Skip to content

කොකේන් මමී වලින් හෙළිවන පුරාණ ඊජිප්තු වැසියන්ගේ උතුරු ඇමරිකානු සංචාරය

පුරාණ ඊජිප්තු වාසීන් ගැන මම ඔයාට කියලා දුන්නා මතකද?

ඒ දේවල් ගැන ඔයාට මතක නැති නම් මේ ලිපි ටික කියවලා එන්නකෝ.

සැඟවුණු ශිෂ්ටාචාර ; ඊජිප්තු ශිෂ්ටාචාරයේ විශ්මිත රහස්
පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ විශ්මිත රහස් සොයා යමු පිරමිඩ යනු දිගු කලක් තිස්සේ නැතිවූ දැනුමේ සාක්ෂි ද? නූතන වෛද්‍ය විද්‍යාවට සමාන
සැඟවුණු පුස්තකාලයේ අභිරහස
මා ඔබට පෘථිවියේ වඩාත්ම ආකර්ෂණීය පුරාවිද්‍යාත්මක ස්ථාන වලින් එකක් නම් කරන්න කියා පැවසුවහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? අනුමානයක් නැහැ

මානව ශිෂ්ටාචාරයේ වෙන කාටවත් වඩා ජයග්‍රහණ වලින් පොහොසත් වුන ශිෂ්ටාචාරයක් තමා ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ. එයාලගේ තිබුණ ලිවීමේ කලාව, ඉංජිනේරු තාක්ෂණය වගේම ආධ්‍යාත්මික සංකල්ප මානව පරිණාමයේ පදනමට මූලිකත්වය දුන්නා. ඒ ජයග්‍රහණ අතරින් සාමාන්‍යයෙන් කවුරුත් කතා නොකරන එක ජයග්‍රහණයක් තියෙනවා.

"ඒ තමා සමහර විට ඇමරිකාවට යාත්‍රා කරපු පුරාණම ජන කොට්ටාසය ඊජිප්තු වැසියන් වෙන්න පුලුවන් කියන දේ."

ලෝකය පුරා ඉන්න විද්වතුන්ගේ අවධානය ආකර්ෂණය කරගන්න පුලුවන් වුන මාතෘකාවක් තමයි පුරාණ ශිෂ්ටාචාරවල ජීවත් වුන මිනිසුන්ට තිබුණ නාවික හැකියාව. පහුගිය සියවස පුරාවටම මේ මාතෘකාව සම්බන්ධව අධ්‍යනය කරපු විද්වතුන් හැමෝම වගේ පිළිගන්න එක දෙයක් තියෙනවා. ඒ තමා අතීතයේ තිබුණ මානව ශිෂ්ටාචාර වල ජීවත් වුන මිනිසුන්ට තිබුණ නාවික හැකියාව ගැන පුරාවිද්‍යාඥයින් දීලා තියෙන්නේ අඩු තක්සේරුවක් කියන දේ. තමන් ජීවත් වුන භූමියෙන් ලබා ගන්න බැරි වටිනා ලෝහ, වටිනා පාෂාණ සහ විවිධ ගොඩනැගිලි සැපයුම් සොයා ගන්න පුරාණ වැසියන් සාගර හරහා විශාල දුරක් ගමන් කරලා තියෙනවා. ඒ විදිහට විවිධ ශිෂ්ටාචාර වල, විවිධ සංස්කෘතීන් වල ජීවත් වුන මිනිසුන් සිදු කරපු නවික සංචාර ගැන කතා කරන කොට අපට අමතක කරන්න බැරි ප්‍රශ්නයක් හම්බ වෙනවා.

"ඒ තමයි ඊජිප්තු වැසියන් සාගරය හරහා කොච්චර දුරක් ගියාද කියන එක."

