Skip to content

Ocean Gate ඛේදවාචකයේ තිරය පිටුපස කතාව

2023 ජුනි 18 වන දින, කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් වූ උතුරු අත්ලාන්තික් සාගරයේ ජාත්‍යන්තර මුහුද සීමාව අසලදී ඕෂන් ගේට් සමාගම මගින් ක්‍රියාත්මක වූ ගිල්විය හැකි නෞකාවක් (Submersible) වන ටයිටන් අතුරුදහන් විය. Ocean Gate සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් සහ තවත් පුද්ගලයින් හතර දෙනෙකු සමඟ ටයිටන් යාත්‍රාව RMS ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරක ගවේෂණයක යෙදී සිටියේදි මෙම අනතුර සිදු විය. යාත්‍රාවේ ඇති ඇස්තමේන්තුගත දින තුනක ඔක්සිජන් සැපයුම හේතුවෙන්, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සහ කැනඩාවේ වෙරළාරක්ෂක බලකාය විසින් යාත්‍රාවේ සිටි පුද්ගලයින් ගලවා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ අතර එය අසාර්ථක විය. ජූනි 22 වැනි දින යාත්‍රාවේ සුන්බුන් පිළිබඳ සාක්ෂි මතුවීමෙන් පසු යාත්‍රාව ගැඹුරු සාගරයේ පුපුරා ගිය බවත් එයින් කිසිවෙකු දිවි ගලවා ගත්තේ නැති බවට ඛේදජනක නිගමනයකට එළඹුණි.

මෙහි හරියටම සිදුවූයේ කුමක්ද?

මෙයින් අපට ඉගෙන ගත හැකි දේ කුමක්ද?

ටයිටන් යාත්‍රාව ක්‍රියාත්මක කරන සමාගම ගැන මුලින්ම අප අවධානය යොමු කළ යුතුය. Ocean Gate Incorporated යනු සංචාරක කර්මාන්තය සහ පර්යේෂණ සහ ගවේෂණ සඳහා යාත්‍රා ලබා දෙන වොෂින්ටන් හි එවරෙට් නගරයේ සිට ක්‍රියාත්මක වන පුද්ගලිකව පවත්වාගෙන යන එක්සත් ජනපද සමාගමකි. මෙම සමාගම 2009 දී ස්ටොක්ටන් රෂ් සහ ගිලර්මෝ සොලන් විසින් ආරම්භ කරන ලදී. ස්ටොක්ටන් රෂ්ගේ අරමුණ වූයේ ගගනගාමියෙකු වීමටය. ඔහුට වාණිජ ගුවන් නියමු බලපත්‍රය ලැබුණත්, ඇස් පෙනීම දුර්වල වීම නිසා ඔහුට කිසිදා හමුදා නියමුවෙක් විමට නොහැකි විය. එම නිසා ඔහු සැන් ෆ්රැන්සිස්කෝ සිට සියැටල් වෙත ගොස් මැක්ඩොනලඩ් ඩග්ලස් ආයතනයේ F-15 ඊගල් උපායශීලී ප්රහාරක ගුවන් යානය සඳහා පියාසර පරීක්ෂණ ඉංජිනේරුවෙකු ලෙස සේවය කළේය.

ස්ටොක්ටන් රෂ්

2004 දී මොහාවි කාන්තාරයේ ස්පේශ්ශිප් වන් (Spaceship One) යානය දියත් කිරීමට සහභාගී වීමෙන් පසුව, සංචාරකයෙකු ලෙස අභ්‍යවකාශයට යාමට ඔහුට අවශ්‍ය නැති බව ඔහු තීරණය කළේය. ඉන්පසු ඔහු මුහුද යට ගවේෂණයට ඔහුගේ අවධානය යොමු කළේය. ඔහු විවාහ වී සිටියේ මෙහි කතාවට සම්බන්ධ වන ටයිටැනික් නෞකාව ගිලී යාමෙන් සැබවින්ම මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකු වන ඉසිඩෝර් සහ අයිඩා ස්ට්‍රෝස්ගෙන් පැවත එන වෙන්ඩි රෂ් සමඟ ය. 1912 දී උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය කිරීම සඳහා සිදු කෙරූ සංචාරක ගවේෂණයේදී මෙම ඛේදජනක සිදුවීම සිදු විය. මෙම විශේෂිත ඛේදවාචකයේ ගැන සාකච්ඡා කිරීමට පෙර ගැඹුරු මුහුද කෙතරම් දුෂ්කරද යන්න අප තේරුම් ගත යුතුය.

