Skip to content

රටේ ජනපති පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙකු වෙලා. වහාම මැතිවරණයකට යා යුතුයි-රාවුෆ් හකීම්

රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද වන විට පොහොට්ටු පක්ෂයේ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්ව සිටීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගතව පවතිනවා,යනුවෙන් මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.

මහනුවරදි මාධ්‍ය හමුවේ අදහස් පළ කළේ මහතා කියා සිටියේ එබැවින් ජනාධිපතිවරයාට රට හෝ ජනතාව වෙනුවෙන් කිසිදු හෝ ස්වාධීන තීන්දු තීරණයකට එළඹීමට හැකියාවක් නොමැති බවය.

තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. අද රටේ තියෙන්නේ ජනතාව පත් කරපු ආණ්ඩුවක් නෙවෙයි. විකෘති ආණ්ඩුවක් තමයි රටේ තියෙන්නෙ. අද ඔක්කොම නන්නත්තාර වෙලා. ජනතාව තමයි හැම දෙයින්ම මිරිකෙන්නෙ, තැලෙන්නේ පොඩි වෙන්නේ. මේ තත්ත්වය නැති කිරීමට නම් මැතිවරණ ක්‍රියාවලියකට යා යුතුමයි.

පළාත් පාලන ඡන්දය බැරිනම්, ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට ගොස් ජනතා මතය උරගා බැලිය යුතුයි. එහෙම නැතුව ජනතාව වෙනුවෙන් සෘජු තීරණ නොගෙන ආණ්ඩු බලය පවත්වාගෙන යෑම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ ක්‍රමය දිගින් දිගටම පවත්වාගෙන ගියොත් මේ රටටත් ජනතාවටත් දෙයියන්ගේ පිහිට පමණයි, රටේ විනාශය අතලඟයියනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් කීය.

Latest