අතීතයේ මුහුදු ගමන් කරපු ශිෂ්ටාචාර අතරින් අපට වැඩි විස්තරයක් දැන ගන්න බැරි ශිෂ්ටාචාරයක් තමයි පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ. තමන්ට ඕනේ කරන අමුද්‍රව්‍ය හොයා ගන්න මධ්‍යධරණී මුහුද දක්වා ඔවුන් නාවික සංචාර කරා කියන එක අපි දැනටමත් දන්න දෙයක්. ග්‍රීක විශාරදයෙක් වුන හෙරොඩියස්ට අනුව නම් ඊජිප්තු වරු මධ්‍යධරණී මුහුදු සීමාවෙන් එහාට ගිහිල්ලා තියෙනවා. ඊජිප්තු දේශ සීමාවේ හොයා ගන්න බැරි වුන අමුද්‍රව්‍ය හොයා ගන්න ඊජිප්තු වැසියන් කළු මුහුද දක්වා ගිහිල්ලා තියෙනවා කියලා තමා එයා කියන්නේ.

හෙරොඩියස්

ඊජිප්තු වැසියන්ගේ නාවික ගමන් පිළිබඳ අපිට විස්තර හම්බෙන තවත් ඓතිහාසික මූලාශ්‍රයක් තමයි අයර්ලන්ත ජනප්‍රවාද කතා. අන්න ඒ එක ජනප්‍රවාද කතාවක තියෙනවා ඊජිප්තු රාජවංශයේ පළමුවැනි රජතුමා එයාගේ මුහුදු සංචාරයක් අතරමගදී මිය ගිහින් තියෙනවා කියලා. ඒ වෙලාවේ ඒ කට්ටිය ඉදලා තියෙන්නේ අයර්ලන්තය පහු කරගෙන යන ගමන්. ඉතින් ඒ රජතුමාගේ දේහය අයර්ලන්තයේ මිහිදන් කරලා තියෙනවලු. මේක සමහර විට අයර්ලන්ත සමාජයේ තියෙන නාගරික පුරාවෘත්තයක් එහෙමත් නැති නම් අර්බන් ලෙජන්ඩ් එකක් වෙන්න පුළුවන්.

An Egyptian Legend in Ireland on JSTOR
Arthur Kingsley Porter, An Egyptian Legend in Ireland, Marburger Jahrbuch für Kunstwissenschaft, 5. Bd. (1929), pp. 25-38

හැබැයි මම ඔයාට කීවොත් ඊජිප්තු වැසියන් අයර්ලන්තයට විතරක් නෙමේ අත්ලාන්තික් සාගරය තරණය කරලා උතුරු ඇමරිකාවට ආවා කියලා ඔයා ඒක පිළිගන්නවාද?

ලෝකයම පිළිගන්න දෙයක් තමා ඇමරිකාවට ලගා වුන පළමුවෙනි යුරෝපීය ජාතිකයින් වෙන්නේ 15 සියවසේදී ක්‍රිස්ටෝපර් කොළම්බස් මෙහෙයවපු ගවේශණයට සහභාගි වුන කණ්ඩායම කියන එක. හැබැයි අපි මේ වෙද්දි දන්නවා නාවික කටයුතු කරපු පුරාණ ජාතීන් එහෙමත් නැති නම් සීෆෙයාරින් නේශන් (Seafaring Nation) කොළම්බස්ගේ කාලයට කලින් උතුරු ඇමරිකාවට ඇවිල්ලා තියෙනවා කියන කාරණාව. එහෙම ආපු කට්ටියක් තමා ලීෆ් එරික්සන්ගේ නායකත්වයෙන් ආපු පුරාණ නෝර්ඩික් ජාතියක් වුන වයිකින්වරු. ඔයාලා වයිකින්ග්ස් කියන ටී.වී සීරීස් එක බැලුව නම් ලීෆ් එරික්සන් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අදහසක් ගන්න පුළුවන්.