වෙන්ඩි රෂ්, ඉසිඩෝර් සහ අයිඩා ස්ට්‍රෝස්

ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදීම සහ වාතය හරහා පියාසර කිරීම විශාල ජයග්‍රහණයක් ලෙස පෙනෙන නිසා ගුවන් සේවා සහ අභ්‍යවකාශ ගවේෂණ පිළිබඳ අප සියලු දෙනා විශ්මයට පත් වේ. නමුත් බොහෝ ආකාරවලින් ගැඹුරු මුහුදේ යාත්‍රා කිරීම ඊටත් වඩාත් විශාල ඉංජිනේරු අභියෝගයකි. ඒ සියල්ල පීඩනය (Pressure) මගින් තීරණය වේ.  පීඩනය යනු අපට ඉහළින්, අභ්‍යවකාශයට ළඟා වන වායු තීරුවේ ප්‍රතිඵලයකි. අපට ඉහළින් ඇති සියලුම අණු පහළට තල්ලු වීමෙන් එම පීඩනය ඇති වේ. නමුත් ජලය යනු වාතයට වඩා ඝන ද්‍රවයකි. එබැවින් ඔබ කිමිදෙන සෑම මීටර් 10 ක් එනම් අඩි 32.8 ක් සඳහා පීඩනය එක් වායුගෝලයකින් (Atmosphere) හෝ 14.7 PSI කින් වැඩි වේ. ටයිටැනික් නෞකාව මුහුදු මට්ටමේ සිට අඩි 12,500ක් පමණ පහළින් සාගර පත්ලේ පිහිටා ඇත. නැවේ කැඩී ගිය කොටස් දෙක වන දුන්න (Bow) සහ අන්තය (Stern) අඩි 2600 කට වඩා දුරින් පිහිටා ඇති අතර වසර 100 කට වැඩි කාලයක් සාගර පතුලේ තිබීමෙන් පසු එය සුන්බුන් වලින් වට වී ඇත. මෙම සුන්බුන් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට සැතපුම් 400 ක් දුරින් පිහිටා ඇත.

අඩි 1×1 පුවරුවක් ඔබේ පපුව මත තබා ඇති ආකාරය සහ ඔබට එම පුවරුව මත කොපමණ බරක් දැනේවිද කියා සිතන්න.

මීටර් 100ක දී අපට වායුගෝල 10ක හෝ PSI (Pound Per Square Inch) 145ක පීඩනයක් ඇත. ඒ කියන්නේ අපගේ පපුව මත ඇති අඩි 1×1 පුවරුව මත රාත්තල් 20 880ක බරක් දැනේ.

නිව් යෝර්ක්හි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උස හා සමාන වන මීටර් 381ක දී වායුගෝල 37.4 ක පීඩනයක් දැනෙන අතර අපගේ පපුව මත ඇති අඩි 1×1 පුවරුව මත රාත්තල් 80 000 ක බරක් දැනේ.

එක්සත් ජනපද නාවික හමුදාවේ සී පන්තියේ සබ්මැරීනයේ උපරිම කිමිදුම් ගැඹුර මීටර් 490කි. මෙහිදී අපට වායුගෝල 48.5 ක පීඩනයක් දැනෙන අතර අපගේ පපුව මත ඇති අඩි 1×1 පුවරුව මත රාත්තල් 94 800 ක බරක් දැනේ.

Burj Khalifa හි උස හා සමාන වන මීටර් 828ක දී  අපට වායුගෝල 82 ක් පීඩනයක් දැනෙන අතර අපගේ පපුව මත ඇති අඩි 1×1 පුවරුව මත රාත්තල් 173 520 ක බරක් දැනේ. මෙය දැනට ක්‍රියාත්මක වන ගැඹුරුම කිමිදුම් සබ්මැරීනය වන රුසියානු නාවික හමුදාවේ ඔස්කාර් පන්තියේ සබ්මැරීනයට සමාන ගැඹුරකි.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් මීටර් 3800ක ගැඹුරින් පිහිටුවා ඇත. මෙහි පීඩනය වායුගෝල 376 ක් වන අතර අපගේ පපුව මත ඇති අඩි 1×1 පුවරුවේ මත රාත්තල් 797,000 බරක් දැනේ.

Ocean Gate සමාගමේ ටයිටන් යාත්‍රාව මීටර් 4000 ක් පමණ විශාල කිමිදුම් ගැඹුරක් සඳහා ශ්‍රේණිගත කර ඇත. දැන් එය විශාල දෙයක් බවක් පෙනෙන්නට ඇත. නමුත් ඇත්ත වශයෙන්ම මිනිසා විසින් සිදු කෙරූ ගැඹුරුම මුහුදු ගවේශණය සඳහා වූ වාර්තාව එය නොවේ. එම ගෞරවය ජේම්ස් කැමරන් සහ 2012 දී ඕස්ට්‍රේලියාවේ ඉදිකරන ලද "Deep Sea Challenger" යාත්‍රාව හට හිමි වේ. Deep Sea Challenger යාත්‍රාව පැසිෆික් සාගරයේ මරියානා ආගාධයේ ගැඹුරුම කොටස වෙත ළඟා විය. එය පෘථිවියේ ගැඹුරුම ස්ථානය වේ. එහි ගැඹුර මීටර් 11,000 එසේත් නැති නම් අඩි 36,000ක් වේ. මෙහිදී අපට වායුගෝල 1090 ක පීඩනයක් දැනෙන අතර අපගේ පපුව මත ඇති අඩි 1×1 පුවරුව මත රාත්තල් මිලියන 2.3 ක් බරක් දැනේ.

