සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්, එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසන්නේ, විපක්ෂය කාලෙන් කාලෙට බිල්ලො මවන බවයි.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
MCC ගිවිසුම බිල්ලා නිසා අදටත් මිනිසුන්ට සින්නක්කර ඔප්පු ගන්න බැහැ. IMF බිල්ලාගෙන් පසු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමග බැංකු කඩා වැටෙන බිල්ලෙක් මැව්වා. අදට දින දෙකක් ගත වෙලා. කඩා වැටුණු බංකුවක් නැහැ. කොටස් වෙළඳපොළ ඉහළ ගිහින්. බැංකු පොලී අඩුවෙලා. උද්ධමනය අඩු වෙලා. බිල්ලා වෙනුවට ජනතාවට හොඳක් වෙලා. වෙනිසියුලාව 85% ක උද්ධමනයක සිරව සිටියදී ලංකාව හිතකර තැනකට ඇවිල්ලා. බොරු තර්ක ගෙනඑන විපක්ෂයේ අය ගැන ජනතාව පියවර ගනී.
අස්වැසුමත් ඒ විදියමයි. ගොන් මත ගෙන එන උදවිය අහිංසක මිනිස්සු පීඩනයට පත්කළා. ලැබිය යුතු කිසිවෙකුට අස්වැසුම අත් නොහරින බව ජනපති පවසා තිබෙනවා. මේ වන විට අභියාචනා පන්ලක්ෂ හතළිස් දාහක් ලැබී තිබෙනවා.
ජවිපෙ අනුර දිසානායක මහත්තයා ඕස්ට්‍රේලියාවේ සිට රටේ සුක්කානම ඉල්ලනවා. සුක්කානම දුන්න වෙලාවේ පැනලා ගිහින් දැන් ඕස්ට්‍රේලියාවේ සිට ඉල්ලුවාම කොහොමද දෙන්නේ?දුගී දුප්පත් කම ගැන කතා කරන ඒ මහත්තයා ප්ලේන් එකේ යන්නේ ව්‍යාපාරික පන්තියේ.
රටේ පොලිස්පති පත්කිරීම සිදුකරන්නේ කාදිනල් හිමිද ? උන්වහන්සේ පවසන පරිදි රට බංකොලොත් කළ අය බලයට ගේන්න කටයුතු කළේ උන්වහන්සේ ඇතුළු කණ්ඩායම නේද?
මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසන්නේ,සමගි ජන බලවේගයට, ආණ්ඩුවට සහාය දෙන ලෙස ජනාධිපතිතුමා ආරාධනා කළේ විපක්ෂ නායකයා හොඳ විපක්ෂ නායකයෙක් ලෙස ඔහුගේ ඉදිරි දේශපාලන සාර්ථකත්වය උදෙසා බවයි.
පොහොට්ටු මහලේකම් පවසන පරිදි ජනාධිපතිතුමාට මේ ධූරකාලය අවසන් වනතුරු පොහොට්ටුවේ සහය ප්‍රමාණවත් බවත්, ඉදිරි ජනාධිපතිවරණයකදී මුළු රටේම ජනතාවගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.