ලීෆ් එරික්සන්
Vikings (TV Series 2013–2020) ⭐ 8.5 | Action, Adventure, Drama
44m | A

ඔවුන් ක්‍රිස්තු වර්ශ 1000 විතර උතුරු ඇමරිකාවට ඇවිත් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් කියන ප්‍රදේශයේ කුඩා ජනපද පිහිටවලා තියෙනවා. මේ කොළම්බස් උතුරු ඇමරිකාවට එන්න සියවස් පහකට විතර කලින්. ඒත් මෑතක් වෙනකන්ම මේ කතාව නෝර්ඩික් ජනතාව අතර තිබ්බ මිත්‍යා කතාවක් එහෙමත් නැති නම් විශ්වාස කරන්න බැරි ප්‍රබන්ධයක් විදිහට තමා සැලකුවේ. හැබැයි මේ ළගදි නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රදේශයේ කරපු කැණීම් වලින් හම්බුන දිග ගෙවල්, උපකරණ සහ ආයුධ වගේ පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් මේ ගැන ඔප්පු වුනා.

New Dating Method Shows Vikings Occupied Newfoundland in 1021 C.E.
Tree ring evidence of an ancient solar storm enables scientists to pinpoint the exact year of Norse settlement

අපි හැමෝම දන්නවා ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ නයිල් ගඟ අවට තිබුණ සාරවත් නිම්නය මූලික කරගෙන ගොඩ නැගුණ සමෘද්ධිමත් ශිෂ්ටාචාරයක් කියලා. ඒත් කවදාවත් ඊජිප්තු වැසියන් අසාමාන්‍ය නාවික හැකියාවන් තිබුණ සංස්කෘතියක් විදිහට නම් සලකන්නේ නැහැ. හැබැයි ඊජිප්තු වැසියන් සහ ෆිනීෂියන්වරු ක්‍රිස්තු පූර්ව 600 දී විතර කරපු නාවික ගවේෂණයක් ගැන හොඳින් වාර්තා කරලා තියෙනවා. ඒ අය මධ්‍යධරණී මුහුදට බටහිරින් තිබුණ ජිබ්‍රෝල්ටාර් සමූද්‍ර සන්ධිය හරහා අප්‍රිකාවට ගිහින් ආපහු ඊජිප්තුවට ඇවිල්ලා තියෙනවා. මේ නාවික සංචාරය විශිෂ්ට ජයග්‍රහණයක් වුනත් අත්ලාන්තික් සාගරය තරණය කරනවා කියන එකත් එක්ක ගත්තොත් සාපේක්ෂව ඒක ඇත්තටම පොඩි ජයග්‍රහණයක්.

The Egyptian-Phoenician expedition that circumnavigated Africa more than 2,500 years ago
The fact that the African continent was for the most part an unknown place until the second half of the 19th century does not mean that it did not gather several exploratory missions attempting to unravel its mysteries. And not only in Contemporary Age because the list of them goes back to Antiquity

ඉතින් ඒ කාලයේ නාවික ක්ෂේත්‍රයේ බලගතුම ජාතියක් වුන ෆිනීෂියානුවන්ගේ උදව්වෙන් ඊජිප්තු වැසියන් ඇමරිකාවට ආවා කියන එකට සාක්ෂි නැතිද?

සාක්ෂි තියෙනවා. ඒ බලගතු සාක්ෂිය අපිට හම්බෙන්නේ "කොකේන් මමී" වලින්...

ඔව් ඔව්...

ඒ කොකේන් තමා...

1992 දී ජර්මානු ජාතික විෂ විද්‍යාඥවරියක් ඒ කියන්නේ ටොක්සොලොජිස්ට් (Toxologist) කෙනෙක් වුන ස්වෙට්ලානා බලබනෝවාට හම්බෙනවා කොකේන් අංශු තිබුණ මමීකරණය කරපු ශරීර කිහිපයක්. මේ කොකේන් මමී වලට තියෙන ප්‍රසිද්ධ උදාහරණ වලින් එකක් තමයි ක්‍රිස්තු පූර්ව 1000 දී විතර ජීවත් වුන 21 වන රාජවංශයට අයිති හෙනට් ටාවු ඊජිප්තු පූජකවරියගේ මමිය. දැන් ඔයා හිතනවා ඇති පරණ මමියක තිබිලා මත්ද්‍රව්‍ය හම්බුණ එක මේ හැමදෙයක් එක්කම සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. අනික රාජවංශික ඊජිප්තුවරුනුයි මත්ද්‍රව්‍යයි අතර තිබුණ සමීප සම්බන්ධය කියන්නේ ඉතිහාසය හදාරන හැමෝම දන්න ප්‍රසිද්ධ දෙයක්නේ.

