Skip to content

අධ්‍යාපන ලේකම් වරයාගේ නිල මුද්‍රාව පොලීසිය භාරයට

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පංති වලට කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් සිසුවියන් ඇතුළත් කිරීමේ සිද්ධියට අදාළව එම බාලිකාවේ විදුහල්පතිනිය හා අධ්යාපන අමාත්යාංශ අතිරේක ලේකම් හේමන්ත උදයකුමාර ප්රේමතිලක (අධ්යාපන ගුණාත්මක සංවර්ධන හා අධ්යාපන ප්රතිසංස්කරණ) මහතා ලේඛණ 29 ක් මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට බාර දී ඇත.

අතිරේක ලේකම්වරයා විසින් ලබාදුන් ලේඛණ 18 ට අමතරව විදුහල්පතිනිය විසින් තවත් ලේඛණ 11 ක් බාරදුන් බව පොලීසිය පවසයි.

මෙම ලේඛණ උපයෝගි කර ගනිමින් ශාන්ත අන්තෝනි බාලිකාවට ඇතුළත් කර තිබෙන සිසුවියන් 29 නාගේ දෙමව්පියන් ගෙන් පොලීසිය ප්රකාශ ලබා ගැනීමට නියමිතය.

මේ වනවිට සිසුවියන් පස් දෙනෙකු ගේ දෙමව්පියන්ට ප්රකාශ ලබාදීම සඳහා පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

තම නම හා තනතුර අවභාවිත කරමින් කූඨ ලේඛණ සකස් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින්

මහනුවර පොලීසියේ  විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත අධ්යාපන අමාත්යාංශ අතිරේක ලේකම් හේමන්ත උදයකුමාර ප්රේමතිලක මහතා පසුගිය (20) පැමිණිල්ලක් කර තිබිණි.

තම නම හා තනතුර අවභාවිත කරමින් ව්යාජ නිල මුද්රාවක් හා ව්යාජ අත්සනක් යොදා 2018-2020 අතර කාලයේ දී ශාන්ත අන්තෝනි බාලිකාවට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බව ප්රේමතිලක මහතා කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සිසුවියන් පාසලේ 02,03,04,07,08 හා 09 වසර යන පංති වලට ඇතුළත් කර තිබෙන බව විගණන අංශ මගින් කළ විමර්ශනයේ දී හෙළිව තිබිණි.

අදාළ ලේඛණ 18 ද සමඟ තවත් ලේඛණ 11 ක් විදුහල්පතිනිය පොලීසියට බාර දී තිබේ. මෙම පැමිණිලි වලට අදාළව අධිකරණයට පොලීසිය කරුණු වාර්තා කර තිබේ. අධ්යාපන ලේකම්වරයාගේ නිල මුද්රාව පොලීසියට බාරයට ගෙන ඇත.

මෙයට අමතරව වසර 2018-2021 අතර කාලයේ දී විදුහලේ 02,03,04,07,08 හා 09 ශ්රේනි වලට තවත් ළමුන් 180 දෙනෙකු නියමිත නීතිමය ක්රමවේදයට පටහැනිව ඇතුළත් කරගෙන තිබෙන බව විගණන අංශ මගින් මුල් වරට අනාවරණය කිරීමත් සමඟ මධ්යම පළාත් අධ්යාපන අධ්යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව මධ්යම පළාත් අධ්යාපන ලේකම්වරයා වෙත යොමු කර ඇත.

Latest