Skip to content

සැඟවුණු පුස්තකාලයේ අභිරහස

මා ඔබට පෘථිවියේ වඩාත්ම ආකර්ෂණීය පුරාවිද්‍යාත්මක ස්ථාන වලින් එකක් නම් කරන්න කියා පැවසුවහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද?

අනුමානයක් නැහැ බහුතරයගේ පිළිතුර වන්නේ ගීසාහි පිරමීඩ සංකීර්ණයයි. මෙම පිරමීඩ සංකීර්ණය නිර්මාණය වෙලා තියෙන ව්‍යුහයේ විශාල ප්‍රමාණය සහ සංකීර්ණ සැලසුම සියවස් ගණනාවක් පුරා විද්වතුන්ගේ සිත් මවිතයට පත් කිරීමට සමත් වී ඇත. ඉතින් මේ පිරමීඩ සංකීර්ණය ගැන තියෙන අභිරහස් අතරින් ප්‍රධාන එකක් වන්නේ මේ පිරමීඩ සංකීර්ණයේ පොළව යට මට්ටමේ තිබෙන්නේ මොනවාද කියන අභිරහසයි.

ගීසාහි පිරමීඩ සංකීර්ණය යට පිහිටි විවිධ භූගත මාර්ග සහ කුටි ගැන සඳහන් කරන ජනප්‍රවාද සහ කටකතා රාශියක් පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාර අධ්‍යයන වාර්තා වලින් අපට සොයා ගැනීමට හැකි වේ. අන්න ඒ කුටි අතරින් එක කුටියක පුරාණ ඊජිප්තුවේ ජීවත්වූ මුල්ම මිනිසුන් කණ්ඩායම විසින් ඉතිරි කරන ලද දැනුමේ විශාල පුස්තකාලයක් ගැන කියවෙන ඊජිප්තු ජනප්‍රවාදය ඉතා රසවත් මාතෘකාවකි. විද්වතුන්ගේ අදහස වෙන්නේ මෙම සැගවුන පුස්තකාලය පුරාණ කාලයේ සිට පැවත එන දැනුම් පද්ධතියකට උරුමකම් කියන බවයි.

ස්පින්ක්ස් ස්මාරකය ඇතුළු ගීසාහි පිරමීඩ සංකීර්ණය 

නමුත්, ඇත්තටම ගීසාහි පිරමීඩ සංකීර්ණය යට එවැනි පුරාණ වාර්තා ශාලාවක් එසේ නැති නම් Hall Of Records පැවතීමට හැකියාවක් තිබේද?

අපි දන්නාවා පුරාණ ඊජිප්තුවේ තිබුණ මේ ශිෂ්ටාචාරය ඉතිහාසයේ තිබුණ තාක්ෂණය ඇතින් වඩාත්ම දියුණු ශිෂ්ටාචාරයක් විදිහට නම් කර ඇති බව. නමුත් පර්යේෂකයන් දිගු කලක් තිස්සේ යෝජනා කරන දෙයක් වන්නේ පුරාණ ඊජිප්තුවරුන්ගේ තාක්ෂණික දියුණුවට සම්ප්‍රදායික පුරාවිද්‍යාඥයින් ලබා දෙන ගෞරවයට වඩා ඉහළ ගෞරවයක් ලැබීමට සුදුසු තාක්ෂණයක් ඔවුන් සතු ව තිබූ බවය. පුරාවිද්‍යාඥයින් ස්ෆින්ක්ස් ස්මාරකය ඇතුළුව ගීසාහි පිරමීඩ සංකීර්ණයේ සිදු කෙරූ පරීක්ෂණ වලින් මෙම පුරාණ ශිෂ්ටාචාරයේ ජීවත්වූ ඉදිකිරීම්කරුවන්ට විශාල දැනුමක් තිබූ බවට යෝජනා කිරීමට හැකි වඩාත් ප්‍රබල සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට හැකි වී ඇත.

නමුත් ඇත්තටම ඔවුන් මෙම දැනුම ලබා ගත්තේ කෙසේද?

