Skip to content

මහ මුහුදේ මාස දෙකක් අතරමංව සිටි නාවිකයා සහ බල්ලා බේරා ගැනේ

Photo Cr Channel - 9news

‌මාස දෙකකට අධික කාලයක් බෝට්ටුවක මහ මුහුදේ  පාවෙමින් සිටි ඔස්ට්‍රේලියානු ජාතික නාවිකයෙකු සහ ඔහුගේ බලු සුරතලා නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හී පදිංචි 51 හැවිරිදි Tim Shaddok සහ ඔහුගේ බලු සුරතලා වූ Bella පසුගිය අප්‍රේල් මස මෙක්සිකෝවේ සිට ප්‍රංශ අර්ධද්වීපය  බලා කිලෝමීටර් 6000ට වඩා වූ දුරක් (සැතපුම් 3728) යාත්‍රා කිරීම ආරම්හ කර ඇත. එහෙත් අනපේක්ෂිත ලෙස ඔවුන් ගමන්ගත් බෝට්ටුව කුනාටුවකට හසුව හානියට පත්ව ඇත. ඒ සමඟම ඔහුගේ යාත්‍රාවේ වූ සියලු සන්නිවේදන ක්‍රමයන්ද බිඳ වැටී ඇත. මෙනිසා ගොඩ බිම හා සම්හන්ද වෙමින් තමන් සිටිනා ඉසව්වක් හෝ සඳහන් කිරීමට හෝ උදව් ඉල්ලා සිටීමට හෝ Tim Shaddok ට තිබී නොතිබිණ.

අනතුරුව අනතුරට පත් ඔහු සහ බල්ලා සහිත වූ යාත්‍රාව පැසිෆික් සාගරයේ ගසාගෙන යමින් තිබී ඇති අතර එම කාලය තුලදී ඔහුට අල්ලා ගත හැකිවූ මසුන් සහ වැසි වතුර පානය කරමින් දිවි ගැට ගසා ගෙන ඇත.

අවසානයේ ඔවුන් මාස දෙකකට පමණ පසු මෙක්සිකෝවේ වෙළරට ඔබ්බෙන් ට්‍රෝලර් යාත්‍රාවක් විසින්  සොයා ගන්නා විට ඔහු බොහෝ සෙයින් කෙට්ටු වී මුහුණ පුරා රැවුල වැවී තිබූ බවටද විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. විදෙස මාධ්‍යක් වන 9news වෙත ඔහු පවසා ඇත්තේ "මම මුහුදේදී ඉතා දුෂ්කර පීඩාවකට මුහුණ දුන්නා. මං ගොඩක් වෙලා මුහුදේ තනියම හිටපු නිසා මට විවේකයක් සහ හොඳ කෑමක් අවශ්‍යයි. නැත්නම් මම ඉතා හොඳ සෞඛ්‍ය තත්වයක ඉන්නවා." යනුවෙනි.

මේ වනවිට බේරා ගැනුනු Tim Shaddok සහ ඔහුගේ බල්ලා මෙක්සිකෝව වෙත ආපසු රැගෙන යමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී .

Latest