ස්වෙට්ලානා බලබනෝවාට
හෙනට් ටාවු

හැබැයි මෙතනදි වෙනත් මත්ද්‍රව්‍යයක් හම්බ වෙන්නේ නැතුව කොකේන් හම්බුණ නිසා කතාව ටිකක් වැදගත් පාරකට ගෙනි යනවා. මොකද කියනවා නම් කොකේන් හදන්නේ කොකෝවා කියන ශාකයෙන්. කොකෝවා පැළෑටිය අපිට හොයා ගන්න පුළුවන් දකුණු ඇමරිකාවෙන් විතරයි. ඉතින් කොකේන් අංශු ඊජිප්තු මමියක ති‍බුණේ කොහොමද කියන එකට සාධාරණ උත්‍තරයක් ඉතිහාසඥයින් ගාව නැහැ. ඒ විතරක් නෙමේ ජර්මානු ටොක්සොලොජිස්ට්ලා කරපු විශ්ලේෂණ වලින් එයාලට හඳුන ගන්න පුළුවන් වුනේ කොකේන් විතරක් නෙමේ. එයාලට දුම්කොළ වල තියෙන නිකොටීන් පවා හම්බෙලා තියෙනවා. මේක පර්යේෂකයන් පුදුමයට පත් කරපු සොයා ගැනීමක්. මොකද කියනවා නම් කොළම්බස් එයාගේ සංචාරයෙන් පස්සේ තමයි දුම්කොළ යුරෝපයට ගෙනාවේ. ඊට පස්සේ තමයි අප්‍රිකාව පැත්තට දුම්කොළ ගියේ.

Everything You Need to Know About Egypt’s Cocaine Mummies
How did cocaine and nicotine end up in Egyptian mummies?

සමහර විද්වතුන් කියන්නේ පුරාණ ඊජිප්තුව සහ ඇමරිකාව අතර වෙළඳ සම්බන්ධතාවයක් තිබුණා කියන න්‍යාය ඔප්පු කරන්න මේක ප්‍රධාන සාක්ෂියක් කියලා. හැබැයි මේ න්‍යාය එක්ක ගොඩක් අය එකග වෙන්නේ නැහැ. ශාස්ත්‍රීය සාමාජික ප්‍රජාව මේ සොයා ගැනීම විවේචනය කරලා තියෙනවා. එයාලා කියන්නේ මේ අංශු නිර්මාණය වෙලා තියෙන්නේ මමිය දූෂණය වෙලා තියෙන හින්දා එහෙමත් නැති නම් කන්ටැමිනේශන් වෙලා තියෙන හින්දා ඇතිවුන ප්‍රතිඵලයක් නිසා කියලා. තවත් සමහර අය කියනවා මමී වල තිබ්බ අංශු පැරණි ඊජිප්තුවට ආවේණික ශාක වලින් ආපු ඒවා කියලා. හැබැයි මේ වෙද්දි ඒ ශාක වදවෙලා ගිහින් තියෙන නිසා අපිට ඒ ගැන දැනුමක් නැහැ කියලා.

"හැබැයි පැරණි ඊජිප්තු වැසියන් ඇමරිකාවට ගවේශණයක් කරා කියන්න තියෙන එකම සාක්ෂිය කොකේන් මමී විතරක් නෙමේ."

අනිත් සාක්ෂි ගැන බලන්න නම් අපිට 20 වන සියවසේ මුල් කාලයේ ග්‍රෑන්ඩ් කැනියන් ප්‍රදේශයෙන් හමුවුන ඊජිප්තු පුරාවස්තු පිළිබඳ කතාව ගැන දැන ගන්න වෙනවා. 1909 මාර්තු මාසයේදී ෆීනික්ස් ගැසෙට් කියන සඟරාව කුතුහලය අවුස්සන ලිපි දෙකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ ලිපි දෙකෙන් කියන්නේ G.E කින්කේඩ් කියන ගවේශකයා ග්‍රෑන්ඩ් කැනියන් ප්‍රදේශයෙන් විශාල භූගත බලකොටුවක් සොයා ගෙන තියෙනවා කියන කතාව. පළමුවෙනි ලිපියේ තියෙන්නේ කින්කේඩ් කොලරාඩෝ ගඟ දිගේ පහළට කරපු සංචාරය ගැන. හැබැයි ඒ ලිපිය අවසන් වෙන්නේ කින්කේඩ් සොයා ගත්ත පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ද්‍රව්‍ය සහ භූගත බලකොටුවක් ගැන විස්තරයකින්.

