Skip to content

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපති, ආචාර්ය අනුර ඇතුලත්මුදලි

සභාපතිවරයා සිය රාජකාරි කටයුතු ඇරඹීම 

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ ආචාර්ය අනුර ඇතුලත්මුදලි මහතා  සිය ධූරයේ වැඩ භාර ගැනීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන්  මහරගම නාවින්නේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ දී ඊයේ   (02) දින සිදු කෙරිණ.

ඒ මහතා  ජාතික ආර්ථීක ක්‍රම සම්පාදන ක්‍රියාවලිය පිළිබද  රුසියාවේ පැට්රික් ලුලුම්බා විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපධිධාරියෙකු මෙන්ම ඒ සම්බන්ධ පශ්චාත් උපාධිධාරියෙකු ද වෙයි. කොළඔ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂයෙකු වන ඔහු රුසියාව තුළ ශ්‍රී ලාංකීය තේ නාමය ප්‍රවර්ධනය වෙනුවෙන් කැප වී දේශීය ආර්ථිකය නගා සිටුවීමට දායක වූ අයෙක් වන අතර අපනයන සමාගම් රැසක උපදේශකයෙකු, ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කර ඇති අතරම  ආයතන පරිපාලනය පිළිබදව අත්දැකීම් බහුල නිලධාරියෙකු වනු ලබයි. එමෙන්ම ඔහු කොළඔ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ උප සභාපති ලෙස ද 2015 වර්ෂයේ සිට අඛණ්ඩව කටයුතු කරනු ලබයි

එම වැඩ භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේඛ ලේකම් උපේක්ෂා ෂම්මි කුමාරි දෙනාවත්ත , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම් ගීතාමනී කරුණාරත්න , ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන  , ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක නීතීඥ ගයා කාංචන  ඇතුළු  පිරිසක්ද සහභාගී වී සිටියහ.

Latest