Skip to content

ලෙමූරියා මහද්වීපයේ අභිරහස

වසර දහස් ගණනක් තිස්සේ ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරයේ අභිරහසට පුලුවන් වෙලා තියෙනවා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න. ජලයෙන් යට වුන පුරාණ නගරය ගැන මමත් ඔයාට ගොඩක් දේවල් කියලා තියෙනවා.

ඇට්ලන්ටිස් නගරයට අමතර ජලයට යට වෙලා ගියපු තවත් මහද්වීපයක් තියෙනවා කියලා කීවොත් ඔයා ඒක විශ්වාස කරනවාද?

ෆිලිප් ස්ක්ලේටර් කියන්නේ 1858 වර්ශය වෙන කොට විද්‍යාත්මක ප්‍රජාව අතරේ තමාටම කියලා නමක් හදා ගෙන හිටපු සත්ව විද්‍යාඥයෙක්. මෙයාට පුලුවන් වෙලා තියෙනවා සත්ව විශේෂ ව්‍යාප්ත වුන ආකාරය පදනම් කර ගෙන ලෝකය කොටස් හයකට බෙදන්න. පේලිආර්ක්ටික් (Palearctic), ඉතියෝපියන් (Ethiopian), ඉන්දියන් (Indian), ඕස්ට්‍රේලේසියන් (Australasian), නිආර්ක්ටික් (Kneartic) සහ නියෝට්‍රොපිකල් (Neotropical) කියන්නේ ඒ කොටස් හය. ෆිලිප් එයාගේ වර්ගීකරණ පද්ධතිය නිර්මාණය කරන කොට අභිරහසක් මතු වෙලා තියෙනවා.

ෆිලිප් ස්ක්ලේටර්

"ලීමර් (Lemur) කියන සතාගේ පොසිල"

ලීමර් පොසිල හම්බවෙලා තියෙන්නේ දකුණු ඇමරිකාව, ඉන්දියාව, අප්‍රිකාව සහ මැඩගස්කරය කියන ප්‍රදේශ වලින්. මේ ප්‍රදේශ ගොඩබිමෙන් එකිනෙකට සම්බන්ධ වෙලා නැහැ. ලීමර් කියන්නේ පීනන්න බැරි සත්ව කොට්ටාසයක්. ලීමර් පොසිල ගැන පරීක්ෂා කරන කොට ෆිලිප්ට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.

ලීමර් 

ලීමර් කියන සත්ව කොට්ටාසය මේ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වුනේ කොහොමද?

විවිධ ප්‍රදේශවල එකම සත්ව විශේෂය එකවර වර්ධනය වෙන්නේ නැහැ. මේ සම්බන්ධව ෆිලිප්ට රැඩිකල් පිළිතුරක් තිබුණා. ඒ තමයි අතීතයේදී මේ ප්‍රදේශ යා කරමින් ගොඩබිමක් තිබුණා කියන එක. ඒ විතරක් නෙමේ මේ ගොඩබිම ඕස්ට්‍රේලියාවට වඩා විශාල එකක් වෙන්නත් ඕනේ. මේක ටිකක් විතර විශ්වාස කරන්න බැරි අදහසක් වුනාට මේ න්‍යායට පුලුවන් ෆිලිප් මුහුණ දුන්න අභිරහස විසඳන්න. පැහැදිලි කරන්න බැරි ලීමර්ලාගේ ව්‍යාප්තිය විතරක් නෙමෙයි දකුණු ඇමරිකාවේ සහ අප්‍රිකාවේ දකින්නට ලැබෙන වඳුරන් අතර විශාල සමානකමක් තියෙනවා කියන එකත් ෆිලිප් අනාවරණය කර ගත්තා. 1864 වර්ශයේදී එයාගේ න්‍යාය ගැන ආටිකල් එකක් විද්‍යාත්මක සඟරාවක ප්‍රකාශයට පත් කරනවා.

"ඒ ආටිකල් එකේ ස්ලේටර් එයාගේ මහාද්වීපයේ නම විදිහට සඳහන් කරන්නේ ලෙමුරියා කියන නම."

