Skip to content

ලාදුරු රෝගීන් හිස ඔසවයි

ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවමින් පවතින බවටත් ඒ පිළිබඳව ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතින බවටත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ ප්‍රසාද් රණවීර මහතා පවසා සිටියි.

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය සදහටම තුරන් වී ඇතැයි ජනතාව අතර වැරදි මතයක් පවතින අතර වසරකට රට පුරා වාර්තා වන ලාදුරු රෝගීන්ගේ ගණන නොසිතන ආකාරයකට වැඩිවෙමින් පවතින අතරම එය රටපුරා ප්‍රදේශ කිහිපයකින් වාර්ථා වීම දැඩි අවධානම් තත්වයක් බවටද ලාදුරු මර්ධන ව්‍යාපාරය පවසා සිටියි..

මෙහිදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් ලාදුරු රෝගීන් 100 ක්, ගම්පහින් 66 ක් මඩකලමුවෙන් 56, කළුතරින් 47 ක් ලෙසින්ද මේ අයුරින් සෑම දිස්ත්‍රීක්කයක්ම ආවරණය පරිදි එක් ලාදුරු රොග්යෙකු හෝ සිටීම අවධානම් තත්වයක් බවටත එම ප්‍රමාණය කාලානුරූපීව වැඩිවන බවටද පෙන්වා දෙයි.

මේ හේතුව නිසාවෙන් ඔනෑම අයෙකුට සම මතුපිට සැකසහිත යම් ලපයක් ඇත්නම් 0754088640 යන වටස්අප් දුරකතන අංකයට එවැනි ලපයක ඡායාරූඵයක් එවා අවශ්‍ය කෙරෙන ප්‍රතිකාර ක්‍රමයන් වෛද්‍යවරුන් මාර්ගයෙන් ලබාගත හැකිය.

ලාදුරු රෝගයේ ඇති අවධානම , හා ලක්ෂණ පිළිබඳව පෙන්වා දෙන්නේ,

මුලින්ම රෝගියෙක් කරන්නේ සමේ රෝග විශේෂඥයෙකු හමුවීම. එයා අවම වශයෙන් තුන් වතාවක් වත් රෝගියා පරීක්ෂා කලාට පස්සේ තමයි ලාදුරු සඳහා පරීක්ෂාවකට යොමු කරන්නේ. මේ සඳහා ගතවන කාලය ඉතාම තීරණාත්මකයි. සාමාන්‍ය ක්‍රීම් එකක් මාසයක් දෙකක් ආලේප කරමින් සිටින අතරතුර මේ රෝගය සම ඇතුළෙන් පැතිරෙනවා. ඒ අතරතුර මේ බැක්ටීරියාව ස්නායු වලටත් හානි කරන්න පුළුවන්. ස්නායුවලට ගියාට පස්සේ තමයි මේකෙන් ඇතිවන අතුරු ආබාධ සියල්ල ම ඇතිවෙන්න පටන් ගන්නේ. අතපය කොරවීම, ඇඟිලි, ඇස්, කන්, නාසා වෙනස් වීම් වගේ දේවල්. රෝගය හඳුනාගන්න පමා වන තරමට එහි සංකුලතා වැඩිවෙනවා. ඒ නිසා කාලය ඉතාම තීරණාත්මක සාධකයක්ය. වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරන බවටද ලාදුරු මර්ධන ව්‍යාපාරය වැඩිදුරටත් පැවසීය.

Latest