ජේම්ස් කැමරන් සහ Deep Sea Challenger යාත්‍රාව

මෙය අඩි 36,000 ක උන්නතාංශයක (Altitude) පියාසර කරන ගුවන් යානයක පීඩනයේ වෙනස සමඟ සසඳන්න. එහි පිටත පීඩනය PSI 3 ක් විය හැකි අතර එහි ඇතුළත PSI 10 හෝ PSI 12ක් පමණ වේ. සාගරවල ගැඹුරුම කොටස් වලට යෑම වෙනුවට මිනිසුන් වැඩි පිරිසක් අභ්‍යවකාශයට ගොස් ඇත්තේ මන්ද යන්න ඔබට දැන් තේරුම් ගත හැකිය.

දැන් අපි Ocean Gate සමාගම පිළිබඳ තිබූ අනතුරු සංඥා (Red Flags) ගැන කතා කරමු.

ටයිටන් යාත්‍රාවේ සැලසුම් සීමාවන් සඳහා හැච් එක පිටත සිට බෝල්ට් 17 සිට 18 දක්වා බෝල්ට් කිරීමට අවශ්‍ය විය. මෙයින් අදහස් කරන්නේ ඇතුළත සිටින මගීන්ට හැච් එක විවෘත කිරීමට ක්‍රමයක් නොමැති බවත්, එය විවෘත කිරීමට ඔවුන්ට ගොඩබිම් කාර්ය මණ්ඩලය මත විශ්වාසය තැබීමට සිදුවන බවත්ය. මෙයින් අප තේරුම් ගත යුත්තේ මෙම ගැඹුරු මුහුදේ යාත්‍රා ඇදහිය නොහැකි තරම් තද විය යුතුය. ඒවා ඉතා ශක්තිමත් විය යුතුය. ජල මුද්‍රා (Water Seals) තබා ගත යුතුය. ඒ සියල්ල සංකීර්ණ වේ. නමුත් මම හිතන්නේ හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වීමට උපස්ථ පද්ධති (Backup Systems) තිබීම සහ යම් ආකාරයක යාත්‍රාවේ දොරෙහි පිපිරීමක් ඇති කිරීමට සුලු පිපිරුම් ලණුවක් (Explosive Detonation Cord) තිබීම ඇත්තෙන්ම වැදගත් වන්නේ ඇයිද යන්න ඔබට පෙන්වයි. එවිට යාත්‍රාව මතු වූ විට හෝ කිසිවෙකු එය සොයා නොගත් අවස්ථාවක ඔබට හැච් එක පුපුරවා හැරි එලියට ආ හැකිය. මෙය ඇත්ත වශයෙන්ම මුල් කාලයේ ටයිටන් යාත්‍රාව කෙරෙහි තිබූ එක් බියක් විය. යාත්‍රාව පැමිණ අත්ලාන්තික් සාගරයේ කොතැනක හෝ මතුපිටට ආ හැකි බවත්, ඔවුන්ට හැච් එක විවෘත කිරීමට නොහැකි වීම නිසා වාතය අවසන් වී හුස්ම හිරවී මිය යා හැකි බවත් ඔවුන් පෙර සිට දැන සිට ඇත.

ටයිටන් යාත්‍රාවේ GPS හෝ වෙනත් නාවික උපකරණ ද නොතිබුණි. ගුවන් යානයක කළු පෙට්ටියක් මෙන් එහි ලොකේටර් බීකන් එකක් තිබුණේ නැත. බොහෝ සබ්මැරීන මතුපිටට ආසන්න සංචාලනය සඳහා GPS භාවිතා කරද ගැඹුරු ජලයේදි ක්‍රියා කරන්නේ නැත. ගැඹුරු ජලයේදී ඒවා Dead Reckoning Course තොරතුරු භාවිතා කර නැවේ ගයිරෝ මාලිමා යන්ත්‍රය මගින් සාගර ධාරා වල වේගය සහ ඇස්තමේන්තු මැනීම සිදු කරයි. ඔවුන් අවස්ථිති සංචාලන පද්ධති (Inertial Navigation Systems) ද භාවිතා කළ අතර, එය ඇස්තමේන්තුගත ස්ථානයක් සොයා ගැනීමට භාවිතා කරයි. ටයිටන් යාත්‍රාව මේ කිසිවක් නැති මතුපිට ආධාරක යාත්‍රාව විසින් සපයන ලද දත්ත මත පමණක් සහය ලබා ගෙන ඇත.