මේ ගොඩබිම් පාලම් සංකල්පය ඒ කියන්නේ ලෑන්ඩ් බ්‍රිජ් කන්සෙප්ට් (Land Bridge Concept) එක ඒ කාලයේ හිටපු විද්‍යාත්මක ප්‍රජාව අතර ජනප්‍රියත්වයට පත් වුනා. මහාද්වීප කාලයකදී සාගරයෙන් ඉහළට මතු වන බවත් තවත් කාලයකදී සාගරයේ පතුළට කිදා බහින බවත් සුප්‍රසිද්ධ භූ විද්‍යාඥයකු සහ ගුරුවරයකු වුන ශ්‍රීමත් චාල්ස් ලයෙල් විශ්වාස කෙරුවා. මේ අදහස් නිසාම ඒ කාලයේ හිටපු විද්‍යාත්මක ප්‍රජාව ෆිලිප් ස්ක්ලේටර්ගේ ආටිකල් එකේ තිබුණ ලෙමූරියා න්‍යාය ග්‍රහණය කර ගත්ත එක පුදුමයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ගොඩක් අයගේ විශ්වාසය වුනේ ලෙමුරියා කියන්නේ ගොඩක් විද්‍යාත්මක අභිරහස් වලට පිළිතුරු විය හැකි බවයි.

ශ්‍රීමත් චාල්ස් ලයෙල්

"ගොඩක් අයගේ අදහස වුනේ ලෙමූරියා කියන්නේ මානව වර්ගයාගේ උපන් ස්ථානය වෙන්න පුලුවන් කියන එක."

1864 වර්ශයේදී ෆිලිප් ස්ක්ලේටර් ලෙමූරියා සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නා. ඒ සිදුවීම වෙලා අවුරුදු 24 කට පස්සේ විඥාණවාදියෙක් සහ විඥාණවාදී සමාජයේ සම-නිර්මාතෘවරිය වුන රුසියානු ජාතික හෙලේනා බ්ලැවැට්ස්කි "ද සීක්‍රට් ඩොක්ට්‍රීන්" කියලා පොතක් ප්‍රකාශයට පත් කරනවා. විඥාණවාදීන් කියන්නේ ආගම, විද්‍යාව සහ දර්ශනය එකට එකතු කරලා හදපු අධ්‍යයනයක් හරහා සත්‍යය සොයා ගෙන ගියපු කණ්ඩායමක්. සියලුම ප්‍රධාන ආගම් එකට එකතු කරන පුරාණ ප්‍රඥාවක් ගැන මේ අය විශ්වාස කෙරුවා. බ්ලැවැට්ස්කිගේ ද සීක්‍රට් ඩොක්ට්‍රීන් පොත මනුෂ්‍යත්වයේ මූලාරම්භය ගැන සාකච්ඡා කරනවා. මිනිසාගේ වර්ධනයේ විවිධ අවධීන් නියෝජනය කරන මූල වර්ග හතක අනුපිළිවෙලක් මේ පොත ගෙනහැර දක්වනවා. අපි දැන් ඉන්නේ පස්වන අදියරේ. ඉස්සරහට එන්න තියෙන්නේ හයවන සහ හත්වන අදියර.

ද සීක්‍රට් ඩොක්ට්‍රීන් 

ද සීක්‍රට් ඩොක්ට්‍රීන් පොත වගේම බ්ලැවට්ස්කිගේ අනුගාමිකයින් ලියපු ලේඛන වලට අනුව භෞතික ශරීරයක් තිබුණේ නැති මිනිසාගේ වර්ධනයේ පළමු අදියර හදුන්වලා තියෙන්නේ ඉතරියල් (Ethereal) කියන නමින්. මිනිසාගේ වර්ධනයේ දෙවන අදියරේ ඉදලා තියෙන්නේ හැඩයක් නැති ඒ කියන්නේ ශේප්ලස් (Shapeless) මනුෂ්‍යයෙක්. ඩයිනෝසරයන්ගේ කාලයේදී තමයි මිනිසාගේ වර්ධනයේ තුන්වන අදියර ගෙවී ගිහින් තියෙන්නේ. තුන්වන අදියරේ මිනිසුන් ජීවත් වෙලා තියෙන්නේ ලෙමූරියා මහද්වීපයේ. විඥාණවාදියෙක් වුන ස්කොට් එලියට්ට අනුව ලෙමෝරියානුවන් කියන්නේ යෝධයෝ ජාතියක්.

ස්කොට් එලියට්

හැබැයි ලෙමෝරියානුවන් ගැන ලියලා තියෙන්නේ බ්ලොන්ට්ස්කි සහ ඇගේ අනුගාමිකයින් විතරක් නෙමෙයි. වසර කිහිපයකට පස්සේ බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයෙක් වුන ජේම්ස් චර්ච්වර්ඩ් මූ කියන නමින් හදුන්වන මහාද්වීපයක් (Continent Of Mu) ගැන පොත් සීරිස් එකක් ලියනවා. මේ පොත් සීරිස් එකේ තියෙන්නේ ලෙමුරියා මහද්වීපය ගැන. ජේම්ස් චර්ච්වර්ඩ්ගේ පොත ලියලා තියෙන්නේ පුරාණ ඉන්දියානු සාහිත්‍යයේ තියෙන පාඨ (Texts) වල පරිවර්තනයක් පදනම් කරගෙන. විනාශයට පත් වෙලා ගියපු මිලියන 60 ක ජනතාවක් ජීවත් වුන පුරාණ ශිෂ්ටාචාරයක් ගැන මේ පාඨ වල විස්තර කරලා තියෙනවා.