පසුගිය ශතවර්ෂ කිහිපය තුළ බොහෝ විද්වතුන්, පර්යේෂකයන් සහ ස්වාධීන චින්තකයින් විසින් විවිධ අවස්ථා වලදී යෝජනා කරන ලද එක් න්‍යායක් වන්නේ පුරාණ රාජවංශයකට අයිති වූ ඊජිප්තුවරුන්ට මෙම ස්ථාන බොහොමයක් උරුම වූ බවයි. ඒ වගේම තවත් අය යෝජනා කරන්නේ මෙම පිරමීඩවල මුල් නිර්මාණකරුවන් පුරාවෘත්තමය ශිෂ්ටාචාරයක් වුන ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය සමඟ සම්බන්ධයක් තිබූ ඉතිහාසයෙන් සැගවී ගිය ශිෂ්ටාචාරයක මිනිසන් බවයි. පර්යේෂකයන් මේ සඳහා සාක්ෂි ඇති බව යෝජනා කිරීම පවා සිදු කර ඇති අතර, ඔවුන් පවසන්නේ එම ශිෂ්ටාචාරය පිළිබද සාක්ෂි ස්පින්ක්ස් ස්මාරකය ඇතුලත පිහිටා ඇති සැගවුන පුස්තකාලයේ ඇති බවයි.

‌මෙම සැගවුන කුටිය වාර්තා ශාලාව එසේ නැති නම් Hall Of Records කියා ඔවුන් විසින් නම් කර ඇත. විවිධ ජනප්‍රවාදවලට අනුව, ඊජිප්තුවේ දෙවිවරුන් අතර ලිවීමට, ඇල්කෙමිවලට සහ ප්‍රඥාවට අධිපති දෙවියා වන තෝත් හට අයිති වූ දැනුමේ පුස්තකාලයක් ගීසාහි පිරමීඩ සංකීර්ණය යට ඇති බවට සදහන් වී ඇත. මෙම පුස්තකාලයේ ඇල්කෙමි, ජ්‍යොතිෂය, ගණිතය, වෛද්‍ය විද්‍යාව සහ මැජික් ඇතුළු බොහෝ ශිල්ප පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම ඔහු විසින් ගබඩා කර ඇති බවට මෙම ජනප්‍රවාදවල පවසයි.

තෝත් දෙවියන්ගේ කැටයමක්

නමුත් ඇත්තටම මේක ජනප්‍රවාදයක් විතරද?

නැතිනම් මේ ගැන තහවුරු කරන්න සාක්ෂි තිබේද?

මෙම සැගවුන දැනුමේ කුටිය වටා තියෙන වඩාත් ජනප්‍රිය න්‍යායන්ගෙන් එකක් අපට අසන්න ලැබෙන්නේ  20 වන සියවසේ ජීවත් වූ Clairvoyant කෙනෙකු වූ එඩ්ගා කේසිගේ පුරෝකථන ඔස්සේය.‌ Clairvoyant ගැන වැඩිදුරටත් කියවන්න මෙම ලිපියට යන්න.‌

CIA රහස් ව්‍යාපෘති 2; ගේට්වේ අත්දැකීම සහ පාරභෞතික හැකියාවන්
අපව අධ්‍යාත්මික ලෝකය හා සම්බන්ධ කිරීමට සමත් කම්පන ජාලයක් (Vibrationa Network) වැනි යම් අභ්‍යන්තර තාක්ෂණයක් වැනි දෙයක් තිබේද? Clairvoyant ඔත්තුකරුවන් පුහුණු කිරීම සම්

කේසි ගැඹුරු මෝහනයකට ගිය අවස්ථාවකදී වසර 10,000 කට පෙර ඇට්ලන්ටිස් මුහුදට යට වීමට පෙර ඊජිප්තුවට ගිය සරණාගතයින පිළිබඳ දර්ශනයක් දුටු බව ඔහු පවසයි. මෙහිදී ඔවුන් ගීසා පිරමීඩ සංකීර්ණය ඉදිකර ඔවුන්ගේ පුරාණ රහස් ස්පින්ක්ස් ස්මාරකය තුල ඇති රහසිගත වාර්තා ශාලාවක තැන්පත් කෙරූ බවට කේසි පවසයි. කේසි තවදුරටත් පවසන්නේ ස්පින්ක්ස් ස්මාරකයේ දකුණු පාදයට යටින්, කොරිඩෝවකට යන රහස් පිවිසුමක් විවර කර ගැනීමෙන් අවසානයේ එය ඔබව සැගවුන කුටියට ගෙන එන බවයි. කේසි සිතුවේ තමා ඇට්ලන්ටිස් හි ජීවත් වූ පුරාණ පූජකයෙකුගේ පුනරුත්පත්තියක් වූ නිසා ඔහුට මේ සියල්ල ඔහුගේ මෝහනය තුලින් දැකගත හැකි වූ බවයි. ග්‍රැහැම් හැන්කොක් සහ රොබට් බවවාල් වැනි කතුවරුන් සහ පර්යේෂකයන් ද මෑත වසරවල ස්ෆින්ක්ස් පිළිමය යට ඇති සැගවුන පුස්තකාලයක් පිළිබඳ අදහස සඳහන් කර ඇත.

