Skip to content

බේරුවල කෘෂිකාර්මික කටයුතුවලට භාවිතා කරන ඇලක විශාල ලෙස මසුන් මිය යෑම පිළිබඳ මහජන සෞඛ්‍ය අංශ විමර්ශනයක් අරඹයි.


බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  පයාගල හල්කඳවිල බඩත්ත ඇළට කිසියම්  විසක් මුසුවී මත්සයයින් විශාල ප්‍රමාණයක් මියගොස්  ඇති බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අර්‍ර් ජේ සිංහබාහු මහතා අද i(27)  පැවසීය.


ප්‍රදේශයේ කටුපොල්  ආශ්‍රිතපෞද්ගලික කර්මාන්ත ශාලාවකින් විස ජලය මෙම ඇලට මුදාහැරීමෙන් මේ තත්ත්වය උදාවී ඇති බව ප්‍රදේශවාසිහූ පවසති.

බේරුවල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශය ආවරණය කරමින්බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ  බේරුවල ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය අසලින් මම ඇල මුහුදට ගලා බසින බව   කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන් කියයි.
බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් හල්කඳවිල සතිපොළ  පිටුපස ප්‍රදේශයේ මෙම පාරිසරික හානිය විශාල ලෙස දැකගත හැකිබවත් හල්කඳවිලබඩත්තඇල ඉහළ කොටස ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු වලට ,සත්ව පාලනයට සහ නෑමට භාවිතා කරන බැවින් මෙම විස ජලය මුසු වීම නිසා එම ප්‍රදේශයේ  ජනතාව බරපතළ ගැටලුවකට මුහුණ දී තිබේ.
ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් කිසියම්   විසක්සහිත අප ජලය මෙම  ඇයට මුසුවීමෙන්  මේ වන විට එම   ඇලෙකුඩා ප්‍රමාණයේ මසුන් විශාල ලෙස මියගොස් තිබු බව දැනගැනීමෙන් ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කළ බව බේරුවල  ප්‍රාදේශීය ලේකම්රංජන් පී පෙරේරා  පැවසීය.



මේ පිළිබඳව ම  පයාගල පොලිසියේ  පාරිසරික අංශයදැනුවත් කර ඇති අතර

එම ප්‍රදේශයේ ජනතාවට මෙම ඇල භාවිතා නොකරන ලෙසත් මියගිය මත්සයයින් අනුභව නොකරන ලෙසත්,ඇලට බැසීමෙන් වළකින ලෙසත්    බේරුවල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රචාරක රථයක් ආධාරයෙන් මේ වන විට ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර තිබේ.

පයාගල සහ දොඩම්ගොඩ පොලිස්  ස්ථාන සමග බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුර පරීක්ෂණ ආරම්භ  තිබේ.

ඡායාරූප.
කළුතර ප්‍රාදේශීය පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක සිංහබාහු  මහතා සමග බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රදේශවාසීන් එම ඇලේ මසුන් මැරී ඇති අයුරු නිරීක්ෂණය කරයි.

Latest