"චන්ද්‍රයාන් 3" මෙහෙයුමේ වික්‍රම යානය තුළ රඳවනු ලැබූ “ප්‍රාග්යාන්” නම් කුඩා රෝවර් යානය පිටතට පැමිණ සඳ මතුපිට එහෙ මෙහෙ ගමන් කරමින් ගවේෂණ කටයුතු ආරම්භ කළ බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ .
ඒ අනුව “ප්‍රාග්යාන්” නම් කුඩා රෝවර් යානයට ලබාදී තිබුණු උපදෙස් අනුව සඳ මත ධාවනය කරන විට එහි මතුපිට තිබු ආවාටයකට වැටෙන්න ගොස් බේරුණු බව ඉන්දීය අභ්‍යවකාශ ආයතනය උපුටා දක්වමින් එම වාර්තා මගින් වැඩිදුරටත් සදහන් කරයි.

සඳ මතුපිට වූ ආවාටයක් දුටු විගස වහා යානය නවත්වා එහි ගමන් මඟ වෙනස් කිරීමට විද්‍යාඥයන් අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් ආවාටය ඇති බව නොදැන එම කුඩා රෝවර් යානය දිගටම ධාවනයේ යෙදුන බවත් එම ආවාටය මීටර් 04ක් පමණ පළල එකක් බවද සදහන් කරයි.
“ප්‍රාග්යාන්” නම් කුඩා රෝවර් යානය ධාවනයේදී ලබා ගන්නා ඡායාරූප මේ වනවිට ඉන්දීය විද්‍යාඥයන් අතට ලැබෙමින් පවතින බවත් කුඩා රෝවර් යානය රෝද 06කින් සමන්විත වන අතර සූර්ය බලයෙන් එය පණ ගැන්වෙයි.
වික්‍රම් ලෑන්ඩරයේ සහ “ප්‍රාග්යාන්” නම් කුඩා රෝවර යානයේ මෙහෙයුම දින 14ක් පවතිනු ඇති අතර දින 14 අවසන් වූ පසුව එම ලෑන්ඩරයේ සහ රෝවරයේ බලය අහිමි වනු ඇති බවද ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පෙන්වා දී තිබේ.
එම කුඩා රෝවර් යානයේ මෙහෙවර වන්නේ, චන්ද්‍රයා මතුපිට විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම, අත්හදා බැලීම් මගින් චන්ද්‍රයාගේ භූ විද්‍යාවේ අබිරහස් හදුනා ගැනීම හා එහි සංයුතිය සහ ඉතිහාසය පිළිබඳ අගනා අවබෝධයක් ලබාදීමයි.