එඩ්ගා කේසි
ග්‍රැහැම් හැන්කොක්
රොබට් බවවාල්

නමුත් ගීසා සානුවේ ඇති දැවැන්ත ව්‍යුහ සංකීර්ණයට යටින් පැරණි පුස්තකාලයක් පැවතිය හැකි බවට යෝජනා කිරීමට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේද?

ශතවර්ෂ ගණනාවක් පුරා විද්වතුන් සහ ගවේෂකයන් ස්පින්ක්ස් ස්මාරකය තුළ පිහිටා ඇති විවිධ මාර්ග, උමං මාර්ග සහ කුටි පිළිබඳව දැනුවත් වී ඇත. සමහර ඒවායේ සම්භවයන් පිළිබදව දන්නා අතර අනෙක් ඒවායේ සම්භවයන් විවිධ ග්‍රන්ථවල කෘතීන් මගින් ගොඩනගා ගත් උපකල්පන පමණි. කේසිගේ දර්ශනයෙන් පසු, විවිධ පර්යේෂකයන් මෙම නැතිවූ වාර්තා ශාලාව සොයා ගොස් ඇත.

මෙය ඇමරිකානු පර්යේෂකයන් කිහිප දෙනෙකුට දියුණු ඩ්‍රිල් තාක්ෂණයක් යොදා ගෙන ස්පින්ක්ස් ස්මාරකයේ පාදයක් විදීම සඳහා ඊජිප්තු බලධාරීන්ගෙන් අවසර පත්‍රයක් ලබා ගැනීමට පවා පෙලඹුණි. මෙය නූතන පුරාවිද්‍යාඥයින් භීතියට පත් කළත්, ඇමරිකානු කණ්ඩායම පාදය මීටර් හතක් ඇතුළට විදීමට තීරණය කළේය. කෙසේ වෙතත්, ඔවුන් හට කිසි විටෙකත් කිසිදු උමගක් හමු නොවූ අතර, මෙම අත්හදා බැලීම තරමක් මතභේදාත්මක සිදුවීමක් බවට පත් විය.

කෙසේ වෙතත්, මෙය සැගවුන වාර්තා ශාලාව සෙවීමේ ආරම්භය පමණි.පසුකාලීන පර්යේෂකයන්ට ඇත්ත වශයෙන්ම ස්පින්ක්ස් ස්මාරකය යට යමක් තිබිය හැකි බව අඟවන බලගතු සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට හැකි විය. භූ භෞතික (Geophysical) සමීක්ෂණ වලදී, ඇමරිකානු සහ ජපන් පුරාවිද්‍යා කණ්ඩායම් විසින් ස්පින්ක්ස් ස්මාරකයට යටින් ඇති හුණුගල්වල විවිධ හිස් තැන් සොයා ගන්නා ලදී..එමෙන්ම පුරාවිද්‍යාඥයින් විසින් ස්පින්ක්ස්ගේ ස්මාරකය තුළ අභ්‍යන්තර කුටිවලට කුඩා පිවිසුම් දෙකක් ද සොයා ගන්නා ලදී. ස්මාරකයේ පිටුපස ඇති වලිගයට යටින් එක් පිවිසුමක් සොයා ගත හැකි අතර තවත් එක් පිවිසුමක් ස්ෆින්ක්ස් ස්මාරකයේ ඉහළ කොටසේ පිහිටා ඇත. එහෙත්, මේ සියල්ලෙන් වඩාත්ම සිත් ඇදගන්නා සුළු දෙය වන්නේ ස්පින්ක්ස් ස්මාරකයේ ඉදිරිපස වම් පාදයට යටින් පිහිටා ඇති දොරටුවයි.

ඔහුගේ මෝහනයේදී කේසි දුටුවේ මෙය විය හැකිද?

ඔහුගේ මෝහනයේදී දකුණ පාදය ලෙස වැරදීමකින් වම් පාදය දකින්න ඇතිද?

මුල් භූ භෞතික සමීක්ෂණ වලදී ස්පින්ක්ස්ගේ වම් පාදය, ඇත්ත වශයෙන්ම, භූගත කුහරවල (Underground Cavities) විවිධ සලකුණු පෙන්නුම් කළේය. ගීසා පිරමීඩ සංකීර්ණය යට පැරණි උමං පද්ධති ඇති බව සමහර පර්යේෂකයන් විශ්වාස කිරීමට හේතුව මෙය විය.