G.E කින්කේඩ්

එම සොයා ගැනීම් ගැන විස්තර පැහැදිලි කරන්නේ දෙවනි ලිපියෙන්. මෙන්න මේ ලිපියේ තමා අපිට ඕනේ කතාව තියෙන්නේ. කින්කේඩ් කිව්වේ මේ භූගත බලකොටුවට ස්වදේශිය ඇමරිකානු ජනාවාස වලට කිසිම සමානකමක් තිබුණේ නැහැ කියලා. ඔයාට හිතා ගන්න පුළුවන් නේද කතාව යන දිහාව. එයා කිව්වේ මේ භූගත බලකොටුවේ සමානකම් තියෙන දේවල් අපිට දැක ගන්න පුළුවන් ඊජිප්තුවෙන් විතරයි කියලා. මේ බලකොටුව ගවේශණ කරද්දි එයාට කුතුහලය අවුස්සන ගොඩාක් දේවල් හම්බෙලා තියෙනවා. මමී, වන්දනාමාන කරපු සිද්ධස්ථාන වගේම ඊජිප්තු අක්ෂර එයාට හම්බෙලා තියෙනවා.

හැබැයි එයාට හම්බවුන වඩාත්ම වැදගත් දෙය වුනේ හරස්පාද ඉරියව්වෙන් ඒ කියන්නේ ක්‍රොස්-ලෙග්ඩ් පොසිශන් (Cross-Legged Position) එකෙන් ඉදගෙන හිටපු විශාල පිළිමයක්. මේ පිළිමයේ අත් වල නෙලුම් මල් තිබිලා තියෙනවා. මේ සොයා ගැනීම ඇදහිය නොහැකි තරම් සිත්ගන්නා සුළු දෙයක්. මොකද කියනවා නම් නෙලුම් මල් කියන්නේ පුරාණ ඊජිප්තුවේ අති පූජනීය විදිහට සලකපු මලක්. සමහර පර්යේෂකයන් මේ සොයා ගැනීම සලකන්නේ ග්‍රෑන්ඩ් කැනියන් වල ඊජිප්තු ශිෂ්ටාචාරයේ තිබුණ බලපෑම පිළිබඳ අවිවාදිත සාක්ෂියක් විදිහට.

ඊට පස්සේ මේ ගවේශණයට ස්මිත්සෝනියන් කෞතුකාගාරය සම්බන්ධ වුනා කියලා මේ ලිපිය වාර්තා කරලා තියෙනවා. හැබැයි ඒ ගැන කිසිම සාක්ෂියක් අද වෙද්දි හොයා ගන්න බැහැ. පුදුම වෙන්න එපා. ස්මිත්සෝනියන් කවර් අප් ගැන මම ඔයාට වෙන වෙලාවක කියන්නම්කෝ. ඒ කවර් අප් ගැන අහද්දි ඔයාලට තේරෙයි මේ කවර් අප් එක පොඩි එකක් කියලා. ඉතින් මේ සාක්ෂි නැති කම හින්දා නූතන පර්යේෂකයන් මේක ක්ලික් බේට් එකක් කියලා පැත්තකට දාලා තමයි තියෙන්නේ. අදටත් ප්‍රධාන ධාරාව මේ කතාව සලකන්නේ බොරුවක් විදිහට.

