Skip to content

රටම ගිලගත් නියගයේ ඉදිරි ගමන

රටටම නියං රකුසා අනුකම්පා විරහිත ලෙස මතුව ජන ජීවිතය සිය අණසකට ගොදුරු කර ගනිමින් සිටින්නේ අනාගතයේ ජලය පිළිබඳව ලෝකයාටම රතු එලි දල්වමිනි..

මේ අතරේ ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (අනාවැකිකරණ )ශිරෝමණි ජයවර්ධන මහත්මිය පවසා සිටියාය.

මේ වන විට රට පුරා පලාත් 9 ම පවුල් 72100 කට අයත් පුද්ගලයින් 248,531 ක් දෙනා  නියඟය නිසා දැඩි බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

මේ අතර වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා පවසා සිටින්නේ තිබුණේ මහා පරිමාණ වැව් 75ක් සහ මධ්‍යම පරිමාණ වැව් 3000න් සියයට ‍ෙ75 ක් පමණ නියඟය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බවය.

එමෙන්ම මහවැලි සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා ප්‍රකාශ කරන්නේ ෙ මහවැලි ජලාශවල දැනට පවතින්නේ මුළු ජල ප්‍රමාණයෙන් සියයට 48කටත් අඩු ප්‍රමාණයක් බවය. ඉන් පාවිච්චියට ගත හැක්කේ සියයට 30ක් පමණක් බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම ජලය එසේ හෝ තිබුනද පානීය ජලය සම්බන්ධයෙන් රටේම ජනතාවට මේ වන විට දැඩි අවධානමකට පත්ව සිටිති. පිරිසිදු පානීය ජලය නොමැතිකම හේතුවෙන් විවිධ වූ සෞඛ්‍ය ගැටලු රැසක්ද බලපා ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීණ්ගේ සංගමය මෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද පෙන්වා දෙයි.

මේ වන විට පලාත් වශයෙන් ගත් විට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය විසින් ලබා දී ඇති දත්තවලට අනුව දිවයිනේ නියගය හේතුවෙන් විපතට පත්ව සිටින පිරිස් කාණ්ඩ කොට සිටින්නේ මෙලෙසිනි.

Latest