2019 දී Ocean Gate සමාගම විසින් බ්ලොග් සටහනක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ඔවුන් එයින් ටයිටන් නෞකාව කිසිදු නැව් අධිකාරියකින් සහතික නොකළේ මන්දැයි පැහැදිලි කර ඇත. එය විශාල අනතුරු හැගවීමේ සංඥාවකි.

මාධ්‍යවේදී ඩේවිඩ් පෝග් පැවසුවේ 2022 දී ටයිටැනික් නැව නැරඹීමට ගිය ටයිටන් යාත්‍රාවේ ගවේෂණ අතරතුර, මතුපිට ආධාරක යාත්‍රාවට පැය හතරක් හෝ පහක් පමණ ටයිටන් සිටින ස්ථානය සොයා ගැනීමට නොහැකි වූ බවය. ඉන්පසුව යාත්‍රාවට ලොකේටර් බීකන් එකක් එක් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවත් වූ බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඔවුන්ට තවමත් යාත්‍රාවට කෙටි ලිපි (Short Texts) යැවිය හැකි නමුත් එය කොහේදැයි ඔවුන්ට අදහසක් තිබුණේ නැත. එය නිහඬ හා ඉතා නොසන්සුන් බව ඔහු පැවසූ අතර සිදුවන දේ ට්වීට් කිරීමෙන් වළක්වා ගැනීමට එම අවස්ථාවේදී නැවේ අන්තර්ජාල පහසුකම වසා දමා ඇත. Ocean Gate සමාගම මෙය සිදුවිය හැකි බව කලින් දැන සිට ඇත.

ඩේවිඩ් පොග්

මෙම යාත්‍රාව වීඩියෝ ක්‍රීඩා පාලකයක් මගින් පාලනය කරන ලද අතර, එය සිලිකන් නිම්නයේ සිතීමේ ක්‍රමයක් (Sillicon Valley Of Thinking) ලෙස පෙනේ. නමුත් එය සම්පූර්ණයෙන්ම මෝඩ ක්‍රියාවකි. මිලිටරි ස්පෙක් නිෂ්පාදන භාවිතා කිරීමට පෙර ඇදහිය නොහැකි දැඩි පරීක්ෂණ හරහා ගමන් කරයි. ඒ සියලුම මෙහෙයුම් පරිසරයන් තුළ ආරක්ෂිත කිරීමටය. උදාහරණයක් ලෙස, Apple's Vision Pro හෙඩ්සෙට් එක ඩොලර් 3,500 තරම් මිල අධික වන අතර, F-35 ප්‍රහාරක ජෙට් යානය පදවන්නා සඳහා හිස්වැස්මක් ලබා ගැනීමට ඩොලර් ලක්ෂ හතරක් වැය වේ. මක්නිසාද යත් ඔවුන් ඇදහිය නොහැකි ලෙස ඇති කම්පන සමඟ ගමන් කළ යුතු බැවින් ඒ සියල්ලම නිවැරදිව පවතිනු ඇති බවට වග බලා ගැනීම සඳහා කම්පන පරීක්ෂණ සිදු කළ යුතුය. අඩි 40,000 සිට 50,000 දක්වා ඇති ඉහළ ගුවන් සීමාවේ ඇති විකිරණ මට්ටම් දිගු කාලීනව කිසිදු හානියක් සිදු නොකරන බවටත් ඔබේ විශ්වසනීයත්වය ඇති කිරීමටත් එම පරීක්ෂණ සිදු කරයි.

Logitech F710 වීඩියෝ ක්‍රීඩා පාලකය

දැන් අපි ටයිටන් යාත්‍රාව ගැන කතා කරමු.

