Skip to content

නව සංශෝධනයෙන් වැඩ කරන දින ගණන වෙනස් වෙන හැඩ - දරු උපතකදී පියවරුන්ටත් නිවාඩු

කම්කරු නීති වෙනස් කිරීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පතඅදාළව මහජන  ගැනීමේ හත්වන සැසිය අමාත්‍යංශයේදී පැවැත්වුණ අතර එහිදී දැනට  යෝජනාවලට අදාළව අපේක්ෂිත සංශෝධනයන්ගේ සංක්ෂිප්තයක් ද ඉදිරිපත් කෙරුණි.

අදාළ පනත් කෙටුම්පත ලබන මාසයේදී කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කිරීමටයි අමාත්‍යාංශය සැලසුම් අකර ඇත්තේ.

ඒ අනුව දැනට යෝජනා වී ඇති පරිදි සේවයට බදවා ගැනීමේදී හෝ සේවා ස්ථානය තුළ සේවයකු වෙනස් ලෙස සැලකීම වැලැක්වීමට නව පනත් කෙටුම්පත් තුලින් නීතිමය ප්‍රතිපාදන හදුන්වා දීමටයි යෝජනා කර තිබේ.

විශේෂයෙන් නව කම්කරු නීති සංශෝධනය මගින් සේවකයාගේ කැමැත්ත මත වැඩ කරන දින සහ පැය ගණන වෙනස් කිරීමට යෝජනා කර ඇත.

එමෙන්ම පඩිපාලක සභා අඥා පනතේ සහ සාප්පු හා කාර්යාල පනතේ සේවා තත්ත්වයන් හා කොන්දේසි පිළිබද සඳහන් විධි විධාන අතර ඇති විෂමතා ඉවත් කර සෑම සේවයකුටම සමාන නෛතික තත්වයක් ඇති කිරීමටත් බලාපොරොත්තු වන අතර රැකියා ස්ථානයේ සියලු කරදර, හිරිහැර කිරීම් හා ලිංගික හිංසනය වැලැක්වීමට අදාළ නීතිමය ප්‍රතිපාදනද සංශෝධිත කම්කරු පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට නියමිතයි.

නව පනතේ යෝජිත තවත් විශේෂ තත්ත්වයක් ලෙස අර්ධකාලීන රැකියාවල නිරත වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදුන්වා දීමටයි සැලසුම්කර ඇත්තේ. කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීම සදහා දැනට පවතින නෛතික ප්‍රතිපාදන ලිහිල් කිරීම සිදු වනු ඇති.

තවද දරු උපතකදී පීතෘ නිවාඩු සම්බන්ධයෙන්ද නීතිමය ප්‍රතිපාදන ඇතිකිරීමට යෝජනා කර තිබේ.

අතිකාල සේවයේ නිරත ප්‍රමාණය හා ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් ඒකමතික ක්‍රමයක් හදුන්වා දීමට නියමිත අතර වැඩකරන සේවකයින්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබද නීතිමය ප්‍රතිපාදනද මෙම පනත් කෙටුම්පත් ඇතුලත්.

මේ අතර විදේශීය සේවකයෙකු ශ්‍රී ලංකාවේ සේවය කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටියක් හදුන්වා දීම මෙන්ම පුහුණුවන්නන්, ආධුනිකයින්, අධ්‍යාපන ආයතනවල ඉගෙනුම්හී නිරත වන අතරතුර සේවයේ නිරත අයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසීමටද යෝජිතයි.

Latest