ කර ඇති ප්‍රමාණය සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩි අවදානයක් යොමු කර ඇත.එහිදී ඔවුන් 2019 සිට 2022 දක්වා වන කාලය තුළ මෙරට ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතීන් 60 ක් සම්බන්ධයෙන් තම අවධානය යොමු කර ඇත.මෙම ව්‍යාපෘති සදහා දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් මිලියන 2,543 ක මුදලක් වෙන් කර තිබී ඇත.


එම ව්‍යපෘති අතරින් 2022 වසර තුළ 82% ක් මාර්ගගතව ප්‍රසිද්ධ කර නොමැති අතර,2023 වසර තුළ මාර්ගගතව ප්‍රසිද්ධ කර නොමැති ප්‍රමාණය 75% කි.

සිංහල සහ දමිළ භාෂාවන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවට තොරතුරු දැන ගැනීමේ පනතේ දක්වා ඇති නමුත් වැඩි ඉඩකඩක් වෙන් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාව සදහාය.2022 වසරේදී ප්‍රසිද්ධ කර ඇති තොරතුරු අතරින් 4% ක් භාෂා ත්‍රිත්වයටම අයත් වේ.ඉංග්‍රීසි භාෂාව සදහා 18% ක්ද,සිංහල භාෂාව සදහා 5% ක් සහ දමිළ භාෂාව සදහා 4% ක් වශයෙන් වෙන් කර ඇත.2023 වසරේදී 7% ක් භාෂා ත්‍රිත්වය සදහාම වෙන් කර ඇත.ඒ අනුව ඉංග්‍රිසි භාෂාව සදහා 25% ක්ද, සිංහල සහ දමිල භාෂාවන් සදහා 8% බැගින්ද වෙන් කර ඇත.

මේ අතර,දේශීය අරමුදල් වලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල තොරතුරු ජනතාවගෙන් සැගවීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවද වෙරිටේ රිසර්ච් අනාවරණය කරගෙන ඇත.2022 සහ 2023 වසරයන් හී විදේශීය අරමුදල් මත මෙරට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතීන් අතරින් 73% ක් සහ 69% පිළිවෙලින් ප්‍රසිද්ධ කර නැත.දේශීය අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතීන් අතරින් 2022 සහ 2023 වසර වළ පිළිවෙලින් 85% ක් සහ 79% ක්ද මහජනතාව සදහා ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් විසින් කරන ලද තොරතුරු සොයා බැලීමකදී අනාවරණය වී ඇත.