පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවමත් පහව ගොස් නැ. දිවයිනේ ප්‍රදේශ කීපයකට නයා යෑමේ රතු නිවේදන නිකුත් කිරීමටද ජාතික ගොඩනැගිළි පර්යේෂණ ආයතනය කටයුතු කර ඇත.
අපේ මේ සුදානම නායා ගොස් ඇති ස්ථානයක් සම්බන්ධයෙන් කථා කිරීම නම් නොවේ. නාය යමින් අනතුරු දායක තත්ත්වයට පත්ව ඇති අහිංසක දරුවන් විශාල ප්‍රමාණයකගේ ජීවිත අනතුරට හෙලිය හැකි ස්ථානයක් පිළිබදව හෙලි කිරීමටයි.
අවිස්සාවෙල්ල - දෙහිඕවිට පිහිටි දෙමළ මහා විද්‍යාලයේ දරුවන් 1,000 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබති. 2016 වසරේදී සිදුවී ඇති නායා යාමක් හේතුවෙන් මෙම පාසලේ ගොඩනැගිලි කීපයකට හානි සිදු විය. එදා දරුවන් ජීවිත බේරා ගෙන ඇත්තේ අනු නවයෙනි. මෙම පාසල පවත්වා ගෙන යන භූමිය අවදානම් බව මව්පියන් බලධාරීන්ට එම අවස්ථාවේදී පෙන්වා දෙන ලදි.
ඉදිරියේදී තවත් නායා යෑම් සිදු වුවහොත් පාසලේ ඉගෙණුම ලබන දරුවන්ගේ ජීවිත වලට පවා හානි සිදු විය හැකි බවට දෙමව්පියන් අවස්ථා කීපයකදීම බලධාරීන්ට පෙන්වා දී ඇත. එම පෙන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ මහා විද්‍යාලය සදහා ඒ ආසන්නයේම නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම් සිදු කරන ලදි.
නමුත් පුදුමයට කරුණ වන්නේ අළුතින් ඉදිකර ඇති පාසල් ගොඩනැගිල්ල මේ වන තුරු දරුවන්ට විවෘත නොවීමය. මේ වසරේ මාර්තු මාසය වන විට දෙහිඕවිට දෙමළ මහා විද්‍යලයේ දරුවන්ව නව ගොඩනැගිල්ලට රැගෙන යන බව බලධාරීන් කියා සිටියද එය මේ වන තුරු ඉටුවී නැත.
මේ දිනවල පවතින අයහත් කාලගුණික තත්ත්වය නිසා නැවත වතාවක් මෙම පාසලේ ගොඩනැගිළි වලට හානි සිදු වුවහොත් සිදු විය හැකි විනාශය ගනනය කළ නොහැකි වන්නේය. එදිනට කම්පාවී හෝ සිදුවී ඇති හානිය තක්සේරු කිරීමෙන් පළක් නොවනු ඇත.