‌ස්පින්ක්ස් ස්මාරකයේ වම් පාදයට යටින් ඇති පිවිසුම ජනප්‍රවාදමය වාර්තා ශාලාවට මඟ පෙන්වන එක් මාර්ගයක් විය හැකිද?

කාලයාගේ ඇවෑමෙන් මෙම කුහර ස්වභාවිකව නිර්මාණය වූ කුහර බවට හදුනාගත් අතර ඉන්පසු, ඊජිප්තු විද්‍යාඥයින් (Egyptologist) යම්කිසි උමගක් ස්ෆින්ක්ස් ස්මාරකයේ වම් පාදයට යටින් සැඟවී තිබෙන බවට ඇති අදහස අත්හැරියේය. ස්ෆින්ක්ස් ස්මාරකයේ ඇති ව්‍යූහයක් සෙවීමේ පරීක්ෂණ වල සිදුවූ මෙම හදිසි අවසානය නිසා, විවිධ ස්වාධීන පර්යේෂකයන් ඊජිප්තු විද්‍යාඥයින් ප්‍රශ්න කිරීම සිදු කර ඇත.

ස්වාධීන පර්යේෂකයන් විශ්වාස කරන්නේ ඊජිප්තු විද්‍යාඥයින් විසින් ස්පින්ක්ස් ස්මාරකය යට විවිධ රහස් මාර්ග සහ උමං මාර්ග ඇති බවට යෝජනා කළ හැකි සාක්ෂි හිතාමතා සඟවා ඇති බවයි. මෙම උමං මාර්ග ඉතා පැරණි බවත්, ඒවා ගවේශණය කිරීමෙන් ඊජිප්තු විද්‍යාඥයින්ට සහ පුරාවිද්‍යාඥයින්ට පුරාණ ඊජිප්තුවේ ඉතිහාසයෙන් බොහෝමයක් නැවත ලිවීමට සිදුවනු ඇති බවත් ඔවුන් තර්ක කරයි. සමහර විද්වතුන් ස්පින්ක්ස් ස්මාරකය යට ඇති උමං මාර්ග සහ මංසන්ධි සෙප් ටෙපි (Zep-Tepi) සංස්කෘතිය විසින් ගොඩනගා ඇති බවට යෝජනා කරයි. සෙප්-ටෙපි යනු නමක් නොව කාලපරිච්ඡේදයකි. එම වචනය "පළමු වරට" යන අර්ථයට පරිවර්තනය වන අතර, එය රාජවංශික ඊජිප්තුවරුන්ට පෙර දුරස්ථ යුගයකට සම්බන්ධ වේ. මෙම කාල පරිච්ඡේදය තුළ, පුරාණ ඊජිප්තුවේ දෙවිවරුන් ජීවත් වූ බව කියනු ලබන අතර, බොහෝ අය අනුමාන කර ඇත්තේ සෙප් ටෙපි සංස්කෘතියට ඇට්ලන්ටිස් සරණාගතයින් සමඟ සම්බන්ධතා ඇති බවයි.

සෙප් ටෙපි සංස්කෘතිය ගැන ඇති කැටයමක්

පුරාණ ඊජිප්තුවේ පැරණිතම ස්ථානවලින් හමු වූ ඉහළ මට්ටමේ විශාල සහ නිරවද්‍ය ගල් නිර්මාණ වලින් පැහැදිලි වන සේප් ටෙපි හි දෙවි රජුන් බොහෝ ආකාරවලින් දියුණු වූ බව ජනප්‍රවාදවල සඳහන් වේ. ඇතැමෙකුට අනුව, ඔවුන් ප්‍රවීණ තාරකා විද්‍යාඥයන්, මුහුදු යාත්‍රාකරුවන් සහ ඉදිකිරීම්කරුවන් වූ අතර ඔවුන් අද අප සතුව ඇති ඕනෑම තාක්ෂණයකට වඩා දියුණු ආකාරයේ තාක්‍ෂණයන් තිබී ඇත. ඔවුන්ගේ මව්බිම සහ ලෝකයේ බොහෝ දේ විනාශ කළ මහා විනාශකාරී ගංවතුරෙන් පසුව, ඔවුන්ගේ සංස්කෘතියෙන් තමන්ට ඉතුරු වූ දේ බේරා ගත යුතු බව ඔවුන්ගේ අරමුණ විය..මේ අනුව, ඔවුන් තම සියලු දැනුම පසු පරම්පරාවන් සඳහා ගබඩා කළ හැකි වන පරිදි ගීසාහි පිරමීඩ සංකීර්ණය යට විශාල පුස්තකාලයක් ඉදි කර ඇත.

