Skip to content

කරච්චියේ නව බද්ද කරච්චලයක්.

කරච්චිය ප්‍රාදේශීය  සභාව විසින් හදුන්වා දී ඇති නව බදු ක්‍රමයට විරෝධය පළ කරමින් කිලිනොච්චිය පොදු වෙළද පළේ ව්‍යාපාරිකයින් ඉකුත් 23 වෙනිදා විරෝධතාවයක නිරත වී ඇත.

හදුන්වා දී ඇති නව බදු ක්‍රමයට විවිධ ආකාරයෙන් ‍ මෙම ව්‍යපාරිකයින් පසුගිය දින කීපයම තම විරෝධතාවය දක්වා ඇත. නමුත් පිළිතුරක් නොමැති තැන ඔවුන් 23 වෙනිදා තම ව්‍යාපාරික ස්ථාන දමා වර්ජනයක්ද ආරම්භ කළේය. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවක්ද දක්නට ලැබුණි.

අනතුරුව විරෝධතාවයට එක්ව සිටි වෙරළදුන්ගේ නියෝජිතයින්, කිලිනොච්චිය දිසා ලේකම්වරිය,කරච්චිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අතර සාකච්ඡාවක් පවත්වන ලදි.2020 වසරේදී සිදු කර ඇති තක්සේරුවක් අනුව නව බදු ක්‍රමය හදුන්වා දී ඇති බවත්, ඇතැම් ව්‍යාපාරිකයින් මේ වන විටත් එම බදු ක්‍රමයට අනුගත වී ඇති බව කරච්චිය ප්‍රාදේශීය සභා ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ක්ෂණික තීරණයක් ගත නොහැකි බව එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.එය නීතිමය ක්‍රියා මාර්ගයක් වන බැවින් නිසි ක්‍රමවේදයට අනුව අයදුම් කිරීම මගින් පමණක් ගැටළුවට විසදුමක් සෙවිය හැකි බව සාකච්ඡාවට එක්ව සිටි රාජ්‍ය නිලධාරීන් ව්‍යාපාරිකයින්ට පෙන්වා දී ඇත.

Latest