ජේම්ස් චර්ච්වර්ඩ්

බ්ලැවට්ස්කි කියන විදිහට ලෙමුරියා මහද්වීපය විනාශ වෙලා තියෙන්නේ මහා ගින්නකින්. හරියටම කියනවා නම් ගිනිකඳු පිපිරීමක් නිසා මහාද්වීපය කැඩිලා ගිහින් මුහුදට කිදා බැහැලා තියෙනවා.

ජේම්ස් චර්ච්වර්ඩ් කියන විදිහට ලෙමුරියා මහද්වීපය එහෙමත් නැති නම් මූ මහද්වීපය විනාශ වෙලා තියෙන්නේ එක දවසකින්. ක්ෂණිකව ඇති වුන භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් සහ නතර නොවී ගොඩබිම දෙසට ආපු සුනාමි රාශියක් ඇති කරපු ව්‍යසනයක් නිසා තමයි මේ මහද්වීපය විනාශ වෙලා ගිහින් තියෙන්නේ.

හදිසියේම ඇති වුන ධ්‍රැව මාරුවක් ඒ කියන්නේ පෝලර් ශිෆ්ට් (Polar Shift) එකක් නිසා මේ මහද්වීපය විනාශ වුනා කියලා කියන අදහසකුත් මේ අතර තියෙනවා.

හැබැයි ලෙමුරියා මහද්වීපයේ විනාශය ගැන කියවෙන තවත් කතාවක් තියෙනවා. ඒ කතාවේ කියන විදිහට ලෙමුරියා මහද්වීපය සහ ඇට්ලන්ටිස් මහද්වීපය අතර ඇති වුන න්‍යෂ්ටික යුද්ධයක් නිසා තමයි මේ ශිෂ්ටාචාර විනාශ වෙලා ගිහින් තියෙන්නේ.

මේ යුද්ධය ඇති වෙන්න හේතුව නිර්මාණය කරලා තියෙන්නේ කවුද දන්නවාද?

"අනුනාකිවරු."

අනුනාකිවරු කියන්නේ පුරාණ සුමේරියානුවන්, ඇකේඩියන්වරුන්, ඇසිරියානුවන් සහ බැබිලෝනියන්වරු දේවත්වයෙන් අදහපු ජීවි කොට්ටාසයක්. DNA මැනිපියුලේශන් තාක්ෂණය ඔස්සේ මිනිසුන් නිර්මාණය කරලා, ඒ නිර්මාණය කරපු මිනිසුන් වහලුන් විදිහට තියා ගෙන හිටපු පිටසක්වල ජීවී කොට්ටාසයක් විදිහටත් මේ අනුනාකිවරු සලකනවා. වෙනම ආටිකල් එකකින් මම අනුනාකිවරු ගැන ඔයාට කියලා දෙන්නම්.

අනුනාකිවරු 

ඇට්ලන්ටිස් මහද්වීපයේ ජීවත් වුන මිනිසුන් වසර 200 000 කට වැඩි කාලයක් පෘථිවියේ සාමකාමීව ජීවත් වෙලා තියෙනවා. හැබැයි ඊට පස්සේ අනුනාකිවරු ඇට්ලැන්ටිස් මහද්වීපයේ පාලකයින්ට බලපෑම් කරලා දූෂිත නිළධාරීන් බවට හරවගෙන තියෙනවා. මේ දූෂිත ඇට්ලැන්ටිස් නිළධාරීන්ව හඳුන්වන්නේ බෙලියල්ගේ පුත්‍රයින් කියන නමින්. බෙලියල්ගේ පුත්‍රයින් කියන කණ්ඩායම තමයි වසර 25000 කට විතර කලින් ඇට්ලැන්ටිස් මහද්වීපය සහ ලෙමුරියා මහද්වීපය අතර ගැටුම ආරම්භ කරන්නේ.