Phoenix Gazette – CNY Artifact Recovery
Posts about Phoenix Gazette written by cnyartifactrecovery

හැබැයි ග්‍රෑන්ඩ් කැනියන් වල තිබුණ ඊජිප්තු බලපෑම ගැන න්‍යාය ඔප්පු කරන්න තියෙන එකම සාක්ෂිය කින්කේඩ්ගේ කතාව විතරක් නෙමේ. කින්කේඩ්ට කලින් හිටපු ගවේශකයෙක්ටත් ග්‍රෑන්ඩ් කැනියන් වල තියෙන මේ භූගත බලකොටුව හම්බ වෙලා තියෙනවා. ජෝන් පවෙල් කියන්නේ ශාස්ත්‍රීය සමාජයේ ඉතා ගෞරවයට පත් වෙලා හිටිපු කෙනෙක්. එයා ග්‍රෑන්ඩ් කැනියන් හරහා තිබුණ ප්‍රදේශයේ ස්වදේශීය ඇමරිකානු ශිෂ්ටාචාරයට අයිති පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයා ගන්න ගවේශණයක් කරලා තියෙනවා. ඒ ගවේශණයේදී එයා සොයා ගත්ත දේවල් පුරාවිද්‍යාත්මක ලෝකය පුදුමයට පත් කරන්න පුළුවන් වුනා විතරක් නෙමේ අවුරුදු 100ක් විතර යනකන් ස්මිත්සෝනියන් කෞතුකාගාරයට ඒ රහස් මහජනතාවගෙන් හංගන් ඉන්න වෙන තැනටත් පත් කෙරුවා.

ජෝන් පවෙල්

ග්‍රෑන්ඩ් කැනියන් වල කොටසක මෙයාට හම්බෙලා තියෙනවා ඊජිප්‍තුවේ රජවරුන්ගේ නිම්නයේ තියෙන පිරමීඩ වලට බොහෝ සෙයින් සමාන වුන පිරමීඩයක්. පවෙල්ගේ මේ ගවේශණයට අරමුදල් දුන්නේ එයා මේ වෙනකොට වැඩ කරපු අභ්‍යන්තර දෙපාර්තමේන්තුව එහෙමත් නැති නම් ඉන්ටීරියර් ඩිපාර්ට්මන්ට් (Interior Department) එක. ඉතින් ඉන්ටීරියර් ඩිපාර්ට්මන්ට් එක පවෙල් ඇතුළු කණ්ඩායමට එක නීතියක් දාලා තිබ්බා. ඒ නීතිය තමයි එයාලා සොයා ගන්න සියලුම සොයා ගැනීම් ගැන විස්තර පළමුව රජයට වාර්තා කරන්න ඕනේ කියන එක. ඉතින් මේ පිරමීඩය ගැන තොරතුරු අවුරුදු 100 කට වඩා මහජනතාවගෙන් සැඟවීලා තියෙන්න හේතුව මේක තමයි. කොහොමහරි අවුරුදු 100කට පස්සේ ස්මිත්සෝනියන් කෞතුකාගරයෙන් මේ ගැන වාර්තාවක් ප්‍රකාශයට පත් කරනවා.

The Legend of the Grand Canyon’s Egyptian Artifacts | See The Southwest
Photo credit: See The Southwest Illustration In March and April 1909, the Phoenix Gazette published two stories about the discovery of a great underground citadel hidden in a cave in the Grand Canyon. The first article in March only mentions explorer G.E. Kinkaid and his explorations down the Colora…

මේ සොයා ගැනීමේදී පවෙල්ට හම්බෙලා තියෙනවා මිනිසා විසින් සාදපු ගුහාවක්. මේ ගුහාවේ තිබිලා තියෙනවා හයිරොග්ලිෆ් එහෙමත් නැති නම් ඊජිප්තු අක්ෂර වින්‍යාසයට අයිති අකුරු. හරියටම පවෙල් මේ සොයා ගැනීම කරලා දශක හතරකට පස්සේ කින්කේඩුත් මේ ගැන සදහන් කරනවා. හැබැයි ඊජිප්තු අකුරු වලටත් වඩා සිත් ඇද ගන්නා සුළු දෙයක් මෙයාටත් හම්බෙලා තියෙනවා. පවෙල්ට සොයාගෙන තියෙනවා දේවාලයක් වගේ ගුහාවක් ඇතුළේ තිබුණ රන් රූපයක්. මේ රූපයේ අත් වල නෙළුම් මල් වගේ මල් ජාතියක් තිබුණා කියලා පවෙල් වාර්තා කරල තියෙනවා. හරියට කින්කේඩ් විස්තර කළා වගේ.

