Skip to content

ලොතරැයියක මිල දෙගුණ වෙයි.

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල අද (06) සිට ‌රුපියල් 20 කින් වැඩි කිරීමට තීරණය කොට ඇති බවට ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි..

ඒ් අනුව රුපියල් 20ක්ව පැවති එම ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 40ක් ලෙස ඉහළ යනු ඇති අතර පවතින අධික පිරිවැය තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින් ලොතරැයි මිල ඉහළ දැමීමට කටයුතු කළ බව ජාතික ලොතරැයි මණ්ඩලය පැවසීය.

ලොතරුයි මිල ඉහල දැමීම සම්බන්ධයෙන් අදහස් පල කර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී මෙනුර චතුරංග මහතා කියා සිටියේ,

"සෑම තොතරැයියකම අවම තෑග්ග රු 40 දක්වා ගෙනත් තියෙනවා. සමස්තයක් විදියට මධ්‍යම ප්‍රමාණයේ තෑගි සහ පළමුපෙළ ත්‍යාග ප්‍රමාණය වැඩිවෙන විදියට හා වැඩි පාරිභෝගිකයින් පිරිසකට යන විදියට බලලා වැඩි ජයග්‍රහාකයින් පිරිසක් බිහිකරන්න යොමුවුණා. අපේ සුපිරි ත්‍යාගය රු 40ට කෝටි 40ක සුපිරි ත්‍යාගයක් තියෙනවා පාරිභෝගිකයාට. ඇත්තටම තමා වැය කරන මුදල වැඩිවුණාට සාපේක්ෂව ත්‍යාග මුදලත් වැඩිවෙලා තියෙනවා ලොතරැයි පත් හරහා." යනුවෙිනි

කෙසේ වෙතත් ලොතරැයි ටිකට් පතක මිල ඉහළ නැංවුවද ඊට සමගාමීව කොමිස් මුදල් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් අද සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසු අතර ඒහිදී ඔහු පෙන්වා දෙන්නේ ලොතරැයි මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි අලෙවි කිරීමේ ගැටලුවක් මතුවන බවය.

Latest