Skip to content

තහනම් නියෝග ගත්තත් බාධාවක් නැතුවම NPP විරෝධය මැතිවරණ කාර් යාලය ඉදිරිපිටට!

''ජනමතයට  ඉඩ දෙනු  පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු'' යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් අද (08) දින රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලැබුණි.

මැතිවරණ  කොමිසම ඉදිරිපිට සරණ මාවත ඇතුලු මාර් ග කිහිපයකට ඇතුල්වීම වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාදී තිබුණු අවස්ථාවකයි ඔවුන් විසින් මෙලෙස මැතිවරණ කොමිසම ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබුවේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිව වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින්  එම නියෝගය නිකුත් කර තිබුණේ.

විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර් යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් එම නියෝගය නිකුත් කර තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කරන ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ඇතුළු නියෝජිතයින් එම විරෝධයට එක්ව සිටියේය.

මැතිවරණ කොමිසමේ ආරක්ෂාවට  පොලීසිය අනියුක්ත කර තිබුණු අතර අවට ආරක්ෂාව සදහා පොලීසිය, කැරලි මර්දන ඒකකය, විශේෂ කාර්යය බලකාය කැදවා තිබෙනු දක්නට ලැබුණි.

Latest