ජනප්‍රවාදවල සඳහන් වන්නේ මෙම අතිවිශාල පුස්තකාලයේ මහා ගංවතුරට බොහෝ කලකට පෙර පැවති මානව වර්ගයාගේ දිගු හා සිත් ඇදගන්නාසුළු ඉතිහාසය පිළිබඳ සැබෑ කතාව පවසන පුවරු, ලියවිලි සහ පොත් අඩංගු බවයි. අපගේ පැරණි මුතුන් මිත්තන් ඉතා නිරවද්‍ය ලෙස විශාල ස්ථාන ගොඩනැගූ ආකාරය සහ ඒ සඳහා ඔවුන් භාවිතා කළ මෙවලම් පිළිබඳ තොරතුරු ද මෙහි දී අපට හමුවන බව සදහන් වේ. තවද මෙම පුවරුවල පුරාණ ඉදිකිරීම්කරුවන්ට ලොව පුරා සංචාරය කිරීමට ඉඩ සලසන උපාංග ඇතුළුව මෙම යුගයේ පැවති තාක්ෂණය පිළිබඳ තොරතුරු අඩංගු වී ඇති බව ජනප්‍රවාදවල පවසයි. සමහර ජනප්‍රවාද යෝජනා කරන්නේ තරු දොරටු (Stargates) විවෘත කිරීමටත්, ඒවා මගින් පෘථිවියේ එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට තත්පර කිහිපයකින් ගමන් කිරීමට අවශ්‍යය ශක්තිය නිර්මාණය කර ගැනීමට ඔවුන්ට හැකි වූ බවයි. ඔවුන්ගේ තාක්‍ෂණය සඳහා භාවිතා කරන ලද මෙම ශක්තියේ ප්‍රභවය නිර්මාණය කිරීමට පිරමීඩවල ව්‍යුහාත්මක සැලසුම හේතු වූ බවට සදහන් වේ.

ඇත්ත වශයෙන්ම සෙප්-ටෙපි සංස්කෘතිය හෝ ඇට්ලැන්ටිස් වලින් පැවත එන්නන් හට ස්පින්ක්ස් ස්මාරකය යට ඇති භූගත මාර්ග සහ උමං ඉදි කිරීම සිදු කර ඇතිද?

දැන් නැති වී ගොස් ඇති ඔවුන්ගේ ශිෂ්ටාචාරය සහ ඔවුන්ගේ දියුණුව පිළිබඳ දැනුම පසු පරම්පරාවන් සඳහා ගබඩා කිරීමේ අරමුණින් ඔවුන්ට මෙය සිදු කළාද?

පුරාවෘත්තවල සඳහන් වන්නේ ස්පින්ක්ස් ස්මාරකයේ අභ්‍යන්තරයේ ඇති ගැඹුරුම සහ පැරණිතම කොටස් තුළට ගිය පසු, ගීසාහි මහා පිරමීඩය යට පිහිටි රහසිගත කුටි එකතුවකට කෙලින්ම දිවෙන උමගක් හමු වන බවයි. බොහෝ පර්යේෂකයන් පැරණි සැගවුන වාර්තා ශාලාව එහි පවතින බව යෝජනා කර ඇත්තේ  ස්පින්ක්ස් ස්මාරකයේ යට කිසියම් ආකාරයක පුස්තකාලයක් පවතින බවට නිශ්චිත සාක්ෂි නොමැත. නමුත් ස්පින්ක්ස් ස්මාරකය යට විවිධ උමං මාර්ග සහ සමහර විට කුටි පවා පවතින බවට ඇති පැහැදිලි සාක්ෂි හේතුවෙන් එය තවමත් විවාදයට ලක්ව ඇති අතර, අවසාන නිගමනවලට එළඹීමට පෙර තවත් බොහෝ පුරාවිද්‍යාත්මක විමර්ශනයක් අවශ්‍ය වනු ඇත.

ස්පින්ක්ස් ස්මාරකය යට පැරණි වාර්තා ශාලාවක පැවතීමට ඇති හැකියාව ගැන ඔබ සිතන්නේ කුමක්ද?

එය ගොඩනඟා ඇත්තේ පුරාණ සෙප් ටෙපි සංස්කෘතිය හෝ ඇට්ලන්ටිස් සරණාගතයින් විසින් යැයි ඔබ සිතනවාද?

එසේ නම්, මෙම මහා පුස්තකාලය තුළ සගවා ඇත්තේ කුමන ආකාරයක දැනුම් පද්ධතියක් විය හැකිද?

Latest