Skip to content

කැලණි පාලමේ ඇණ ගලවලා නෑ. පාඩුව ලක්ෂ 60ක් පමණයි - බන්දුල ගුණවර්ධන

කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නොමැති බව ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද (ජූලි 19) පාර්ලිමේන්තුවේ දී  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

"කැලණි පාලමේ ඇණ ගැලවූයේ  යැයි කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක්. පාලමේ ඇඳි වල‌‌ බට සොරකම් කරල තියෙනවා. වැසි ජලය ප්‍රවාහනය කරන PVC බට හොරකම්  කරල තියෙනවා. නව කැළණි  පාලමේ සන්නිවේදන ගොඩනැගිල්ලේ තොරතුරු පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිරව සවිකර තිබූ කොටස් සොරකම් කරල තියෙනවා.  පාලමේ දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් ටික සොරකම් කරල තියනවා.

ජී.අයි බට සොරකම් කිරීමෙන් ලක්ෂ 40 කද වායු සමීකරණ යන්ත්‍ර කොටස්  සොරකම් කිරීමෙන් මිලියන 0.5 කද දර්ශනීය  ආලෝක රටා මවන විදුලි පහන් සොරකම් කිරීමෙන් ලක්ෂ 10 ක පාඩුවක් සිද්ද වෙලා තියෙනවා. මුළු අලාභය ලක්ෂ හැටයි. නව  කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ. ඒ ඇණ ගලවන්න බෑ. ගලවනවානම් විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගම විසින් ගේන්න ඕන. එහෙම නැත්නම් පාලම අනතුරට ලක් වෙනවා. මේක නිකං ඇණගන්න ප්‍රකාශයක්." යැයි අමාත්‍යවරයා විසින් එහිදී  වැඩිදුරටත් සඳහන් කලේය.

Latest