Skip to content

මත්පැන් මිලත් 300 කින් නගී

2023 වසරේදී කිහිප අවස්ථාවක වැඩි කෙරුනු මත්පැන් මිලට අමතරව අද (01) සිට නැත වරක් මත්පැන් මිල ගණන් ඉහල දැමීමට පියවර ගත් බවට මත්පැන් නිශ්පාදන සංගම් පවසා සිටියි.

ඒ අනුව, මිලි ලිටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300කින් පමණ ඉහළ යනු ඇති අතර බීර වර්ගවල මිලද රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති බවටයි සඳහන් වන්නේ.

එලෙස මත්පැන් මිල ගණන් ඉහළ දමා ඇත්තේ සියලුම වර්ගයේ සුරාබදු අනුපාත ඉහළ දැමීම හේතුවෙනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත එම බදු සංශෝධන සිදු කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නෙ.‍ෙ

ඒ අනුව, අද සිට විදුලි මිල අඩුවුවද මත්පැන්,  දුමිවැටි සහ ඉන්ධන මිල ඉහල දැමීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ආර්ථික අපහසුතා හමුවේ ජීවත්වන සාමාන්‍ය ජනතාව ඉදිරියේදී  විවිධ ගැටලුවලට මුහුණ පානු ඇතැයිද  විශේෂඥයින් පෙන්වා දෙයි.

Latest