Ocean Gate ආරම්භ වූයේ "Antipodes" යාත්‍රාව මිලදී ගැනීමෙනි. එය 2012 දී නිර්මාණය කෙරූ ගිල්විය හැකි යාත්‍රාවක් වූ අතර, මෙම යාත්‍රාව ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කිරීම ගැන පරීක්ෂා කිරීම සහ ඉගෙනීම සඳහා ඔවුන්ගේ පළමු පරීක්ෂණ ඇඳ විය. මීළඟට ඔවුන් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික භෞතික විද්‍යාගාරය සමඟ සහයෝගයෙන් "Cyclops One" තැනූ අතර මෙය මීටර් 500 උපරිම ගැඹුරකට ළඟා විය හැකි මුහුදු යාත්‍රාවක් විය. තවමත් ටයිටැනික් නෞකාව තිබූ ගැඹුරට යාමට ප්‍රමාණවත් හැකියාවක් නොමැති නමුත් මෙය ඔවුන්ගේ ඊළඟ පියවර සහ ඔවුන්ගේ ඊළඟ පුනරාවර්තනය විය. මුල් සැලසුමේදී මෙය කාබන් ෆයිබර් වලින් සාදා ඇති අතර, යාත්‍රාව සිරස් අතට කිමිදෙන විට මගීන් කෙළින් සිටින බව සහතික කිරීම සඳහා සම්පූර්ණ ගිල්විය හැකි ආසන (Pivoting Seats) වලින් නිර්මාණය කර ඇත. බෝයිං සමාගම ඕෂන් ගේට් සමාගම සමඟ වැඩ කෙරූ බවත්, වොෂින්ටන් විශ්ව විද්‍යාලය ඔවුන්ගේ මූලික සැලසුම් විශ්ලේෂණය සඳහා වැඩ කළ බවත් කියනු ලැබේ. මේ ගැන අපි පසුව කතා කරමු. මොකද ඒ කතාවට තව ටිකක් එකතු කිරීමට ඇත.

Antipodes යාත්‍රාව
Cyclops One යාත්‍රාව

අවසානයේදී ඔවුන් ටයිටන් නිර්මාණය කරන ලදී. ඔවුන්ගේ අවසාන නිෂ්පාදනය වන ටයිටන් යොදා ගෙන මීටර් 4000ක සලකුණ ලකුණු කිරීම ඔවුන්ගේ අරමුණ විය. මෙය කාබන් ෆයිබර් සහ ටයිටේනියම් යොදා ගෙන නිර්මාණය කෙරූ යාත්‍රාවකි. මේවා ඉතා දුර්ලභ  අමුද්‍රව්‍ය වේ. අප දිගු කලක් තිස්සේ අධි ශක්තියෙන් යුත් වානේ ඇලුමිනියම් භාවිතා කර ඇති අතර ඒවා අසාර්ථක වන ආකාරය සහ ඒවා ගැන සොයා බැලිය යුතු පරීක්ෂණ ක්‍රමවේද පිළිබඳ ඉංජිනේරු දත්ත අප සතුව ඇත. නමුත් කාබන් ෆයිබර් තවමත් අපට ඉතා ආගන්තුක ය. ඇත්ත වශයෙන්ම ඔබ මෙතෙක් ධාවනය කර ඇති ඕනෑම මෝටර් රථයක බොහෝ විට කාබන් ෆයිබර් නොමැත. කාබන් ෆයිබර් භාවිතා කරන්නේ ඉහළ මට්ටමේ සුපිරි මෝටර් රථවල හෝ ගුවන් සේවා සම්බන්ධයෙන් නිශ්පාදන වලය. මීට පෙර අපි සෑම විටම ඇලුමිනියම් සහ ටයිටේනියම් සහ එවැනි අනෙකුත් ද්‍රව්‍ය භාවිතා කර ඇත. ඒ නිසා ඒ ගැන අප දන්නා ප්‍රමාණය අඩුවන අතර ඔබ එය නිවැරදිව අවබෝධ කර ගත්තාද යන්න සහතික කර ගැනීම දුෂ්කර ය.

ටයිටන් යාත්‍රාව

Ocean Gate විසින් 2017 ජනවාරි මාසයේදී Spencer Composites සමඟ කාබන් සංයුක්ත සිලින්ඩරය (Carbon Composite Cylinder) සඳහා ගිවිසුමක් අත්සන් කරන ලදී. ස්ටීව් ෆොසෙට් (Steve Fawcett) සඳහා නිර්මාණය කෙරූ තනි පුද්ගල යාත්‍රාවක් වන "Deep Flight Challenger" සඳහා සංයුක්ත පීඩන සිදුරක් (Composite Pressure Hole) තැනූ සමාගම මෙයයි. ෆොසෙට් අභාවප්‍රාප්ත වූ පසු රිචඩ් බ්‍රැන්සන්ගේ (Richard Branson) "Virgin Oceanic" සමාගම විසින් අත්පත් කර ගන්නා ලදී. ඔවුන් සාගරයේ ගැඹුරුම ස්ථාන වෙත කිමිදුම් වාර පහක පැවැත්වීමට සැලසුම් කර ඇත. නමුත් යානය එක් වරක් පමණක් කිමිදීමට සැලසුම් කර තිබූ බැවින් Deep Flight Challenger ගමනේ සැලැස්ම අනුමත කිරීම ප්‍රතික්ෂේප කළේය. නිවේදනයක් නිකුත් කරමින් සමාගමේ සභාපති ඇඩම් රයිට් මෙසේ පැවසීය.

Deep Flight Challenger යාත්‍රාව

"ගැටලුව වන්නේ එක් එක් කිමිදීමේ වාර වලින් පසු Deep Flight Challenger හි ශක්තිය අඩු වීමයි. එය පළමු කිමිදීමේදී පමණක් ඉතා ශක්තිමත්ම වේ."

