Skip to content

කාල තරණයේ නුතන ෆැන්ටසිය- The Peripheral

කාල තරණය කියන්නේ තාමත් මිනිස්සුන්ට සැබෑ කරගත නොහැකි වූ සිහිනයක්. මේ මොහොත වනතුරු කාලය හරහා අතීතයට හෝ අනාගතයට ග

මන් කිරීමට ක්‍රමයක් සොයාගෙන නොමැති වුනත්, ගුවන්යානා සහ චන්ද්‍රිකා වල තිබෙන  ඔරලෝසු, පෘථිවියේ තිබෙන වේගයට වඩා වෙනස් වේගයකින් වැඩ කරන බව අපි හැමෝම දන්නා කාරණාවක්.

කාලය ක්‍රියා කරන ආකාරය ගැන ප්‍රබලම අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ ඇල්බට් අයින්ස්ටයින්. ඒ වසර 100කට විතර කලින්. අයින්ස්ටයින් එය හඳුන්වා තිබෙන්නේ සාපේක්ෂතාවාදය ලෙසයි. සාපේක්ෂතාවාදය කියන්නේ කාලය සහ අවකාශය එකට සම්බන්ධ වී ඇති බවයි. අයින්ස්ටයින් පවසා තිබෙන්නේ අපි ජීවත්වෙන විශ්වයට වේග සීමාවක් ඇති බවයි. තව පැහැදිලි වෙන්න කියනවනම් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් කිසිවකට ගමන් කළ නොහැකි බවයි. (තත්පරයට මීටර් 299,792,458)

නමුත් තත්පරයකට වඩා වේගයෙන් ගමන් කර කාල තරණය කරන සිදුවීම්, චිත්‍රපටි වල  වගේම විද්‍යා ප්‍රබන්ධ පොත්වලත් විවිධාකාරයෙන් සටහන් වෙලා තියනවා. හැබැයි එතැනදී සිද්දවෙන්නේ තමන් ජීවත්වෙන පර්යන්තයෙන් ඉවත් වෙලා වෙනත් කාල පර්යන්තයකට ඇතුල් වෙන එක.

නිකමට හිතන්න, අපි මේ මොහොතේ ඉන්න තැන ඉන්න ගමන් වෙන පර්යන්තයකට ඇතුල්වෙලා, ඒ යථාර්ථයයේම ජිවත් වෙනවා වගේ හැඟීමක් විඳින්න ලැබුනොත් ඒක මොන වගේ අත්දැකීමක් වෙයිද?

The Peripheral කියන්නෙ අන්න ඒ වගේ සිද්ධාන්තයක් අලලා හැදුන විද්‍යා ප්‍රබන්ධයක්. රුපවාහිණි කතා මාලාවක්.

මෙය විද්‍යා ප්‍රබන්ධ මාලාවක් වන අතර අධ්‍යක්ෂණය කර ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ රැසක්  නිර්මාණය කර ඇති Vincenzo Natali විසින්. Flynne ගේ චරිතයට පණ පොවන Chloë Grace Moretz සහ Wilf ගේ චරිතයට පණ පොවන Jack Reynor වැනි නළුවන්ගේ කැපී පෙනෙන රංගනයන් සමඟින් කුතුහලය පිරි මෙම කතා මාලාවේ සීසන් දෙකක් මේ වනවිට අන්තර්ජාලයට එක්කොට තිබෙනවා.

කතාවේ සාරාංශය දෙසට හැරුනොත්  කතාව ගලායන වර්ෂය වෙන්නේ 2032. ප්‍රධාන චරිතය වන Flynne කියන්නෙ උදේ හවස වැඩට යන වැඩවලින් හෙම්බත් වෙලා ජීවත් වෙන තරුණියක්. අගේ එකම අභිලාශය තම දෙනෙත් නොපෙනන මව ව සුව කර ගැනීම. Flynne රැකියාව විදිහට කරන්නෙ උසස් ගණයේ පරිගණක ක්‍රීඩා අන්තර්ජාලයට නිකුත් කරන්න කලින් තත්ව පරීක්ෂණට ලක් කිරීම. දිනක් පරික්ෂා කිරීමට ලැබෙන පරිගණක ක්‍රීඩාවක් නිසා Flynneට අනාගතයේ තිබෙන පර්යන්තයකට ඇතුල්වෙලා, ඒ යථාර්ථයයේම ජිවත් වෙන ගමන් ක්‍රීඩාවේ සිදුවන සිදුවීම් පියවි ආකාරයෙන්ම තමන්ටද දැනෙන  ආකාරයේ අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. එම ක්‍රීඩාව ඇතුලේ Flynneට මෙහයවිමට සිදුවන්නේ  AI තාක්ෂණය ඔස්සේ හැදුනු තම සොයුරා වන Wilfගේ රුපයට හාත්පසින්ම සමාන චරිතයක්.

ඔවුන් ක්‍රීඩා කරන කුඩා කැබින් එක ඇතුලේ  ඉන්න ගමන් අවුරුදු 100කට එහා අනාගතයේ තිබෙන  පර්යන්තයකට ඇතුල්වෙලා, යථාර්ථයයේ අත්දැකීම් ලබාගන්න එම ක්‍රීඩාව  Flynneගේ සහ Wilfගේ ඉරණම කෙසේ වෙනස් කරාවිද යන්න දැනගැනීමට මෙම කතා මල්වෙ පලවෙනි සීසන් එක බලන්නම වෙනවා.

Latest