ඇට්ලන්ටිස් නිළධාරීන්ගේ අදහස වුනේ ලෝකය පුරා තිබුණ සියලුම ගෝත්‍ර සහ ශිෂ්ටාචාර වල ආධිපත්‍යය ලබා ගන්න ඕනේ කියන එක. හැබැයි ලෙමූරියන්වරුන්ගේ අදහස වුනේ ලෝකය පුරා තිබුණ අනෙක් ගෝත්‍ර සහ ශිෂ්ටාචාර වලට තනිවම වර්ධනය වෙන්න ඉඩ දෙන්න ඕනේ කියන එක. ඒ නිසා අනෙක් ගෝත්‍ර සහ ශිෂ්ටාචාර වලට කරදර කරන්න එපා කියලා ලෙමූරියන්වරු ඇට්ලැන්ටිස් නිළධාරීන්ට නියෝග කරනවා. හැබැයි ඇට්ලන්ටිස් නිළධාරීන් මේ නියෝගය ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේ මහද්වීප දෙක අතර යුද්ධයක් ඇති වෙන්නේ.

ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය කියන්නේ දියුණු තාක්ෂණයක් සහ බලවත් ආයුධ තිබුණ ශිෂ්ටාචාරයක්. ලෙමූරියා ශිෂ්ටාචාරය කියන්නේ ආධ්‍යාත්මය පදනම් කරගෙන ජීවත් වුන මිනිසුන් හිටපු ශිෂ්ටාචාරයක්. මේ යුද්ධය අවසානයේදී ලෙමූරියන්වරු මිලියන හැටක් විතර මිය ගිහින් තියෙනවා. ලෙමූරියන්වරු පොඩි පිරිසක් විතරක් පොළව යට තියෙන නගරයක් විදිහට හදුන්වන අගර්තා නගරයට පලා ගිහින් තියෙනවා. පොළව යට තියෙන අගර්තා නගරය ගැනත් වෙනම ආටිකල් එකකින් මම ඔයාට කියලා දෙන්නම්. මේ යුද්ධයේදී ඇති වුන න්‍යෂ්ටික පිපිරීම් නිසා පෘථිවි අක්ෂය වෙනස් වෙලා ගිහින් ධ්‍රැව මාරුවක් සිද්ධ වෙලා තියෙනවා. ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරයේ විනාශයට ඍජුවම බලපෑමක් එල්ල කරපු ස්වභාවික ව්‍යසනය ඇති වෙලා තියෙන්නෙත් මේ හේතුව නිසා.

ලෙමූරියා මහද්වීපය ගැන තවත් කතාවක් තියෙනවා. මේ කතාව අපට හම්බවෙන්නේ පුරාණ පෙරදිග ශිෂ්ටාචාරයෙන්. දකුණු ඉන්දියාවේ ආදිවාසී දෙමළ ජනතාව අතර තියෙනවා නැති වී ගියපු මහද්වීපයක් ගැන කතාවක්. මේ මහද්වීපයේ නම කුමාරි කන්දම්. පාණ්ඩියන් රජවරුන් කියලා හදුන්වපු මුල් දෙමළ රාජවංශයක් තමයි කුමාරි කන්දම් මහද්වීපය පාලනය කරලා තියෙන්නේ. පුරාවෘත්තයට අනුව මේ මහද්වීපය තිබිලා තියෙන්නේ ඉන්දියානු සාගරයේ ඉන්දියාව සහ මැඩගස්කරය අතර කොටසේ. ඒ විතරක් නෙමේ අවසන් අයිස් යුගය අවසානයේදි තමයි මේ මහද්වීපය මුහුදට යට වෙලා තියෙන්නේ.

"පුරාණ ඉන්දියානු රාජවංශයේ පළමුවැනි රජු විදිහට හදුන්වන මහා සම්මත මනු කියන්නේ ලෙමුරියා මහද්වීපය පාලනය කරපු පාණ්ඩියන් රජවරුන්ගෙන් පැවත ගෙන කෙනෙක් කියලා තමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි මම විශ්වාස කරන්නේ මහා සම්මත මනු කියන්නේ ඇට්ලැන්ටිස් වලින් ඉන්දියාවට ආපු ගුරුවරයෙක් කියන එක."

කුමාරි කන්දම් කියන්නේ දකුණු ඉන්දියාවේ ආදිවාසී දෙමළ ජනතාව අතර තියෙන ජනප්‍රවාදයක්ද?

එහෙමත් නැති නම් සත්‍යය ඉතිහාස කතාවක්ද?

Did the Lost Continent of Lemuria Ever Exist?
Scientists once thought it was a land bridge between Asia and Africa. Occultists saw it as a place where gigantic humans lived who were once hermaphroditic and laid eggs. Yep, it’s got a colorful story.
Lemuria - Wikipedia
The Fabled Lost Continent Of Lemuria Was Debunked, Then Scientists Found Evidence
Not only is it more interesting than Atlantis — it may have actually been real.

Latest