Skip to content

බිහිසුණු දුම්රිය අනතුරට හේතුව හෙළිවේ..

මියගිය සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකියි..විමර්ශකයෝ කියති..

ලෝකයම කම්පාවට පත් කරමින්  ඉන්දියාවේදී සිදුවූ  බිහිසුණු දුම්රිය අනතුරට හේතුව මේ වනවිට විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් මේ වන විට හෙළිදරව් කර තිබේ.

අනතුර සිදුව ඇත්තේ දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදුවූ දෝෂයක් හේතුවෙන් බවයි විමර්ශකයින් විසින් වාර්තා කොට ඇත්තේ.

අනතුරට ලක්වූ "කොරොමැන්ඩල් එක්ස්ප්‍රස්" දුම් රිය  ප්‍රධාන දුම්‍ රිය මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබියදී ඒ වෙනුවට ලූප් ලයින් සඳහා සංඥාවක් ලබාදී  ඇතත් එම සංඥාව ලබගැනීමට පෙර ඒ වන විටත් එහි නවතා තිබූ භාණ්ඩ දුම්රියක දුම්රිය ගැටී ඇත.

අදාළ දුම්රිය අනතුර සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවද ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

එම අවාසනාවන්ත දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 288ක් දක්වා ඉහළගොස් ඇති බවත් තුවාල ලැබූ සංඛ්‍යාව 1000 ඉක්මවන බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

අනතුරට ලක්වූ  මිනිසුන් තව දුරටත් දුම්රිය සුන්බුන් යට සිරවී සිටිය හැකි නමුත් ඔවුන් මේ වන විට ජීවතුන් අතර  වෙතැයි  සිතිය නොහැකි බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුධන්ෂු සාරංගි සදහන් කරයි.

තව දුරටත් ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් වලදී  හමුවන මළ සිරුරු විකෘති වී ඇති බවත් එම සිරුරු දුම්රිය මැදිරි තුළ සිරවී තිබීම නිසා  එවැනි තත්වයක් උද්ගතව ඇති බවත් කියයි.

මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්  සිදුවෙමින් පවතින අතර අනතුර හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද විමර්ශකයින් විසින් සදහන් කර තිබේ.

Latest