Skip to content

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු විසදීම අඩුවේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල වර්ෂයක් තුළදී නඩු විසඳීමේ ප්‍රගතිය 18% ක් හා 25% ක් වශයෙන් ඉතා අවම මට්ටමක පවතින බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු වර්ග 15 කට අයත් විසඳීමට තිබූ මුළු නඩු සංඛ්‍යාව වූ 6,678 කින් විසඳා ඇත්තේ, 18% ක් තරම් වූ අඩු ප්‍රතිශතයක් බව ද එහි දක්වා තිබෙනවා.

පසුගිය වසරේ (2022) දී ශ්‍රේෂ්ඨාධිකරණය තුළ විසඳා අවසන් කර ඇති නඩු සංඛ්‍යාව 1,196ක් බවත් වර්ෂය අවසානය වන විට නඩු 5,482ක් විසඳා නොමැති බවත් විගණන වාර්තාවේ දක්වා තිබෙන බව සඳහන්.

එසේම අභියාචනාධිකරණය තුළ නඩු වර්ග 23කට අයත් විසඳීමට ගොනු වූ මුළු නඩු සංඛ්‍යාව වූ 41,595 කින් දැනට විසඳා තිබෙන්නේ 25% ක් පමණ සංඛ්‍යාවක් බවත් විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා.

Latest