ඉතින් මේකෙන් අදහස් කරන්නේ කොලම්බස්ට ඇමරිකාවට එන්න අවුරුදු දහස් ගාණකට කලින් ඊජිප්තු වැසියන් උතුරු ඇමරිකාවට සංචාරය කරා කියන එකද?

මේ කාරණාව බොහෝ විද්වතුන් පිළිගන්න කැමති නැති දෙයක්. මොකද ඒක එහෙමයි කියලා පිළිගත්තොත් උතුරු ඇමරිකානු ඉතිහාසය නැවතත් ලියන්න වෙනවා. මේ ප්‍රදේශය පිළිබඳ අභිරහස වැඩි වෙන්න තවත් හේතුවක් තියෙනවා. පවෙල් එයාගේ සොයා ගැනීම කරපු ප්‍රදේශය සිවිල් වැසියන්ට ඇතුළු වෙන්න බැරි වෙන්න ඇමරිකානු සන්නද්ධ හමුදා විසින් දැඩි ලෙස ආරක්ෂා කරලා තමයි තියෙන්නේ. ඒ වගේම ග්‍රෑන්ඩ් කැනියන් වල තියෙන මේ කොටසට උඩින් තියෙන අහසේ කිසිම ගුවන් යානයකට පියාසර කරන්න අවසර දීලා නැහැ. ඒ කියන්නේ ඒ ප්‍රදේශය නෝ-ෆ්ලයි සෝන් (No-Fly Zone) එකක්.

The Pyramids of the Grand Canyon, its “Off-Limit” Areas, & Egyptian Relics
In a restricted area of the Grand Canyon there are pyramids & caves full of hieroglyphics and Egyptian relics. Many people do not know about them as this information has been suppressed by the …

ඉතින් මේ හේතු නිසා ග්‍රෑන්ඩ් කැනියන් වල තියෙන මේ සොයා ගැනීම ගැන මහජනතාව දැන ගන්නවාට ඇමරිකානු රජය කැමති නැහැ කියන එක සමහර පර්යේෂකයන් යෝජනා කරලා තියෙනවා. මේ ගැන අධ්‍යයනය කරන අය එකග වෙන එක දෙයක් තියෙනවා. ඒ තමා පවෙල් සහ කින්කේඩ් හොයා ගත්ත මේ දේවල් ස්වදේශික ඇමරිකානුවන් නිර්මාණය කරපු කිසිම දෙයකට සමාන වෙන්නේ නැහැ කියන එක. ඉතින් මෙන්න මේ හේතු නිසා තමා ප්‍රධාන ධාරාවේ රාමුවෙන් එළියේ ඉන්න පර්යේෂකයන් යෝජනා කරන්නේ රාජවංශික ඊජිප්තුවරුන් අවුරුදු දහස් ගණනකට කලින් ග්‍රෑන්ඩ් කැනියන් ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා කියන එක.

අත්ලාන්තික් සාගරය හරහා ගමන් කරපු නාවික සංස්කෘතියක් ඊජිප්තු වැසියන්ට තිබුණා යැයි කියන න්‍යාය තහවුරු කරන්න මම මේ ලිපියේ කියපු පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් වලට පුළුවන්ද?

ස්වදේශික ඇමරිකානුවන් සමඟ වෙළඳාම් කරපු කුඩා ඊජිප්තු ජනපදයක් තිබුණා කියන එක ඇත්තක් වෙන්න පුළුවන්ද?

මාලිමාව වගේ උපකරණ තිබුණේ නැති කාලෙක ඊජිප්තු වැසියන් කිලෝමීටර් 12,000 විතර නාවික සංචාරයක් කරලා ඇමරිකාවේ වෙරළට ළඟා වුනා කියන දේ පිළිගන්න පුළුවන්ද?

මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?

Latest