Skip to content

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් බහියි.

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක් රුපියල් 10 කින් මිල පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කොට ඇතැයි වාර්ථා වෙයි..

තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වෙළෙඳ අමාත්‍යවරයා ජුනි මස 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කළද පිටි මිල වැඩිනොවුනද අනෙකුත් අමුද්‍රව්‍යවල මිල  පහළ නොයෑම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගිය දිනයක ප්‍රකාශ කොට තිබුණි.

බේකර හිමියන්ගේ මෙම තීරණයත් සමග පාරිභෝගික ජනතාව අතර දැඩි විරෝධතාවක් එල්ල වූ අවස්ථාවේදී  අද (20) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කොට සිටියේ අද (20) දින මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් රුපියල් 10 කින් අඩුකිරීමට පියවර ගෙන ඇති බවටය.

කෙසේ වෙතත් රුපියල් 10 කින් අඩුවන පාන් මිල පිළිබඳව පාරිභෝගික ජනතාව දරන්නේ රුපියල් 100 ත් 130 ත් අතර මිලකට පැවති පාන් මිල එකවරම රුපියල් 200 කට පසුගිය කාලයේදී වැඩිවුන හෙයින් නැවතත් පාන් මිල මුලින් තිබූ මිල ගණන්වලටම ලබාදීමටරජය පියවර ගතයුතු බවටය.

Latest