Skip to content

දිරා ගිය ගහ කොළඹ නුවර පාරට වැටි මහ ඛේදවාචකයක් වෙන්න අත ලගයි.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල  උතුවන්වකන්ද වලකඩයාව  පල්ලමේ මැරි ගිය විශාල ගසක් පාරට නැමි ඇති අතර කොයි මොහොතක හෝ මාර්ගයට කඩා වැටීමේ අවදානමක් ඇත. නිරන්තයෙන් වාහාන ගමන් කරන නිසා මෙම දිරා ගිය ගස වාහානයකට හෝ මනුෂයෙක් මතට ඇද වැටුන හොත් මහ විනාශයක් සිදු විය හැකි බැවින් බලධාරීන්ගේ අවදානය මේ වෙත යොමු කර යුතුව ඇත.
මේ දින වල පවතින කාලගුණ තත්වයන් හමුවේ ගස බිමට කඩා වැටිමේ අවදානමක පවති. අප මේ සම්බන්ධයෙන් කෑගල්ල අපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතාට දැන්වු අතර ඒ මහතා මේ සම්බන්ධයෙන් සොයා බලා ගස ඉවත් කිරීමට කටයුතු කරන බව අප සමග පැවසීය.

Latest