එය නිර්මාණය කර ඇත්තේ මිනිසා විසින් වාර්තා කර ඇති ගැඹුරුම කිමිදීම වාර්තා කිරීමට සහ ඉන්පසුව ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය භාණ්ඩයක් ලෙස විශ්‍රාම ගැනීමටය. මෙය සැබවින්ම අප විසින් තේරුම් ගත යුතු තීරණාත්මක පාඩමකි. ඉංජිනේරු විද්‍යාවේදී, එය ක්‍රියාත්මක වන ආයු කාලය (Operational Lifetime) සහ එය අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.

Oceangate.com වෙබ් අඩවිය ජුනි 22 වන දින අන්තර්ජාලයෙන් ඉවත් කර ගෙන ඇත. 2023 දී ටයිටන් අතුරුදහන් වීමෙන් පසුව වොෂින්ටන් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කළේ ඔවුන්ගේ ව්‍යවහාරික භෞතික විද්‍යාගාරය ටයිටන්හි සැලසුම් ඉංජිනේරුකරණයට හෝ පරීක්ෂාවට සම්බන්ධ නොවූ බවයි. බෝයිං ප්‍රකාශකයෙකු පැවසුවේ බෝයිං ටයිටන් හි හවුල්කරුවෙකු නොවන බවත් ඔවුන් කිසිවක් සැලසුම් කිරීම හෝ ගොඩ නැගීම සිදු කළේ නැති බවත් ය. NASA ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ නාසා ආයතනයේ මාෂල් අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානය (Marshall Space Flight Center) සහ Ocean Gate සමාගම අතර Space Act Agreement එකක් ඇති නමුත් එහි ශ්‍රම බලකාය හෝ පහසුකම් හරහා පරීක්ෂණ සහ නිෂ්පාදන සිදු නොකළ බවය. මූලික වශයෙන් පැවසිය යුත්තේ ඔවුන් සතුව තිබූ මෙම හවුල්කාරිත්වයන් සියල්ලම සැබවින්ම හවුල්කාරිත්වයන් නොවන බව දැන් හෙළිවෙමින් තිබෙන බවය.

Ocean Gate සමාගමේ සමුද්‍ර මෙහෙයුම් අධ්‍යක්ෂ වූ ඩේවිඩ් ලොක්රිජ් 2018 ජනවාරි මාසයේදී ටයිටන් යාත්‍රාවේ තත්ව පාලන වාර්තාවක් ගොනු කරමින් කියා සිටියේ කාබන් ෆයිබර් සිදුරෙ හි කිසිදු Non-Destructive Testing (NDT) සිදු කර නොමැති බවත් කාබන් ෆයිබර් සැකැස්මේ හිස් තැන් සහ විඛාදනය සඳහා සම්මුතියක් ඇති කළ හැකි බවට පරීක්‍ෂා කර නොමැති බවයි. Non-Destructive Testing සහ Non-Destructive Testing යනු පරීක්ෂා කිරීමේ ක්‍රමයකි. එය ඇත්ත වශයෙන්ම යාත්‍රාව බිඳ දැමීමකින් තොරව ආරක්ෂිත බව සහතික කිරීමට යොදා ගන්නා ක්‍රමයකි. කාබන් ෆයිබර් අනෙකුත් ද්‍රව්‍ය මෙන් නැමෙන්නේ හෝ ඉරිතැලීම් ලබා නොගන්නා බැවින් කාබන් ෆයිබර් සමඟ කටයුතු කිරීම දුෂ්කර වේ. එයට බොහෝ තොරතුරු සහ තීක්ෂණ බුද්ධිය අවශ්‍ය වේ.

ඩේවිඩ් ලොක්රිජ්

Ocean Gate සමාගම විසින් ලොක්රිජ් හට පවසා ඇත්තේ යාත්‍රාව තත්‍ය කාලීන ධ්වනි නිරීක්ෂණ පද්ධතිය (Real-Time Acoustic Monitoring System) මත රඳා පවතිනු බවය. හදිසි අවස්ථාවකදි මෙහෙයුම ආරක්ෂිතව නවත්වා කාර්ය මණ්ඩලයගේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් කාලයක් එයින් ලැබෙන්නේ නැති බව ඔහු වටහා ගෙන ඇත. ඔහු තම වාර්තාව ගොනු කළ දිනට පසු දින ඔහුව රැස්වීමකට කැඳවනු ලැබූ අතර, අවසානයේ එහි ප්‍රතිඵලයක් ලෙස ලොක්රිජ් ඔහුගේ තනතුරෙන් නෙරපා හරින ලදී. Ocean Gate සමාගම ලොක්රිජ්ට එරෙහිව ජුනි මාසයේදී නඩුවක් ගොනු කළේය. ඔහුට හිමිකාර වෙළඳ රහස් අනිසි ලෙස බෙදාගැනීම සහ වංචනික ලෙස නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කළේය. මෙම නඩුව 2018 නොවැම්බර් මාසයේදී සමථයකට පත් වී ඇත.

OceanGate Was Warned of Potential for ‘Catastrophic’ Problems With Titanic Mission
Experts inside and outside the company warned of potential dangers and urged the company to undergo a certification process.

2018 දෙසැම්බර් 10 වැනි දින සිදු කෙරූ කිමිදීමකදී, ස්ටොක්ටන් රෂ් 10,000 කිමිද යන විට මුහුණ දුන් අනපේක්ෂිත අවස්ථාවකදී එයින් ජය ගැනීමට සිරස් තෙරපුම් (Vertical Thrusters) භාවිතා කළේය. මෙම ගිල්විය හැකි යාත්‍රා ඇතුළත වාතය බැලූනයක් වැනි ය. ඒ නිසා ඒවා ජලය යටට තෙරපීම අපහසුයි. එබැවින් එය ඉටු කිරීමට ඔවුන්ට විවිධ මාර්ග සහ බැලස්ට් පද්ධති (Ballast Systems) ඇත. නමුත් අඩි 10,000 දී කුමන හේතුවක් නිසා ඔහුගේ කිමිදීම දිගටම කරගෙන යාමට සිරස් තෙරපුම් භාවිතා කිරීමට සිදු විය. මෙය සිදු වූ විට, එය සන්නිවේදන පද්ධතිවලට බාධා ඇති කළේය. ඔවුන් අතර පැයක කාලයකට පමණ සන්නිවේදන සම්බන්ධතා නැති විය. ජේම්ස් කැමරන්ගෙන් පසුව අඩි 13,000ක් දක්වා තනිව කිමිදුනු දෙවන පුද්ගලයා ලෙස තමන්ව ආඩම්බරයෙන් හැඳින්වීමට රෂ්ගේ මමත්වය (Ego) හේතු විය.

ඒම අවස්ථාවට මුහුණ දුන්නේ මම නම් මම නැවත පැමිණ සිදු කරන්නේ,

සන්නිවේදනයට කුමක් වූවාද?

එයට කුමක් කළ හැකිද?

සංඛ්‍යාතය වෙනස් කරනවාද?

අපට උපස්ථ පද්ධතියක් ලබා ගත හැකිද?

යන ප්‍රශ්න වලට උත්තර දෙමින් සිදුවූ දෙය නැවත කිසි දිනෙක සිදු වීමට ඉඩ නොතැබීමට කටයුතු කිරීමය.

2020 ජනවාරි මාසයේදී ටයිටන් නෞකාවේ චක්‍රීය දුර්වලතා සලකුණු පෙන්වීමට පටන් ගත්තේය. යාත්‍රාව කිමිදුම් දුර මීටර් 3000 දක්වා අඩු කරන ලදී. නමුත් එය අලුත්වැඩියා කර නැවත කිමිදුම් ගැඹුර මීටර් 4000 ක් සඳහා ශ්‍රේණිගත කර ඇත.

නමුත් එය සිදු කළේ කවුරුන්ද?

සෑම දෙයක්ම නිවැරදිව සිදු කළාද?

එය කිසිදාක දැන ගැනීමට නොහැකි ය.

අප සිටින්නේ Exotic සංචාරක ව්‍යාපාරයේ සහ ගවේෂණයේ නව යුගයකය. අභ්‍යවකාශයට යාම හෝ ගැඹුරු මුහුදේ කිමිදීම අතර තරගයක් මේ වන විට ලෝකයේ ආරම්භ වී ඇත. ඉතින් අපි මෙය සිදු කරනවා නම්, මෙය කෙතරම් අනාරක්ෂිත විය හැකිද යන්න තේරුම් ගැනීම වැදගත්ය. ධනවතුන්ට අභ්‍යවකාශයට යාමට සහ සඳ වටා සංචාරය කිරීමට හැකියාව දැන් ඇත. අපට නව මායිම් (Frontiers) ඇති සෑම විටම අපට නොදන්නා දේ ඇත. එය මායිමක් බවට පත් කරන්නේ එයයි.

සාගරයේ ගැඹුරු ජලයේ පීඩනයට ඔරොත්තු දිය හැකි යාත්‍රා තැනීමට සිදු වූ විට අප නොදන්නා බොහෝ දේ ඇත. මා සිතන ආකාරයට ටයිටන් යාත්‍රාවේ යම් ආකාරයක ගරාවැටීමක් හෝ යම් සාධක විකෘතියක් (Factor Deformation) තිබී ඇත. වාර කිහිපයක් පුරා යම් දෙයක් සිදුවෙමින් තිබී ඇත. ඔවුන් සාර්ථකව පහත තුන් වතාවක් කිමිදී ආපසු පැමිණියද හතරවෙනි වතාවේ ඔවුන් ගරා වැටී (Crumpled) ඇත. අවංකවම මරියානා ආගාධයට හෝ අත්ලාන්තික් සාගරයේ අඩි 12,000 ක් ගැඹුරුට යන කිසිම යාත්‍රාවකට වාර දෙකකට වඩා වැඩි ආයු කාලයක් තිබේ යැයි මම නොසිතමි.

ඔවුන් ඇත්තටම කරන්න උත්සාහ කළේ මොකක්ද?

මම හිතන්නේ ස්ටොක්ටන් රෂ්ගේමෙම ටිකට්පත් දැරිය හැකි මිලකට ලබා දීමට උත්සාහ කර ඇත. ඔවුන් ආරම්භ කළේ ඩොලර් 125,000 ප්‍රවේශ පත්‍රයකින් ය. මේ අය ඩොලර් 250,000 එය දෙගුණයක් කර ඇත. නමුත් මේ ක්‍රියාව සඳහා සැබෑ මිල ඩොලර් මිලියනයක් පමණ විය යුතුය. එය සෑම විටම Ocean Gate සමාගම හට යාත්‍රාව ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ සලසයි. එය කොටස් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සම්පූර්ණ Disruptive Testing සිදු කිරීමට ආර්ථිකමය වශයෙන් ඉඩ සලසයි. දැරිය හැකි මිලකට සංචාර ලබා දීමට උත්සාහ කිරීම, ඔබේ කීර්ති නාමයේ ගෞරවය වැඩි කිරීම, වෙළඳ නාමයක් ගොඩනැගීමට උත්සාහ කිරීම, සමාගමක් ගොඩනැගීමට උත්සාහ කිරීම වැනි අරමුණු ඔස්සේ ඔවුන් කෙටි මාර්ග සහ ඔවුන්ට අවබෝධ නොවූ දේවල් කිරීමට Ocean Gate සමාගම උත්සහ කර ඇත.

මම ඔබට අවංකව කියන්නම්, අපි අභ්‍යවකාශය ගැන දන්නා ප්‍රමාණයෙන් ස්වල්පයක ප්‍රමාණයක්වත් ගැඹුරු සාගර හෝ ගැඹුරු පෘථිවියේ ගැඹුර ගැන දන්නේ නැත. මේවා ඇත්තටම අවබෝධ කර ගැනීමට අපහසු පරිසරයන්ය.
අවසානයේ සිදු වූයේ ඛේදජනක සිදුවීමකි.
මම ශුභවාදීව සිතන පුද්ගලයෙක් වෙමි. ටයිටන් යාත්‍රාව සහ එහි ගමන් කෙරූ පුද්ගලයින් කොහේ හරි සිට සොයා ගනීවි යැයි මා බලාපොරොත්තු වූ අතර මේ සියල්ල ජීවිතයට හානියකින් තොර වූ පාඩමක් වනු ඇතැයි මම බලාපොරොත්තු විය.
නමුත් එය එසේ සිදු වූයේ නැත.
ඉංජිනේරු විද්‍යාවේදී අපි නිතරම අපේ වැරදිවලින් ඉගෙන ගත යුතුයි.
මේ අය ගත් අවදානම ගැන ඔවුන් අවබෝධ කර ගෙන සිටි බවත් ඔවුන් කරන්නේ කුමක්දැයි යන්න ඔවුන් දැන සිටි බවත් යන අදහස ඔබ පවසනවා නම් මම එයට එකඟ වෙමි.
නමුත් ඔවුන් මේ යාත්‍රාව කුමක්දැයි සම්පූර්ණයෙන් තේරුම් ගත්තාද?
එය සම්පූර්ණයෙන්ම දැන සිටියාද?
අවදානම ගැන ඔවුන් හොඳින් දැන සිටියාද?
සමහරවිට නැහැ.
ටයිටැනික් නෞකාව සොයා ගිය ටයිටන් යානයේ ඛේදවාචකය
2023 ජුනි 18 වන දින ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට යමින් සිටියදී ටයිටන් නම් ගිල්විය හැකි යානයක් (Submersible) අතුරුදහන් විය. මෙම යානය බ්‍රිතා
ආදරය වෙනුවෙන් දිවි පිදූ ටයිටන්
සිතන්න.මුහුදු බත් වූඑක්ස්ප්‍රස් පර්ල් හෝනිව් ඩයමන්ඩ් හෝනෞකාවලසුන්බුන් නැරඹීමටකවුරුන් හෝ යාවිද ?සමහරවිට එම නෞකාව තුළරත්‍රං මුත් මැ

Latest